Monday, March 21, 2011

කාලෙකින් !

මේ පැත්ත කාලයක් තිස්සෙ ලොවෙත් නැතිවෙලා තිබ්බට සමාවෙන්ට ඕනි! :)

කොහෙ තියන වෙලාවක්ද හත්වලාමේ... :( සරදියෙල් අයියත් ලොකු වැඩකට සෙට් වෙලා.

අප්පට සිරි ! සුදු වැද්ද මට සීඩී එකක් තැපැල් කරන්ඩ කීව දැන් මාස ගානකට කලින්.... කොහෙද රයිට් කොරල තිබ්බ තැනම වැඩ ඉන්නවනෙ සීඩී රාජයා ඒ විදියටම....
 
හරි දැන් කතාව, මේකට හිනා යයිද මන්දා. හැබැයි මේකට සහසම්බන්ධ කෙනා සෑහෙන්ඩ බයිට් වුනා. අපි මහනුවර පැත්තෙ ප්‍රසිද්ධ ඉස්කෝලෙකට තමයි ගියෙ, අපි කීවෙ සරා අයියා, මම සහ සුදු වැද්දා. හරි මේකෙ ඉතින් සෑහෙන්ඩ ස්පෝර්ට්ස් කෙරෙනවයි කියමුකෝ.


ඔන්න අපෙ පන්තියෙ ඩයල් එකක් හිටියා ( මේ පන්තිය ගැන පස්සෙ කියන්නම්, කියල වැඩක් නෑ. පිස්සු තමයි ) ක්‍රිකට් ගහන. ඩයල් එකට වඩා හිටියා අදාළ ඩයල් එකයි. ඔන්න නිකන් හිතාගන්ඩකෝ කවදාවත් 1st XI ගහන්නෙ නැතිව ක්‍රිකට් ගහන පොරක් ගැන. වතුර ඇද්දෙ නැතත් ඉතින් වතුර අදිනව කියල බයිට්.

හරි, ඔන්න පොරව මැච් එකකට දාල. ජෝසප්වාස් කොලේජ් එකත් එක්ක මයෙ හිතේ. මූටත් ඉතින් මොනාද ආයෙ, ඒක දිනල ඇවිත් කතන්දර ගොඩයි.

ඔන්න මූ කියනව " අඩෝ මම ෆෝ ඩවුන් ගියෙ, අපි දින්න ඩෝ. අන්තිම බෝලෙට හයේ එකක් දුන්නා මම, ලස්සනට බැට් එකේ මිඩ්ල් වුනා. එළට ගියා ඩෝ. අපි ඉතින් මැච් එකත් දින්නා."
මූ ඉතින් ඇක්ෂන් එකත් එක්ක ලස්සනට සීන් එක පැහැදිලි කරා.  

ඕක අහන් හිටපු කස්ටිය (මමත් ඇතුළුව) ලස්සන සීන් එකක් මවා ගත්තා. "ඔන්න අපේ එකා එනවා, තව එක බෝලයයි, ලකුණු හතරක් පහක් ගහන්ඩ තියනවා. හයක් නොගැහුවොත් අපි පරාදයි, ඔන්න බෝලර් දුවගෙන එනවා. බලන් ඉන්න එවුනුයි, කෝච් කාරයයි ඔක්කොම වෙව්ලනවා. අප්පටසිරි, මූ ගහපි හයක්, කට්ටිය පොර වට කරන් නටනවා, මිරිකනවා, උඩ දානවා. කෝච් කාරයත් මූව අනිවා බිග් මැච් එකටත් දානවා කියල හිතනව. "
ඔහොම අදහසක් එන්ඩයි මූ ස්ටෝරිය කීවෙ.
හරි ඉතින් මටත් කට පියන් ඉන්ට බැරිවට ඇහුවා , "උඹලට කීයක් ගහන්ඩ තිබ්බද අන්තිම බෝලෙට?" කියලා.

මූ කියාපි "අපිනෙ බං ඉස්සෙල්ල බැට් කරේ !"

  


5 comments:

  1. අම්මෝ හුග දවසකින් සරා මල්ලි රට ගියාට පස්සෙ කට්ටිය ලොවෙත් නැති තැන් වල නේ. මොනවහරි ලියමු මලේ...

    ReplyDelete
  2. ඒක තමා, මේව එහෙම පාළුවට යන්ඩ දෙන්නත් බෑනෙ... :)

    ReplyDelete
  3. aethi yantham,,,. man muta kiyawala kiyawala.... epa wela unne..
    sori wenna one mage pc eke sinhala natho..

    CD ekata mama ubawa heta allagannam malaya (27)
    allagnam,, mama heta oya paththata mangachchanawa............
    ()Sudu Wadda()

    ReplyDelete
  4. ඔය වගෙම එකෙක් අපේ සෙට් එකේ හිටියා,98 අපි AL කරල result බලලා අවා,අපි එක එකාගෙන් අහනවනේ කොහොමද කියලා,අපි හොදටම දන්නවා මු fail කියල,අපි ඇහුවා කොමද බන් උබේ කියල,මු කියපි අඩෝ campuss යන්න ලකුනු මදි බන්,අපි කරක්වල අතරියා වගේ,අපිත් campuss ගියේ නැ ,ඒක වෙනම දේයක්,අපි අහන හැම වෙල්වෙම මෙකා කියනේ ලකුනු මදි යකො campuss යන්න කියල,ඉතින් ‍තෝ කියකෝ Result , මු කියන්නෙ මට ලකුනු මදි ,එක පරටම මූ කියපි මට F4 ඉ බන්,කියලා අපි මුට අල්ලගන නෙලුවා ඇති වෙනකම්,මු ඊට පස්සෙ කියපි යකො තොපිලට එකනේ මම කිවුවේ මට campuss යන්න ලකුනු මදි කියලා,බලගන ගියමා යකෝ ඌ කියලා තියෙයෙන් ඇත්ත

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්