Sunday, June 5, 2011

පොලිසිය../ කටුනායක කේස් එක /ඉරාජ් ගේ අලුත් සින්දුව.... කොප්පක්ද??

අපේ පොලීසිය ඉතින් ගොන් වෑඩ පොඩ්ඩක් වත් කරන්නේ නෑනේ.. පගාගන්නේ නෑ නේ.. කාටවත් ගහන්නේ නෑ,, නිකරුනේ,, කාගේවත් අතකොලු වෙලා වෑඩ කරන්නේ එහෙම නෑ නේ..  ලගදි කටුනායකදීත් පොලීසියා ආතල් වෑඩක් කරානේ...ඉතින් අපේ ඉරාජ් කොලුවා ලස්සන සින්දුවක් හදලා පොලීසිය ගෑන.. එක ඉස්සල්ලා බලලා... අයෙත් මේ පොස්ට් එකට එන්න හොදේ....මොනවා උනත් ඈත්ත කියලා තියනවා

පොඩි සීන් එකක් තියෙන්නේ මේකේ මෙලොඩි එක ඔරිජ්නල් නේවේ... පොඩි කොප්පක්..Bob Marley - Stir it up  කියන සින්දුවේ මෙලඩි එක තමා මේකේ තියෙන්නේ... අව්ලක් නෑ.. ඉරාජ් ගෙ   සින්දුව ලස්සනයි


ප. ලි.. පොලිසියේ ඉන්න ඔක්කෝම චාටර් නෑ,,, ඉතාමත්හොද ගුනගරුක උතුම් මිනිසුන් උත් මේ පොලීසියේ ඉන්නවා... ඔවුන්ට මේ කිසිවක් අදාල වන්නේ නෑත.... 

13 comments:

  1. iraj ta kawadada ithin original melody ekak awe!

    ReplyDelete
  2. මේක අහලා බලන්න ඕනේ. කොහොමද කටුනායක කේස් එකේදී පිලිසිය හැසිරුන විදිහ ? ප්‍රශංසනීය යි නේ ????

    ReplyDelete
  3. කටුනායක සිද්ධියත් ඔය සින්දුව ප්‍රමෝට් කරන්න පිලෑන් කරල කරපු එකක්ලු. පොලෝසියෙ හොඳ පෙන්නන්න :D

    ReplyDelete
  4. ඔව් ඔව් ජනතාවගේ හිත දිනාගත්ත පොල්සීය.. ලන්කාවේ අපේ හොද පොලීසිය.. ලොකේ හොදම පොලීසිය

    ReplyDelete
  5. යකුනේ පොලීසියේ ඉන්න උන් මිනිස්සු නෙමෙයිද??? උබලගෙ ඔය ලොකු ලොකු මොලවලට නොතේරුනාට පොලීසියෙ අය කරන්නේ ඉහලින් එන නියෝග පිලිපදින එක...පොලීසියට බනින එකට වඩා උන් ඉන්න තත්වෙ තේරුන් අරන් ඒක එහෙම වෙන්න හේතුව හොයල බලනවා නම් ඒකයි බුද්දිමත්කම කියල මම දකින්නේ...

    උදාහරනයක් ඩෙන්නද??

    "අද අම්බලන්ගොඩ දී එස් අයි කෙනෙක් කසිප්පු කාරයෙක් අල්ලලා උසාවි දැම්මොත් ඊට පස්සෙන්දා වව්නියාවට ට්‍රාන්ස්ෆ්‍ර්"

    ඒකෙන් මොකක්ද කියවෙන්නේ පොලීසිය පාලනය කරන්නේ දේශපාලකයා කියලා..
    තව එකක් ඒ නිල ඇදුමත් එක්කම ඉහල නිලයන් ගේන නියෝගයන්ට අවනතවීමට සිද්දවෙනවා...

