Monday, January 31, 2011

ඇඩ්‍රස් බාර් එක බලලා ෆේස්බුක් ලොගින් නොවුනොත් ලොවිගහෙත් නැතිවෙයි

හා පුරා කියලා පොස්ට් කරන බ්ලොග් සටහන කාට කාටත් වැදගත් එකක් වෙන්න එපැයි කියලා ඔන්න ෆේස්බුක් අඩවිය සම්බන්ධ වැදගත් කාරණාවක් කියන්ඩයි ලැහස්තිය. (ඒ කීවට මේක ඊ-මේල් සර්විස් වගේ ලොගින් එකක් තියන ඕනිම සයිට් එකකට අදාලයි.) 

බහිමුකො ටොපික් එකට.... 

ඔයගොල්ලො හැමෝම අනිවා හැකින් (hacking) ගැන දන්නවා ඇති. ඔය හැකින් ටොපික් එකේ කොටසක් තමයි ෆිශින් (phishing) කියලා කියන්නේ. සාමන්‍යයෙන් ෆේස්බුක් හරි මේල් අකවුන්ට් එකක් හරි හැක් කරනවා කියන්නේ සිරා ගේමක්. ඒක සුපිරි දැනුමක් නැතිව කරන්ඩ පුළුවන් වැඩක් නෙවෙයි. ඒත් ෆිශින්ග් කියන්නෙ අදාළ ෆයිල්ස් ටික හොයාගත්තානම් ඕනි කෙනෙක්ට කරන්ඩ පුළුවන් දෙයක්. 

හරි මොකක්ද ෆිශින් කියලා කීවෙ නෑනෙ. (විකියට මෙතනින්
ඉතාම සරලව කාටත් තෙරෙන විදියට කියනවානම් ඒ කියන්නෙ සිරා ලොගින් හරි පේමන්ට්ස් කරන හරි රහසිගත තොරතුරු (username, password, credit card nos.) හුවමාරු වෙන සයිට් හැටියට පෙනී ඉඳලා ඒ විස්තර උස්සන බොරු (scam, fake) වලට. 

ඔයාලටත් සමහරවිට ඊ මේල් එකකින් හරි යාළුවෙක්ගෙන් හරි ලින්ක්ස් ලැබිලා ඇති ෆේස්බුක් ලොගින් එකට යන විදියට, හැබැයි ඔයා කවදාකවත් බ්‍රව්සර් එකේ ඇඩ්‍රස් බාර් එක චෙක් කරනවද මේක www.facebook.com හරි www.gmail.com හරි කියලා ? ඇපියරන්ස් එක  හරි නම් අපි username, password ගහලා ලොගින් වෙනවා නෙද? අන්න ඒකයි අපේ වරද. දැනට ලෝකයේ වැඩියෙන්ම phishing attack වලට ලක්වෙන වෙබ් සයිට් එක ෆේස්බුක් කියලයි කියන්නෙ.

ෆේස්බුක් ලොගින් පේජ් එකේ source code ඒක ටිකක් එඩිට් කරලා username , password ෆීල්ඩ් දෙකේ තියන ටෙක්ස්ට් එක නෝට්පෑඩ් ෆයිල් එකකට රයිට් කරගන්න ඒතරම් දැනුමක් ඕනෙ නෑ. ඇරත් නෙට් එකේ ටිකක් මහන්සි වෙලා හොයලා බැලුවොත් ඒ විදියට හදාපු html ෆයිල් ඕනි තරම් හොයාගන්ඩ පුළුවන්. (අත්දැකීමෙන්.... ;) මමත් ඕව හොයලා කළා, හැබැයි ළඟම යාළුවොන්ට විතරයි. ඒ වගේම ඇන්දුනු අයට පහුවදාම සීන් එක කියලා දැම්මා. ලොගින් උනෙත් නෑ. ඒ වගේ හැකින් ඉගන ගත්තට වරදක් නෑ, හැබැයි කාටවත් කරදර නොවන විදියට. ඒ වයිට් හැට් හැකර්ස්  )

මෙහෙම මේ දේවල් බලාගෙන නෙට් එකෙන් බඩු අරන් phishing කොරනව එහෙම නෙවෙයි හරි... එහෙම කළොත් ඉතින් පස්සෙ ආත්මභාව වල හරි මේ ආත්මෙදි හරි ලොවෙත් නැති වෙයි හරි......... 

ඒ වගේම මේ දේවල් හරියට ඉගනගෙන ඉන්න අයට සෑහෙන රැකියා තියනවා කියලයි ආරංචිය.හැබැයි හැකින් නෙවෙයි එතිකල් හැකින්

ඉතින් නොදන්න අය අද ඉඳන්වත් ඇඩ්‍රස් බාර් එක බලලා ලොගින් නොවුනොත් ලොවිගහත් නැතිවෙයි. 

අහා තවදෙයක්.. දැන් ලංකාවෙත් ස්යිබර් ක්‍රයිම්ස් වලට එරෙහිව යුනිට් එකක් තියනවා.
SLCERT - මේකෙ ඔය වගේ ක්‍රයිම්ස් රිපෝර්ට් කරන්න අවශ්‍යය පහසුකම් තියනව. හැකින් කරන අයත් පරිස්සම් වුනොත් ඇඟට ගුණයි.  

11 comments:

  1. නියමය ිමචං. අපේ සමහරඋන් password එකටත් ගහන්නෙ නම. ඒවගේ කට්ටියට නියම advice එක.

    ReplyDelete
  2. ඔව්, කරුමෙටවත් ෆේස්බුක් එකේ ඊමේල්, පාස්වර්ඩ් එකම paypal එකෙත් තිබ්බොත් ? සොරි ඩොට් කොම් තමයි.

    ReplyDelete
  3. එල කිරි පොස්ට් එක මල්ලි!! කීප් ඉට් අප්!

    ReplyDelete
  4. නියම පෝස් ට් එක අද ඉදන් ලොග් වෙන්න කලින් හොදට හොයලා බලන්න ඕනේ. දොලේ මලේ එලකිරි ආ.....
    දිගටම ලියහන් කොල්ලෝ....

    ජයවේවා !!!!

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. @සරා අයියා - මගෙන් ඉතින් මෙහෙම දේවල් තමයි ඉදිරියට ලැබෙන්නෙ..... කවි සංකල්පනා තියන කලාත්මක පොරක්නම් නෙවේ කියලා දන්නවානේ.. ලොවෙත් නැති බ්ලොග් එකට මේ වගේ නිව්ස් සප්ලයි කොරන්නම්....... අගේ කළාට පිං !

    @මධූ අයියා - පරිස්සම කෝකටත් හොඳයිනෙ..... නැද්ද... අගේ කළාට පිං !

    ReplyDelete
  7. සමහරු පබිලික් තැන් වලින් ලොග් වෙලා ඔහේ යනවා.පුලුවන් නමි හිස්ටරිය මකලා යන්න...

    ReplyDelete
  8. එල කිරි පොස්ට් එකක්, මෙන්න ඔය හැක් එක කොරන හැට් මුල සිට සරළව මෙතනින් බලාගන්ට කො

    http://lankatha.com/2010/05/facebook-password-hacks/

    ReplyDelete


  9. Feеl fгеe to suгf tо mу web-sіte Erotic massage in london
    Feel free to visit my webpage :: tantric massage London

    ReplyDelete
  10. This information is worth everyone's attention. How can I find out more?

    Also visit my page ... http://pregnancyhelper.in

    ReplyDelete
  11. මාත් Pishing කරල යාලුවෙක්ව හැක් කරල තියෙනව��

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්