Friday, December 3, 2010

මානව පරිණාමය පිලිබද ඌරු වාදය

පරිසරයේ වෙසෙන කිසියම් ජීවී ගහනයක් සැලකූ විට එය කාලය සමග වෙනස් වී යාම පරිණාමය ලෙස හැදින්වේ..පරිණාමය සිදුවී ඇති පිලිවෙල පහදා දීම සදහා විවිධ මත ඉදිරිපත් වී ඇත. මෙවා පරිණාම වාද ලෙස හැදින්වේ.එවැනි වාද කිහිපයක් පහත දැක්වේ


ලැමාර්ක්ගේ පරිණාම වාදය

මොහුගේ මතයට අනුව පරිචිත ලක්ෂණ ඉදිරි පරම්පරාවලට ආවේණිගත වීමයි. මෙම මතය දැන් පිලිගන්නේ නැත.


ඩාවින්ගේ පරිණාම වාදය

චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදයට අනුව පරිණාමයට හේතුව වන්නේ ස්වාභාවික වරණය මගින් තේරුනු ජීවින් සතුව ඇති ප්‍රභේදන ඉදිරි පරම්පරා වෙතට ආවේණිගත වීමයි


සරදියෙල් Google හි දුටු මානව පරිණාමය පිලිබද ඌරු වාදය





මෙය පිලිබද දැනටමත් මහචාර්්‍යවරැ විසින් පරීක්ෂණ ආරම්භ කොට තිබේ

Thursday, December 2, 2010

මිහිපිට අපායේ (සිරගෙදර) අත්දැකීම් 2 වන ලිපිය

මුලින් ම මම කියන්න ඔනේ මම මේ ලිපිය ලියන්නේ කිසිදු දේශපාලනික අරමුණක් ඉටු කරගනීම ට නොවේ

 කට්ටියට මතකද මම ලියපු මිහිපිට අපායේ (සිරගෙදර) අත්දැකීම් ලිපිය... 

මට අද උදේ youtube පැත්තේ කැරකි කැරකි ඉද්දි.. අපේ නන්දා මාලනී මහත්මිය සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ගායනා කරපු ගීතයක් මගේ කනට වැටුනා... මම ලියපු ලිපිය ඇත්ත කියලා කට්ටියට තේරෙයි මේ ගීතය අහුවාට පස්සේ....


සීතල පොලොවම සිරි යහනක් වේවා
ගෝනි පඩංගුව මුදු පලසක් වේවා
ජේලර් මහතුන් නෑදැයෝ වේවා 
තැටියේ බත් පත දිවබොජුනක් වේවා....

මේ පේලි ටික ඇති හිරේ කොච්චර ජරා තැනක් ද කියලා කියන්න....
ජීවිතේටවත් ඔය අපායට යන්න හිතන්න එපා...

Sunday, November 28, 2010

මධ්‍යසාර ඒ මොනවද ? අරක්කු ද? එහෙනම් කියවලා බලමු

කට්ටිය කරටි කැඩෙන්න ගැහුවාට සරදියෙල් දන්නවා ගොඩක් අය ඇල්කොහොල හා එහි කායික බලපෑම ගැන වැඩිය අවධානයක් යොමු කරන්නේ නෑ කියලා...
ඉතින් සරදියෙල් පොර වගේ කියන්න යන්නේ  කෙමිස්ට්‍රි පන්තියේ ඉගෙනගත්ත එවා ටිකක්

ඔක හදන විදිය කියනවා නම්..
saccharomyces cerevisiae (යීස්ට්)  කිසියම් සීනිමය උපස්තරයක් මත ඒ කිව්වේ පැනිරස දියරයක් කියමු කෝ මේ උපස්තරය මත ක්‍රියා කිරීම තුලින් මධ්‍යසාර  (එතනොල්) නිපදවේ
පොඩි එකා : අඩෝ සරදියල් බොරු කියන්න එපා ඩෝ!!! 
සරදියෙල් : අඩෝ පොඩි එකා මැදට පැනලා දෙන්නෙ නැතුවා මේක අහගෙන ඉන්න බැරි නම් ගියාට කමක් නෑ

රා හදන්නේ  ඔය තල් පොල් වගේ ගස් වල ප්ලොයමීය යුශ (තෙලිජ්ජ/ මීරා)වල සුක්‍රෝස් කියන සීනි තියනවා ඔය සීනි උඩ (යීස්ට්) ක්‍රියා කරලා එතනොල් (රා) හදනවා. මෙක නිර්වායුක ක්‍රියාවලියක්

C6H12O6  -----යීස්ට්-----------> C2H5OH +CO2
ග්ලුකෝස්-----යීස්ට්-----------> එතනොල්+කාබන් ඩයොක්සයිඩ්

වයින් බියර් ඔක්කොගෙම රසායනික ක්‍රියාවලිය මේක තමා
රා ආසවනයට ලක් කිරීමේන් තමා අරක්කු හදන්නේ


පොඩි එකා : ආ සරා කියයන්න බලන්න ඇයි බියර් තිත්ත කියලා
සරදියෙල් :ආ අහගන්නවා එහෙනම් බියර් හදන්නේ මෙහෙමයි!!!!!
මේකට ගන්නේ බාර්ලි බීජ ඔය බාර්ලි බීඡ 80 පමන උෂ්නත්වයක් උදුනකික් වෙලගන්නවා මෙකට එනම් වියලි බාර්ලි බීජ වලට කියන්නේ " මෝල්ට් " කියලා ඊට පස්සේ මොල්ට් අඹරා වතුර දාලා මික්ස් කරලා " වර්ට් " හදා ගන්නවා ඊට පස්සේ ඔකට මල් වර්ගයක් දානවා එක හන්දා තමා බියර් තිත්ත ඒ මල තමා
humulus lupulus ඊට පස්සේ ඉතින් උඩ ක්‍රියාවලිය ම තමා සිද්දවෙන්නේ