    "ඩී අයි ජී කෙනෙක් ඕකුන්ට හොදටම ගහපන් කිව්වම නොගහා ඉදලා ඉන්ටඩික් වෙන අයි පී ටයි උගේ ගෙදර මිනිස්සුන්ටයි ඔය කෑගහන ඉරාජ්වත් ඔය උබල එකෙක්වත් කන්නෙ දෙන්නෙ නෑ"

    ඇස් දෙකකුයි මොලයකුයි දීලා තියෙන්නෙ හිතන්න..

    "ගනිකාමඩම් කුඩු බිස්නස් කරන එස් එස් පීලා ඩී අයි ජී ලා හේදුවා නෙමෙයි.... ප්‍රදාන පොලිස් පරීක්ශකලගෙ ඉදන් ඊට පහල නිල වලට අකමැත්තෙන් කරන්න වෙලා තියෙන දේවල් ගැනයි කතාකලේ....

    කාකි ඇදුමින් හොර බිස්නස් කරන උන් එල්ලමු.. මමත් එනවා උන්ට ගල්ගහන්න,, ඒත් රස්සාව රැකගන්න ඕඩර්ස් අකමැත්තෙන් ක්‍රියාත්මක කරන පොලිස්කාරයින්ට නෙමෙයි...

    කටු ඇනේවි ඒක මම දන්නවා..
    ඒත් ඇත්ත පැනිහස වෙච්ච දවසක් ඉතිහාස පොත් කිසිම එකක සදහන් වෙලා නෑ"

    ReplyDelete
  6. මේ සින්දුවේ අන්තිමට කියනවා වගේ මේ ආත්මදේ විතරක් නෙවෙයි ලබන ආත්මෙදිත් මේ වගේ පොලිසි ලැබේවා.

    ReplyDelete
  7. හරි ලොකු අයගේ ඔඩර් කියමු කෝ... අගුලානේ කොල්ලාව මරපු එක ආතල් නේ... තව පොඩි පොඩි කොල්ලොන්ගේ සාක්කුවලට ග0ජා දාලා පොලීසියට අරගෙන යන එක හොදයි...හරි ලොකු දේශපාලකයන්ව තෝරගන්නේත් උබලා නේ... අඩෝ පොලීසියේ ඉන්න ඔක්කොම චාටර් කියලා කියන්න තරම් මට පිස්සු නෑඩෝ... අඩෝ අම්බලන්ගොඩ ඉන්න පොල්ස් කාරයාව මාරු කරන ට්‍රන්ස්වබෝඩ් එකෙත් ඉන්නේ පොලිසියේ එවුන් නේ බන් ඉතින්... එකයි ඉතින් අපි කියන්නේ හොද පොලිසිය ක්යලා.....

    ReplyDelete
  8. ඉතින් ඒකනේ මම සිංහලෙන් කියන්නෙ සේරමල ගැන එකට කතා කරන්නේ නෑ කියලා.. මම කියන්නෙ සමස්ත පොලීසියෙම පාලනය වෙන විදිය වෙනස් කරන්න ඕණ කියලා... එහෙනම් හාමුදුරුවො හැමෝටම බනින්නට එපායැ සමහර චීවර දාරියෝ කරන වැඩ වලට..
    ඇරත් ලොක්කා..
    එහෙම නීතියට ස්ටේශන් ගෙනිච්ච කිසිම අයි පී කෙනෙක් සී අයි ගෙන් එහට ප්‍රොමෝසන් අරන් නෑ...

    තව එකක එකතු කරනවා...
    ඇත්ත කතාවක්
    "තංගල්ලෙ එස් අයි කෙනෙක් නිල් බලකායෙ මුව මස් වගයක් අල්ලලා...ඊට පස්සෙන්දම අම්පාරට මාරු කරලා"

    පොලිස් බෝඩ් එකෙන් වෙන්නෑ එහෙනම්...

    යූ ටියුබ් බලන්න මම දැක්කා එකදවසක් විශ්ව විද්යාලෙ කට්ටියක් බලෙන් UGC යද්දි අයි පී කෙනෙක් කතා කරලා එයාලට කෙලින්ම ඇමති තුමා හම්බවෙන්න (නියෝජිතයන් කීපදෙනෙක්ට දෙමාපියන් සමගම) ක්‍රමයක් විනාඩිගානකදි සැලසුම් කරන විදිය....

