Wednesday, February 9, 2011

වයර්ලස් විදුලිය !!

මේ දවස් වල වැලේ වැල් නෑ.... 
මහ ලොකුවට සරදියෙල් අයියට පොරොන්දු දීල ඕතර් පට්ටමක් ගත්තට ලියන්ඩ දේවල් ලොවෙත් නෑ.....  ඔහොම වේලි වේලි ඉද්දි තමයි මල්ලි පිස්සුවක් කෙලියෙ... 


මේක drafts වල ටික දවසක ඉඳන් තිබ්බ. ඒත් අරක ටිකක් හොඳයි වගෙ කියල හිතුන නිසා දැම්මා.  මට අමුතු ටෙක්නිකල් සීන් එකක් සෙට් වුනේ නෙට් එකෙන්... වයර්ලස් විදුලිය...... හිතාගන්ඩවත් පුළුවන්ද?? හැබැයි ඉතින් බොහො දෙනෙක් වැහිකාලෙට එන වයර්ලස් විදුලියට බයෙන්නෙ ඉන්නෙ ගහන හැට කෙබර වල හැටියට. එහෙම අනතුරුදායක සීන් එකකුත් නෙවෙයිලු මේක. 


ඔය අපි කවුරු කවුරුත් දන්න ඉන්ටෙල් එක තමයි ස්පොන්සර් කරල තියෙන, MIT(Massachusetts Institute of Technology ) කියන හාර්වර්ඩ් එකත් එක්ක විතරක් කොම්පිටිශන් එක තියන යුනිවර්සිටියෙන් කරපු රිසර්ච් එකක ප්‍රතිඵලයක්ලු.   wireless resonant energy link කියලා තමයි මේක ඉන්ටෙල් එක නම් කරල තියෙන්නෙ.  


මොනාද මොනාද විකාරයක් තිබ්බ කොයිල් එකක් ඇතුලෙන් 10  MHZ සිග්නල් එකක් යවලා මොන මොනාද කියලා. කොහෙද ඔවා තෙරෙන එකක්යැ....  මෙතනින් ගිහින් බලන්නකෝ pcworld article එකට


මම කල්පනා කළේ මේක ආපු දවසක කොහොම කොහොම විපරියාස වෙයිද කියල.... ෆෝන් කටු සාක්කු ඇතුලෙම, ලැප්ටොප් කටු බෑග් ඇතුලෙම තියල කස්ටිය චාජ් කොරගනී නේද ලොවෙත් නැතිවෙන්ඩ.  



විදුලිබල මණ්ඩලේ ඇත්තොන්ට රෙපෙයාර්, ගස් අයින් කිරිලි, කැපිලි නැතිවෙයි. ලොවෙත් නෑ කියලා කොලොම්පුරේ ඉඳලම ඩොටේ පොට්ස් වල කරන්ට් කපයි. ටෙලි කොමියුනිකේශන් ඉංජිනේරු මහත්තුරු මණ්ඩලේ වැඩට ගනී... හැබැයි අර මයිනර් ඉස්ටාප් එකට තමයි අවුල. නඩත්තු වැඩ අඩුයිනෙ. 


තව මොන මොන විපරියාස වෙයිද කියල කවුරු කවුරුත් දාමුද අදහසක්.  



හැබැයි ඉතින් හීන දකින එක නරකයි. පබ්ලික් එකට දෙන තත්වෙකට මේක හදන්ට අවුරුදු හය හතක් යයිලු. 


ආහ් තව දෙයක් ඉන්ටෙල් එකේ සයිට් pcworld එකට එකෙන් දීල තියන ලින්ක් එක බ්‍රෝකන්.. වැඩේ පටන් ගත්තු තැනම අතෑරලද දන්නෙ නෑ. 


*රූපෙ තියෙන්නෙ ඒ ටෙක්නොලොජිය නෙවෙයි මයෙ හිතේ. දාන්න එකක් නැතිවට දාපු එකක් *

8 comments:

  1. එල මල්ලි!! ඉන්ටෙරෙස්ටින් පෝස්ට් එකක්

    ReplyDelete
  2. තැන්ක්ස්... ලොවෙත් නෑ නේ ? උතුවන්කන්ද පුරාම බලුප් වැල් අදින්ට බැරියැ...

    ReplyDelete
  3. ඔය වැර්ලස් විදුලිය ලීක් වෙනවද දන්නවද.....?
    කරුමෙට වැදුනොත් එහෙම...!!
    ලොවෙත් නෑ...

    ReplyDelete
  4. ලොවෙත් නැති කතාවක් නේ. පට්ට කතාව !!

    ReplyDelete
  5. මල් හතයි

    ReplyDelete
  6. ලොවෙත් නෑ.. දැං ඉතිං හැ‍මෝම හොරෙං ලයිට් ගනී :D

    ReplyDelete
  7. ලංකාවට තාම එක 3D ෆිල්ම් හෝල් එකක් වත් නති එකේ මෙව එන්ඩ තව අවුරුදු 25 ක් වත් යයි.. එතකන් සරා ගෙයි, දොලේ ලොල් ගෙයි අමු කතා අහ අහ ඉන්ඩ තමයි වෙන්නෙ අපිට...

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්