දෑන් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මෙවා උගුරෙන් පල්ලහාට ගියාම නේ මේවා

  • ඔ්‍ෂධ වර්ග වගේ ආමාශයේදි වැඩි ප්‍රමාණයක් ද අනෙක් කොටස අන්ත්‍රයේදීද අවශොෂණය වේ
  • සෝඩා වගේ කාබනීකෘත බීම සමග ගත්තම අවශොෂණ සීග්‍රතාව වැඩි වේ
  • ආමාශයේ කෑම තිබොත් අවශොෂණය පමා වේ
  • ජලය වැඩි පටක වලට මධ්‍යසාර විසරණය වීම වැඩිය
  • අවශොෂණයෙන් වහාම සුළු ප්‍රමාණයක් 10 % පෙනහලු දහඩිය මූත්‍රා මගින් පිටවේ
  • ඉතිරි 90 % පරිවෘත්තියට භාජනය වේ
  • සාමාන්‍ය මිනිසෙකුට පැයක කාලයකදි පරිවෘත්තියට භාජනය කරන්න පුලුවන් උපරිම සීමාවක් ඇත ඊට වඩා වැඩි වන ඇල්කොහොල්  මගින් ස්නායු හා අනුමස්තිෂ්කයේ ක්‍රියාකාරීත්වය අඩපණ කර මත් ගතිය ඇති කරයි
ශරීරයට හානි වෙන්නේ මෙහෙමයි

  • තනුක නොකල( අමුවෙන් )  පානයෙන් ආහාර මාර්ගයේ පටක හානි වීමේන් පස්සේ කාලේකදි පිලිකා තත්ව ඇති වේ
  • මොලය හා ස්නායු පද්ධතියට හානි වීමේන් තියෙන අබාධ තත්ව ස්ථාවර වේ
  • අකල් මරණ පවා ඇති වේ
මේ අනුව සරදියෙල් ට කියන්න තියෙන්නේ ඇල්කොහොල සාමාන්‍ය පානයක් ලෙස භාවිතා කිරීම යොග්‍ය නොවන බවයි





Friday, November 26, 2010

ලොවෙත් නැති කවි

ලොවෙන් ජනිතයන් ලොවෙත්නැති වැඩ කරන විට
දකින මාගේ දෑස කකියන විට
යතුරු ලියනයෙ යතුරු එබෙන විට
මගේ පරිජනයන් වැඩිවෙයි සැම විට

දැන් අදහන්නේ Facebook
රූප නරඔන්න් YouTube වලය
mobitel ස්පොන්සර් කරන්නේ Social ටය
මහරජා ට මල පැන්න දවසට ඔක්කොම Blog වලය


අන්තරෙ ට නිදහස් අධ්‍යාපනය ලු
S.B ට පුද්ගලික විශ්ව විද්‍යාල ලු
මහරජා ට ආස්චර්යය ලු
පුංචි අපිට මෙවා තේරෙන්නෙ නෑ ලු

ජීවිතයට ඉඩදෙමු කියා බණ නොදෙමු
අපි නිතරම හොද කරමු
සතා සිවුපාවා සුරකිමු
මගේ බ්ලොගය like කරමු(කරනු)

මේ එක නෙවේ හොදට අහගන්න
දන්න දන්න අයට මේ ගැන කියන්න
මගෙ අත කට අස සෙලවෙන්න
හෙටත් අයෙමත් මෙතැනට එන්න


මේවා original සරදියෙල් කවි හොදේ
දාමු බලන්න හොද කවි කොමෙන්ට් එකක්

Wednesday, November 24, 2010

සිරිසේන සහ අඩි 6 කැරපොත්තා

සරදියෙල් අද ඔයගොල්ලොන්ට කියන්න යන ලොවෙත් නැති කතාව තමා සිරිසේන නගේ කතාව. ඔය සිරිසෙනයත් රත්නේ වගේම තමා කරටිකැඩෙන්න බොනවා .. හැමදාම බොතලයක් හරි බගයක් හරි ගහනවා මයි. ඔන්න දවසක් මිනිහා බොතලේම වගේ ගහලා ,තව අඩියක් විතර ඉතුරුවෙලා තියෙද්දි මිනිහගේ ඉස්සරහට ලොකු අඩි 6 ක විතර කැරපොත්තෙක් ඇවිල්ලා මිනිහාගෙ කනට ගැහුවාලු. ගහපු ගමන් කැරපොත්තා අතුරුදහන් වෙනවා ලු
ඊලග දවසේ මිනිහා බාගයක් ගහද්දි ,අයෙත් අර අඩි 6 කැරපොත්තා ආවලු , ඇවිල්ලා බඩට ගැහුවාලු
, මිනිහාට මෙක මර ප්‍රශ්නයක් ලු ,දැන් ඊලග දවසේ කෝප්පයක් විතරක් ගැහුවාලු, එතකොටත් ඊයේ සිද්ධියම ලු. මිනිහා ගේ එහාගෙදර ඉන්නේ මානසික වෛද්‍යවරයෙක්, ඉතින් මෙකට විසදුමක් ගන්න කියලා මිනිහා වෛද්‍යවරයගේ ගෙදරට ගියාලු,  ගිය ගමන් ම ඉතින් විස්තරේ කියන්නත් බෑ නේ, ඉතින් ආගිය තොරතුරු කතා කරාලු.. ඔය අතරේ සිරිසෙන වෛද්‍යවරයට කිව්වා ලු," මට මාර ප්‍රශ්නයක් තියනවා "කියලා අඩි 6 කරපොත්තා ගැන කිව්ව ලු,