    ඒ වාගේම කසිප්පුකාර්යෝ ඇල්ලුවාම උසාවි නොදමා උන්ගෙන් ගමේ පන්සලට බඩු යවන ඕ අයි සී ලා ල්ංකාවෙ පොලීසියෙ හොයාගන්න අමාරුත් නෑ...

    ඒ වාගේම කාකි ශූට් එකෙන් තියෙන වනචර වැඩ සේරම කරන උනුත් ඉන්නවා..උන්ට ගහන්න ඕණ මම ඒක ආයෙත් කියනවා...


    ස්ලිට් සිද්දිය මතකයි නේ,, ඩී අයි ජී ශෝක් එකට ඉන්නව ඩිවිශන් එකක් කරැන.. මැඩම් එක්ක අර කොල්ලට ගහපු පී සීලා එස් අයි ලා තාමත් ඉන්ටඩික්...

    පී සීලට කියල ගෙවල් හදාගත්ත ඩී අයි ජීලත් නැතුවම නෙමෙයි...(කම්කරු ශ්‍රමය ඉතුරු වෙන්ටෑ)


    කෙලින්ම මුන් හොරු මුන් හොදයි කියන්නෙපා කියලා මම කියන්නෙ.. රජයේ සෙවකයා (පොලිස් කාරයා ඇතුලුව) අකුරට වැඩ කරන්න කැමතියි ඒත් ප්‍රශ්නය ඒකට ඉඩක් නැති කම.. දිරිගැන්වීමක් නැති කම...

    පගාව ගන්නේ ජීවත්වෙන්න දෙන පඩිය මදි නිසානේ..

    එදා වීරවංශ උත්ගෝශනය කරද්දී පොලීසියෙ ඩී අයි ජී කෙනෙක්ගේ තොප්පිය ගලවනවා.(deputy inspector general) පොලීසිය අතවත් තිබ්බද එකෙක්ට නෑ...

    අන්න දේශපාලකයගෙයි ඉහල රජයේ සේවකයාගෙයි වෙනස...

    වැඩිය ඕන නෑ ප්‍රා ලේ කෙනෙක්ට අකුරට රාජකාරි කරන්න ඉඩක් තියෙද"????

    කවුද මේවා කතා කරන්නේ...

    කවුරුත් නෑ...

    ලිංග බේදයක් මොකටද මෙහ්ව් රටක තරුන ප්‍රජාවට....


    කෝකටත් අන්තිමට චිරං ජයතු තමයි...


    කතා කරලා ලියන අපි එක එකා කොට ගන්න නෙමෙයි..රටේ වැරදි හදන්න ඕණ....කලුනික හම්බුනත් ඒක වේවිද??
    අනේ මන්දා...

    මිනිස්සු පොලීසියට බනින බව දේශපාලුවෝ දන්න නිසයි හැම එකටම පොලීසිය ඇමට දාන්නේ..

    මෙතන තියෙන්නෙ දෙපාර්තමේන්තුවක වැරැද්දක් නෙමෙයි.. සම්ස්ත ජාතියකම චින්තනයේ වැරැද්දක්....

    ReplyDelete
  9. යසියා උබ ක්යන එක මට තේරෙනවා... මේ වගේ ගොන්පාට අපේ රටේ උනාම ල0කාවක් ඉතුරු වෙයිද මචන්... සිරාවට උබ කියනවා වගේ මෙතන තියෙන්නෙ..දෙපාර්තමේන්තුවක වැරැද්දක් නෙමෙයි.. සම්ස්ත ජාතියකම චින්තනයේ වැරැද්දක්....

    ReplyDelete
  10. ඉරාජ් කවදද කොපි නොකරෙ :D

    ReplyDelete
  11. @යසියා

    100%හරි.තිත්ත ඈත්ත.

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්