එතකොට වෛද්‍යවරයා කිව්වා ලු.. ඔව් ඔව් මේ පැත්තේ ලොකු සතෙක් කැරකෙනවා තමයි, මමත් දැකලා තියනවා ,එක නේමේ සිරිසෙන මොකක් ද ඔයාට තියනවා කිව්ව ප්‍රශ්නේ කියන්න බලන්න කිව්වා ලු

ලොවෙහික් හික් ත් නෑ

මසුරාගේ මුදල් ( විහිලු කතාව )

අද සරදියෙල් කියන්න යන්නේ පිටරට වෙචච කතාවක්, ඔන්න එකමත් එක කාලෙක හිටියාලු මිනිහෙක්, එයා මුලු ජීවිතකාලෙම කලේ මුදල් හම්භ කරපු එක ලු , මුදල් කිව්වොත් ඉතින් මිනිහා මර පෙරෙතයෙක් ලු, මිනිහට ඉතින් සල්ලි දෙයියන් ගේ මල්ලි තමා , මොකෙක් ට වත් උදව් කරන්නේත් නෑ
මිනිහා මැරෙන්න යද්දි මිනිහා එයාගේ බිරිදට කතා කරලා මෙහෙම කිව්වා ලු. "මගේ අන්තිම කැමැත්ත තමා මම මැරුනම මගෙ සල්ලි ඔක්කොම මගේ මිනීපෙට්ටියට දාන්න . මම මැරුනම එවා මගෙත් එක්කම තියන එක තමා සතුට" කියලා මේ මසුරු මිනිහා කිව්වා ලු ,ඔන්න ඉතින් බිරිදත් මෙකට කැමති උනා ලු අන්තිම කැමැත්ත නේ , ඔන්න ඉතින් මිනිහා මැරුනා ලු , අවමංගල්‍ය දවසෙ මිනියට එහාපත්තේ බිරිදයි , බිරිදගේ හොදම යාලුවයි ඉන්නවා ලු ,ඔන්න ඉතින් අවමංගල්‍ය අධ්‍යක්ෂකලා මිනිය වහන්න යද්දි බිරිද පෙට්ටියක් ගෙනල්ලා මිනී පෙට්ටියට දැම්ම ලු ,
මෙක බලාගෙන හිටපු බිරිදගේ යාලුවා ඇහුවා ලු  "මම හිතන්නේ නෑ ඔයා සල්ලි ඔක්කොම මෙකට දැම්මා කියලා" එතකොට බිරිද කිව්වා ලු "මම හොදට ආගම දහම අදහනවා මේ මනුස්සයාගේ අන්තිම කැමත්ත නේ සල්ලි ඔක්කොම එයාගේ මිනීපෙට්ටියට දාන එක  ඉතින් මම ඔක්කොම සල්ලි මගේ ගිනුමට දාගෙන මම චෙක් කොලයක් පෙට්ටියෙ දැම්මා, එයා චෙක් කොලෙන් ඔන වෙලාවට එයාට සල්ලි ගන්න පුලුවන් නේ" කියලා හිනා උනා

Tuesday, November 23, 2010

රත්නේ සහ ( ABSOLUT VODKA) වොඩ්කා බොතලේ

ඔන්න ඒ කාලේ සරදියෙල් ගෙ ගමේ හිටියලු රත්නේ කියලා කිසිම දෙයක් ගැන හෙවිල්ලක්  බැලිල්ලක් නැතිව වැඩ කරන මනුස්සයෙක්
මිනිහට ඉතින් පිටරටින් කිව්වොත් ඔන දෙයක් රත්තරන්..
 හිස් මුදුනෙන් ම භාර ගන්නවා
රත්නේ මතට පොඩ්ඩක් විතර ලොල් වෙලා හිටියේ
 ගමේ පෙරන කසිප්පුත් හිටු කියලා ගසනවා ...
සමහර දවස් වල ඉතින් රත්නේ ගෙ කරටිත් නෑ ඉතින් බීලා..
 රුසියාවේ ඉදන් ලංකාවේ පරවල් හදන්න මහත්තයෙක් ආව   ඉතින් ඔය මහත්තයා නැවතිලා හිටියේ ඔය රත්නේ කියන මනුස්සයගෙ ගෙදර..
රුසියන් කාරයෝ හොද බේබද්දෝ කියලා රත්නේ අහලා තිබ්බා . ඒ වගේම මේ රුසියන් මහත්තයා ගේ අතෙත් වොඩ්කා බොතලයක් තිබ්බ
 හැම විනාඩි 5 කට සැරයක් ම මහත්තයා වොඩ්කා බොතලෙන් ටිකක් මහත ස්ට්‍රො එකකින් බොනවා.. ඔන්න දවසක් සරද්යෙල් ආව රත්නේවයි රුසියන් මහත්තයාවයි හම්බෙන්න
 ඉතින් තුන්දෙනා එලියේ මිදුලේ ඇවිදමින් කතා කරකර හිටියා
ඔය වෙලාවේ රුසියන් මහත්තයාට වොඩ්කා බොතලේ ඔනේ උනා.. රුසියන් මහත්තයා රත්නෙට කිව්ව අනේ රත්නේ මගෙ කාමරේ ඇති වොඩ්කා බොතලයක් ස්ට්‍රෝ එකක් දාපු ,එක අරගෙන එනව ද ?කියලා ඉතින් රත්නේ ගියා කාමරේට වොඩ්කා බොතලේ අරගෙන එන්න
 මිනිහාට වොඩ්කා පෙරෙතකමක් ඇවිල්ලා ස්ට්‍රෝ එක අයින් කරලා බොතලේ කටෙ තියගෙන ම උගුරක් දෙකක් බිව්වා
බීපු ගමන් ඉක්මනට රුසියන් මහත්තයා ලගට ගියා
. සරදියෙල් මෙක දැකලා අහුවා ඇයි මහත්තයෝ වොඩ්කා ස්ටෝ එකෙන් බොන්නේ කියලා
රුසියන් මහත්තයා මෙක අහලා මෙහෙම කිව්වා සරදියෙල් මේ වොඩ්කා නෙමේ මට සෙම අමාරුව තියනවා අපේ රටෙ හැමතැනම කෙල ගහන්න බැරි හන්දා මම සෙම ස්ටෝකෙන් බොතලෙට දනවා  එක මට ඉතින් පුරුද්දකට ගිහිල්ලා තියෙන්නේ.. එකයි මම යන යන තැන වොඩ්කා බොතලය අරගෙන යන්නේ කියලා.. මෙක අහපු රත්නේ ලොවෙත් නැති උනා .. එතනම වමනේ කරා.

පිට රට හැම දේම රත්තරන් නෙවේ හොදේ

සරදියෙල් සහ මහආචාර්ය තුමා (විහිලු කතාව)

ඒ කාලේ ,සරදියෙල්ගේ ගෙවල් පැත්තට ආවා  ලංකාවෙ වනාන්තර ගැන පරීක්ෂන කරන  සුදු මහත්තයෙක් රැජින ගේ රටේ ඉදන්..
 ඉතින් ඔය පරීක්ෂන  කරන්න යන්න මග පෙන්නන උනේ සරදියෙල් ට
 ඔය සුදු මහත්තයා හරි බුද්ධිමත් මහත්තයෙක් එයාට උපාධි ගොඩක් තියනවලු ,ඒ මහත්තයාට හොදට සිංහලත් පුලුවන්,
 ඔන්න දවසක් සරදියෙල් සහ මහත්තයා ගියා කැලේ ට,
රෑ බෝ වෙලා හන්දා සුදුමහත්තයාට ගිමන් හරින්න ටෙන්ට් එකක් ලොකු කුඩාරමක් අටෝ ගත්තාලු
ඔය වෙලාවෙ ඉතින් සුඩු මහත්තයා ට මහන්සි හන්දා සුදු මහත්තයා ගියාලු කූඩාරම ට නිදාගන්න
 සරදියෙල් ගියා ලු දර ටිකක් හොයන්න..
සරදියෙල් දර හොයගෙන එන කොට සුදු මහත්තයා හොදටම නිදි ලු
 සරදියෙල් සුදු මහත්තයා ව ඇහරවලා ඉවර වෙලා මෙහෙම ඇහුවාලු
මහත්තයෝ ඔබ තුමා ට අහස දිහා බලුවම මොකද හිතෙන්නේ කියලා

සුදු මහත්තයා ඔනෙ කමින් අහස දිහා බලාගෙන පොඩ්ඩක් හිතුවා ලු..
සරදියෙල් තාරකා ශස්ත්‍රයට අනුව නම් ග්‍රහලොක අනන්ත සංඛ්‍යාවක් තියනවා අපේ ග්‍රහලොකය එතනින් පොඩි වැලි කැටයක් විතරයි
කාලගුණවිද්‍යාත්මකව බලනවා නම් අපිට හෙට සුන්දර දවසක් වෙනවා නිසැකයි.
සරදියෙල් ට නම් මෙවා තේරෙනව ද දන්නෙ නෑ.. කියලා සුදුමහත්තයා උත්තර දුන්නලු
එතකොට සරදියෙල් සුදු මහත්තයා දිහා උපහාසත්මක විදියට බලලා මෙහෙම කිව්වාලු..
මහත්තයෝ මට ඔය ඔබ තුමගේ කාලගුණවිද්‍යාව තරකා ශාස්ත්‍රය තෙරෙන්නේ නෑ..
මම ඔබ තුමාට අහස දිහා බලන්න කිව්වේ ... පෙන්නේ නෑද්ද ඔබ තුමා නිදි අතරේ කව්දෝ ඔබ තුමාගෙ කුඩාරම හොරකන් කරලා එකයි ඔබ තුමාට අහස පෙන්නේ කුඩාරම තිබ්බනම් ඔබ තුමාට අහස පෙන්නේ නෑ නේ කියලා පැත්තකට ගිහිල්ලා සරදියෙල් හිනා උනා ලු

Friday, November 12, 2010

මිහිපිට අපායේ (සිරගෙදර) අත්දැකීම්


සරදියෙල් මේ කියන්න යන්නෙ සරදියෙල් ගේ හොදම යලුවෙක් එයාට හිරේ ගැන කියපු අත්දෑකීමක් ඔයගොල්ලොන්ට කියන්න
 යාලුවගෙ නම කියනවනම් සමන් කියමු කෝ
 ගම නම් නුවර 
5වෙනි සිකුරාදා දීපවලි දවසේ සමන් මල්ලි ගියා එයාගෙ අන්ඩුරන අයියා කෙනෙක් හම්භ වෙන්න ගියා
 ඒ ගියේ සමන් මල්ලිගේ රස්සාවෙ ලියකියවිලි ටිකක් භාර දෙන්න 
ඒ වෙලාවෙ ඒ අයියා හිටියේ නුවර හොටලේ
 සමන් මල්ලිගෙ වැඩෙත් හදිස්සි හන්දා සමන් ගේ අයියා සමන් මල්ලිට නුවර හොටලේ ට එන්න කිව්වා සමන් මල්ලි ලියකියවිලි බර දුන්නා දවල් බඩගිනි වෙලාව හන්දා ඒ හොටලෙන් ම සමන් මල්ලි දවල් කෑම ගත්තා .
ඒ වෙලාවෙ ඔතනට පොලීසිය ආවා එතන හිටපු හැම එකාවම අල්ලලා පොලීසියට අරන් ගියා 
සමන් වුයි සමන් ගේ අයියි අයියාගේ ඔෆිස් එකේ 19 දෙනෙකුයි හොටෙල් එකේ මුරකාරයයි හොටෙල් එක වයරින් කරන්න අපු එක්කෙනයි ඔක්කොම අල්ලගෙන පොලිසියට ගියා
එතකොට වෙලාව 3 ට විතර අති. සමන් ලත් ඉතින් වරද්දක් කරපු නැති හන්ඩ කිසි බයකින් නෙවෙ හිටියේ.
අවුලක් නෑ නේ ලොවෙත් නැති වැඩක් කරේ නෑ නේ
 කොහොම හරි 5 වෙනකන් හිටියා. 19 දෙනා කෑගහනව කියලා දැම්ම ලොකප් එකට
ඊට පස්සේ පොලීසියෙන් කියන්න ගත්තා ඔයගොල්ලොන්ව අත්අඩන්ගුවට ගත්තෙ රාජ්‍ය දේපල අනිසිලෙස පරිහරනය කරා එක හන්දා හෙට උසාවි දානවා කියලා!
 බලද්දි වෙලා තියෙන්නෙ මෙකයි 
හොටෙල් එකේ අයිතිකරයා බද්ද ට අරගෙන තියෙන්නෙ ඔකෙ බදු කලය ඉවර වෙන්න ලගයි ලු. හැබයි තම ඉවර වෙලා නෑ ඊලන්ගට ඔක ගන්න තියෙන්නෙ වී අලවි මංඩලේ ට ලු! 
සමන් අතුලු පිරිස ලොරි ගෙනල්ලා වී හොරකන් කරා ලු!!!! 
ඔක තමා චොදනාව
සමන් ට දැන් ඇඩෙන්න වගේ .
නොකරපු වී හොරකමකට මු අහුවෙලා (හිනා යනවා තමා එත් හිනා වෙන්න එපා)...
ඔන්න ඉවසගෙන රැයක් ලොකප් එකෙ ගත කරා 
ඔන්න උසාවි ගියා පොලිසියෙන් චොදනා උසවියට කිව්වා රාජ්‍ය දේපල  පනත යටතේ කිව්ව ගමන් සෙනසුරාදා හන්දා ඇප දෙන්න නෑ කියල උසවිය කිව්වා
 මුන් 19 දෙනා ලබන සිකුරදා වෙනකන් බෝගම්බර හිර ගෙදර දැන් සමන් මල්ලිට ඇඩනවා හෝ ගාලා සමන් මල්ලි ගේ නැන්දා කෙනෙක් ඔක අහලා කලන්තේ දැම්ම
ඔන්න ඉතින් බය වෙච්ච පොඩි එකෙක් වගේ අස් උත් රතු කරගෙන  19 ‍දෙනා ගියා ..බෝගම්බර
 සමන් මල්ලි අංකයක් හම්බුනා 3435 රිමාන්ඩ් බන්ඩනාගරේ 7 කාබරේ ට සමන් මල්ලි තව 3 දෙනෙකුයි දැමමා සමන් මල්ලි ගේ මාමා හිටපු ජේලර් කෙනෙක් කෙනෙක් හන්දා එතන අඩුරන ජෙලර් ලා කීප දෙනෙක් ම හිටියා 
ඔන්න දැන් සමන් මල්ලි ගේ සරමයි ටීශෙර්ට් එකයි විතරයි අතේ තියෙන්නෙ තව අන්දන් හිටපු ඩෙනිම් කලිසමයි සමන් මල්ලි ට හිර ගෙදරන් පොඩි වාසියක් තිබ්බ හන්දා සමන් තව 10 දෙනෙකුයි එකම කාමරයකට දැම්මා 
කාමරේ දිග අඩි 8 පලල අඩි 5 විතර අති ලු 
පදුරක් දෙනවා ලු අන්ඩන් ඉන්න ඩෙනිම නමලා ඔලුව තියාගන්න ඔනේ ලු
 රිමාන්ඩ් බන්ඩනාගාරේට කියන්නෙ abc කියලා
අච්චු කරපු හිරකාරයෝ ඒ කියන්නේ ජම්පරේ අන්දින අයට තියනවලු කරන්න වැඩ..
  මල් පාටි .කොහු පාටි. වෙවැල් පාටි ..abc පාටි.. කියලා .
ඒ කියන්නෙ මල් පාටි නම් ඒ අයට ටියෙන්නෙ මල් වවන්න ලු 
කොහු පාටි අයට කොසු හඩන්න ලු
 ඒ වගේ abc පාටි ඒ අයට තියෙන්නේ රිමන්ඩ් බන්ධනාගාරෙ වැඩලු
 ඔය  abc පටි එකේ හිටියා මහින්ද අයියා කියලා සමන් ගෙ ගමේ එකෙක්
 ගමෙම 10 විතර ඉන්න හන්දා මහින්ද අයියාගෙනුත් හොද සප් එකක් සමන් ලට හම්බෙනවා
 එක හන්ඩා අනිත් හිරකාරයො සමන් ගෙ කට්ටියට මොනවත් කියන්න අවෙ නැල්ලු
හිරේ අතුලේ කාවවත් අන්ඩුරන්නෙ නැත්තුව අලුතින් ම හිරේ ගියොත් සම ලිංගික සේවන පාර සුවර් ලු මුන් 19 ‍දෙනා මහින්ඩ අයියා ව අන්ඩුරන හන්දා ලු බෙරුනේ
මෙන්න හිරේ කාල සටහන උදේ 6 ට සමන් අයියා අවිත් කාමරේ ඩොර අරිනවා ලු
 එටපස්සෙ පොලිම් ගැහෙන්න ඔනේ ලු ගනන් කරන්න
 ඊට පස්සේ 7'30 විතර බත් කපනවා ලු ඒ කියන්නෙ බත් බෙදනව ට ලු
 උදෙට සම්බොලයි බතුයි ලු 
හිර කාරයෙක් ම ලු බෙඩන්නේ 
අතින් ලු බෙදන්නේ අප්පිරියයි ලු 
 දවල් ට හරක්මසුයි මලුයි තම්බලා බත් එක්ක ලු
7'30 ට බත් කාලා 12 වෙනකන් 3 රූපයේ තියන මිදුලේ ඉන්න ඔනේ ලු
 කොරිඩොවේ ඇවිද ඇවිද 
ඔය වෙලාවේ තමයි නා ගන්න වැසිකිලි යන්න තියෙන්නෙ 
500 කට විතර තියෙන්නෙ වැසිකිලි 20 විතර ලු
 එක වැසිකිලියක වත් දොරවල් නැල්ලු
 හැමොටම පෙන්න ලු වැසිකිලි යන්න ඔනේ
 සමන් මල්ලි හිටිය දවස් 5 ටම වැසිකිලිය පත්තෙවත් ගියෙ නෑ ලු
 තව ටිකකින් මුට මල බද්දය වත් හදෙනවා 
ඔය වෙලාවෙ තමා නා ගන්න ඔනේ ටැන්කි 3 තියනවා ලු 
හයිය තියන එවුන් ඉක්මනට නා ගෙන ටැන්කිය ඉවර කරගන්නව ලු
පස්සේ ඉතින් ඔනේම නම් අච්චු කරපු හිරකාරයොන් ගේ නාන තැනට යන්න පුලුවන් 
එකට එන්නේ නුවර වැවේ වතුර ඒවයෙන් නානවට වඩා හොදයි නාන්නේ නැතුව ඉන්නවා 
ඊට පස්සේ 12 ට අයෙත් කාමරෙට දාලා වහනවා 2 ක වෙනකන් අයෙත් මිඩුලේ 5 වෙනකන් 
ඊටපස්සේ 5 වහනවා කමරේ දාලා අයේ උදේ 6 ට අරින්නේ 
ඔය වෙලාවේ වැසිකිලි යන්න උනොත් හිර කරගෙන ඉන්න වෙනවා
 චූ කරන්න බාල්දියක් තියනවා
 එකට චූ කරලා උදේට විසික්කරන්න ඔනේ
ආ කියන්න අමතක උනා 7'30 උදේට ප්ලෙන් ටී වුයි අතට සීනි හම්බෙනවා ලු
ගාඩ් ලා කතා කරන්නෙම අම්මා මතක් කරලා ලු
 කුනුහරුපෙන් ගාඩ් ලා අංකෙ කියද්දි ගියේ නැත්තන් ඉවර ලු

ගාඩ් ලා ඉස්සරහා සරම නමා ගෙන ඉන්න බරි ලු
 එහෙම හිටියොත් කන පලෙන්න දෙනවා ලු 
රිමන්ඩ් එකේ හිරකාරයොන් ව සතියෙ දවස් 5 බලන්න පුලුවන් ලු
 විනාඩි 5 ලු
 අච්චු හිරකාරයෝ මාසේට එකපාරයි ලු
 පිට අයට බලන්න පුලුවන්
තව හිරේ අධිආරක්ෂිත කලාපයක් තියනවා ලු
 එකේ 6 ක් ඉන්නව ලු පොට්ට නවුෆර් උත් ඉන්නේ එකේ ලු
රිමාන්ඩ් එකේ හිරකාරයෝ ගහ ගන්නවා ලු එතකොට ගාඩ් ලා අවිලලා දෙන්නටම ගහනවා ලු

හිරේ කාමරේ අතුලේ හිලක් තියනවා ලු ඒ හිලෙන් උඩ තියන කාමරේ ඉන්න අයත් එක්ක කතා කරන්න පුලුවන්
 හිරේ ඉන්න එවුන් සිගරට් නෑ නේ
 ඉතින් මුන් අලුත් ලොකල් ලියලා පත්තරවල ඔතපු දුම්කොල දාලා එකක් හදනවා ලු
 තව ඉතින් ගංජා කුඩු බිස්නස් එහෙම ගජරාමෙට යන්වා ලු
 සතියට 15000 ක් විතර හොයන හිරකාරයොත් ඉන්නවා ලු
අර වැලිකඩ හිරකාරයෝ පොලීසියේ ඉන්න අයට ගහපු වෙලාවෙ සමන් මල්ලි හිටියේ බෝගම්බර ' හිරකාරයොන් ට පොලීසියෙ පේන්න බැරි ලු ගාඩ් ලා ට ගරු කරනව ලු 
සමන් මල්ලි ට නම් ගතකරපු දවස් 5 අපායේ හිටියා වගේ ලු 
කොහොම හරි නඩු දවසෙ පොලීසියට නඩුකාරයා හොදට බැන්නා ලු කරපු මැටි වැඩට අහින්සකයො 19 ක් හිරේ දවස් 5 තිබ්බට එහෙම කියලා සමන් මල්ලි ලා ව නිදහස් කලා ලු! 
සමන් මල්ලි තව දවස් ටිකක් හිරෙ හිටියනම් අනිවාරෙන් ම මැරෙනවා ලු කියාලා කිව්වා.
 සමන් මල්ලි කිව්වා එයාව එයා අදහන දෙවියන් ලු බෙිරුවෙ 
මෙතන රුපියල් 2000 ගෙවා ගන්න බැරුව අවුරැඩු ගනන් ඉන්න අහින්සක හිරකාරයොත් ඉන්නවා ලු 
මිහිපිට අපාය ලොවෙත් නෑ ලු








Monday, November 8, 2010

ඊසොප් නොකී කතා


මිනිස්සු කට්ටියක් එකතුවෙලා මිනිස්සුන්ට කරන්න බැරි වැඩ සහ පුලුවන් වැඩ කියලා ලැයිස්තුවක් හැදුවා මේ ලැයිස්තුවක් ඒ කලේ හිටපු අය විශ්වාස කලා විශ්වාසකරා විතරක් නෙවේ ඒ අනුව වැඩ කලා. කාලය ගත උනා අර ලැයිස්තුවක් හුලගෙ පාවෙලා ගියා මේ විදියට අවුරුදු 100 ගත උනා දවසක් තවත් මිනිස්සු කට්ටියකට මේ ලැයිස්තුව හමුවුනා ඒ මිනිස්සු දන්නෙ නෑ මේක අවුරුදු 100කට කලින් හදපු එකක් කියලා. කව්ද මේ දැනටමත් කරලා තියන වැඩ කරන්න බැරි එවා හැටියට හදුන්වලා තියන විහිලුකාරයා කියලා ඒ මිනිස්සු මහ හයියෙන් හිනා උනා...

දාමු බලන්න කොමෙන්ට් එකක්

මෙය ලංකා පුවත්පතෙන් උපුටා ගන්නා ලදී

Friday, November 5, 2010

ATM කාඩ් වංචාව අසූවු හැටි


මම නිමල් කියමුකො.
මගේ හරකාඩ්පත atm යන්ත්‍රයෙ අමත්ක වෙලා දාල ගියා ඊලගට ආව ගනුදෙනුකරු කාඩ් එක අරගෙන ගිහිල්ලා
මම ඉතින් ලොවෙත් නෑ!! රත් වෙලා! දුකයි! හොදටම, කාඩ් එක අරගෙන ගිය පුද්ගලයා පැයක් අතුලත මගෙ කාඩ් එකෙ තිබ්බ සල්ලි ඔක්කොම අරගෙන කොහොමද? එහෙම ගන්නෙ??? පාස්වඩ් එක නැතුව ,අපිට බැරි උනාට හොරුන්ට පුලුවන්, එයා කඩවල් වලට ගිහිල්ලා බඩු අරගෙන, හොර අත්සන් දාල.මම ගියා බැංකු කලමණාකරු හම්බෙන්න, මගෙ දුක කිව්වා, එතුමා මට පිහිට උනා ,දෙවියෙක් වගේ atm එකේ කැමරා නැති හන්දා එකෙනුතත් හොරා ව හොයා ගන්න බැරි උනා, කලමණාකරු මට ඊලංගට අාව ගනුදෙනුකරුවන් දෙන්නෙකුගෙ නම් දුන්නා, කව්ද ගත්තේ කියලා එත් ෂුවර් නෑ, මොකද කරේ කාඩ් එක පාවිචිකරපු තැන් බැලුවා, මෙන්න ඩීටෙල්ස් ඔක්කොම තියනවා!!! ඊට පස්සේ මම ඒ කඩවල් වලට ගියා, වෙච්ච දේ කිව්වා, උදව් හම්බුනා ඒ අයගෙනුත්,ඒ අය මට හොරා ගෙ හැඩ හුරුකම් කිව්වා බලදි පොඩි එකෙක් 92 ඉපදිල තියෙන්නෙ හැබැයි මිනිහා හොටෙල් එකක රස්සා වක් කරනවා එත් එතින් එයා ම කාඩ් එක ගත්තා කියලා කියන්නෙ කොහොමද සාක්ෂි නෑනේ කොහොම හරි අන්තිම මොහොතෙ මම කාඩ් එක බ්ලොක් කරලා නෙ තිබ්බෙ ඔය වෙලාවෙ හොරා අයෙත් කඩයකට ගිහිල්ලා බඩුවක් ගන්න වැඩි තන්හාවට මගෙ කාඩ් එක කඩෙට දීලා කාඩ් එක බ්ලොක් නේ පස්සෙ හොරට නොන්ඩි හන්දා එයා එයාගෙ කාඩ් එකත් එතනටම දීලා හරකා වගෙ ඔවා ඔක්කොම බැංකු වෙන් බලන්න පුලුවන් බැංකු කලමණාකරු මට විස්තර කිව්වා හරියටම කව්ද ගත්තේ කියලා මෙන්න හොරා සාක්ෂි ත් එක්ක මට්ටු ඔන්න පස්සෙ විස්තර අරගෙන මම ගියා පොලිසි ඒ හොර ඉන්න තැන ලිපිනය විස්තර ඔක්කොම අරගෙන පොලිසියෙ මහත්තයා මට ඒ වෙලවෙම ඒ ලිපිනය ට මිනිස්සු දෙන්නෙක් යැව්වා හොරා ගෙදර නෑ වැඩට ගිහිල්ලා ද කොහෙද ඉතින් ඔන්න හිටිය මමත් සතියක් විතර සල්ලිත් නෑ හොරත් නෑ පොලිසියත් නෑ atm කාඩ් එකත් නෑ මම ලොවෙත් නෑලොවි ගහෙත් නෑ හොරා මු කියලා එකාව ගෙන්නලා දෙන්න කිවම එකත් කරන්න බැරි පොලිසියක් මොකටද කියලා හිතා ගෙන මම අයෙත් පොලිසි ගියා මෙන්න පොලිසියෙ මහත්තයා ව මරු කරලා ඉතින් වෙන පොලිසි එකෙක් ට මෙ සිද්ධිය බලන්න බැරි වෙලා මම පොලිසිය අතාරියා අයෙත් ගියා බැංකුවට අර හරක් හොරගෙ දුරකතන අංකය ඉල්ලගන්න හොටෙල් එකෙත් නොම්බරෙ දුන්නා කලමණාකර තුමා මම හොර මල්ලිට කතා කරා මෙන්න මු අන්ඩන්න ගත්තා මුගෙ දුක කිව්වා පොලිසියට කියන්න එපා කිව්වා මුට මම කිව්වා මම කිව්වා මගෙ කාඩ් එකයි සල්ලි දෙන්න කියලා මිනිහා සල්ලි දීම්මා මමත් ඉතින් පොඩි එකෙක් හන්දා සමාව දුන්නා පොලිසියට කිව්වා නම් මු ලොවෙත් නෑ නෙ මු මුකරපු මෝඩ වැඩෙන් හොද පාඩමක් ඉගෙන්න ගන්න ඇති ක්ෂනික නූඩ්ල්ස් වගෙ කරපු හොරකම මාට්ටු උන එකයි පොලිසි ගියා නම් කන්න වෙන පරිප්පු වයි හීනෙන් පෙනෙන්න අති අපි වගෙ රත්තරන් මිනිස්සු මෙ ලොවෙත් නෑති ලොකේ ඉන්නවා හික් හික් හික්

අඤ්ඤ කොරොස් කතා


මම ලොවෙත් නැති කාලේ ගුරන්ටත් අකුරු වරදින කාලේ ලොවෙත් නැති ලස්ස්න රටක හිටියලු ජනාධ්පතිතුමෙක් එතුමා හිතුවෙ රට ලස්සන කරන්න (ආස්චර්යය) කරන්න.ඔය රටෙ මරු මරු ඇමති ලා හිටියා
පිස්සු කෙලින එවුන් තමා වැඩියෙන් හිටියෙ . ලොවෙත් නැති විපක්ෂයකුත් හිටියා.ඔය කලෙ රටෙ යුද්ද්යක් තිබ්බා හමුදාපති කෙනෙකුත් හිටියා කියමු කෝ..හමුදාපති ප්‍රමුඛ ජනාධීපති යුදදේ බොක්කෙන්ම ගහලා දිනා ගත්තා. රට වසියා දෙන්නටම ප්‍රශන්ෂා කරා කිරිබත් කෑවා.පෙරහර ගියා ලොකේ ඉන්න හොන්දම හමුදා පති කියලා කිව්වා. ඔය අතරෙ රටෙ හිටිය මොන්ගල් ඇමති ලා අතල් එකේ ෆන් ගත්තා. ඔක දැක්ක හමුදාපති ට මල පැන්නා මෙච්චර අමරුවෙන් දින්නා මුන් මට නෙති අතල් ගන්නවා කියලා. පොර හිතුවා රට හදන්න ර‍ටෙ රජා මම වෙනවා කියලා හිතුවා ජනා ට අබියා්ග කරා .. ඡන්දෙ එන්න කියලා . විපක්ෂෙට මාර අතල් ඉතින් .. ජනා ට ගහන්න පොරක් අවා කියලා.විපක්ශෙ ෆුල් සප් එක දුන්නා. කන්නෙත් නතුව බොන්නෙත් නතුව හමුදාපතිව රටෙ ජනා කරන්න වැඩ කරා .. අවසනාවකට හෝ වාසනවකට හමුදාපතිට රටෙ ජනා වෙන්න බරි උනා.. රටෙ ජනා අයෙත් ජනා උනා. රටෙන් බාගෙ බාගෙ දෙන්නටම හිටියා.කොහොමෙන් කොහොම හරි ජනා ජනාදිපති උනා
අන්තිමේදි ජනා හමුදාපතිව
මොකද කරේ කියලා දාමු බලන්න කොමෙන්ට් එකක්

මෙතන ලියන්න


මේ අඩවිය ලොවෙත් නැති හනදා හිතේ තියෙන ඔන ජරාවක් මෙතන ලියන්න..

විහිලු,මඩ කතාවලට අමතරව ආතල් නොවන කතා හිතේ තියෙන දේවල් මෙතන post කරන්න!!!!
ජය වේවා!!!!! :)