Wednesday, July 6, 2011

අනේ මන්දා .....අපි විරුධයි....... විශ්ව විද්‍යාල ....ආචාර්ය වරුන්....

විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පඩි වැඩි කිරීම සහ තව විදේශ සිසුන් ලංකාවට පැමිනීම පිලිබද ගැටලුවක් මේ දවස් වල තියනවා නේ.. ඒ ගැන කියන්න නේවේ මම යන්නේ,,,, මේ සිද්දි දැක්කම මට හිතෙන දේවල් ටිකක් කියන්න තමා මම යන්නේ... 
අර කලින් සම සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබ්බා නේ එකනම් ඇත්තටම ප්‍රශ්නයක් තමා/// මොකද ?? අවුරුදු 4 ඉගෙනගන්න තිබ්බ එක 3 කරපුවාම උපාධියේ තත්වේ නැති වෙනවා නේ... 
 ඔන්න ඔය ප්‍රශ්නේ කියන්න අපේ සුසන්ත (බයෝ) කරන සර් ගේ ක්ලාස් එකට කැම්පස් කට්ටිය ඇවිල්ලා දුක කියලා ගියා.. ඒ කට්ටිය ගියාට පස්සේ සර් මෙහෙම කිව්වා... 


පුද්ගලීකරනය විරුද්දයි කියනනේ ඉතින් බොරුවක්.. මොකද නිදහස් අධ්‍යාපනේ ඔය කියන්නේ.. මේ ක්ලාස් එකත් පුද්ගලික ක්ලාස් එකක් නේ.... ක්ලාස් ෆීස් ගෙවා ගන්න බැරි ලමයි කීයක් ඉන්නවා ද??? එහෙනම් මේවත් වහන්න ඔනේ... මෙවට ලමයි එන්නේ සල්ලි ගෙවාගෙන.. නිදහස් අදයාපනේ ..


කට්ටියම දැන් මට හිතුන එවාට උත්තර දෙන්න.....


කටිටිය කැම්පස් ගිහිල්ලා මෙඩිකල් සිලෙක්ට් වෙලා නිදහස් අධ්‍යාපනේ විදලා උපාදිය ගත්තාට පස්සේ නිදහස් බෙහෙත් දෙනවාද??? ෆ්‍රී මෙඩිසින්//// ප්‍රයිවට් ඩිස්පෙන්සරි දාගන්නේ නැද්ද??? 


2.PhD වගේ කරන්න හම්බෙලා ඒ රටේ පුරවැසිබාවය හම්බුනොත් ඒ රටේ ඉන්නේ නැද්ද?? නිදහස් අධ්‍යාපනේ ලැබුවා මම ඒ නිසා රටට සේවය කරන්න ඔනේ කියලා ආපහු එන්වා ද???


3කැම්පස් අවුට් වෙච්ච අය ඇයි මේ වගේ ප්‍රශ්න වලට මෑදිහත් වෙන්නේ නැත්තේ ඇයි???????



එක අතකට මේ කට්ටිය කියන එකත් හරි කියලා හිතෙනවා .. එලාවකට පැහැදිලි ඊරිසියාව කියලාත් හිතෙනවා ..  අනේ මන්දා????


ඉතින් කට්ටියා අමාරිවෙන් A/L කරලා නේ අමාරිවෙන් නේ කැම්පස් යන්නේ ඉතින් මේ වා කමක් නෑ ඉතින්... 



ඔය අලුතෙන් දෙන ආමි ට්‍රේනින් එකනම් පට්ට වගේ.. එකනම් වටිනවා ... මොකද එක වටින හන්දා...

8 comments:

  1. අධ්‍යාපනය පුද්ගලීකරනයට මම නම් පුද්ගලිකව විරුද්ධයි. මොකද එහෙම කියන්නේ ඔය අධ්‍යාපනය කියන්නේ අයිතිවාසිකමක් ඒක නොමිලේ ලබාදිය යුතුයි. උසස්පෙළ පංතියක් වගේ නෙමේ උපාධියක් කියලා කියන්නේ ඒක ගොඩක්ම වටින එකක්. (ලක්ෂ 10කට වඩා වැඩියෙන්). ඒක ලංකාවේ ගොඩක් දෙනෙක්ට ගෙවා ගන්න බෑ.

    උසස්පෙළ පන්ති නොගිහිනුත් විභාගේ ලියලා පාස් වෙන්න පුලුවන්. පාස් වෙලා කැම්පස් යන්නත් පුලුවන්. නමුත් කැම්පස් එකේ ඩිග්‍රි එක එහෙම ගන්න බෑ. ප්‍රැක්ටිකල් කරන්න ඕනේ. ටියුට් කරන්න ඕනේ. ඒ වගේම තව තව ෆීල්ඩ් විසිට්, ට්‍රේනින් වගේ දේවල් කරන්නත් ඕනේ. මේ සේරම පිටින් ඉදලා කරන්න බෑ.

    අනිත් එක තමයි පිටින් විභාග කරනවා නම් ඒකට උසස්පෙළ අවුරුදු දෙකට වියදම් කරන ගාන වගේ ඩබල් එහෙමත් නැත්නම් තුන් හතර ගුණයක් වියදම් කරන්න ඕනේ. මේ ගාන කොහොමද දුප්පත් ළමයෙක් හොයන්නේ ???

    ReplyDelete
  2. (1) සමහර මෙඩිසින් කරන අය දොස්තරලා වෙලා පුද්ගලික ඩිස්පැන්සරි දාගෙන බෙහෙත් දෙනවා. මේ දේ අපට නවත්වන්න බෑ. ඒක එයාලගේ පුද්ගලික කැමැත්ත. ඒ උනාට මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් පල නෙලාගත් කට්ටිය වශයෙන් ඒ අයගේ යුතුකමක් තියෙනවා රජයේ රෝහලක අවුරුදු කිහිපයක් හරි සේවය කරන්න.

    මේ යුතුකම පැහැර හරින්න නරකයි. පුද්ගලික ස්තාන දාගෙන බෙහෙත් දීම කරන්නේ ඒ අයට ලැබෙන පඩිය මදි හන්දා වෙන්න ඇති. මම නම් කියන්නේ ඩිස්පැන්සරි වල නොමිලේ බේත් දෙන්න ඕනේ නෑ. ඒ අය රජයේ රෝහල් වල කරන්න ඕනේ සේවය හරියට කලා නම් හරි.

    ReplyDelete
  3. (2) සරලව කියන්න තියෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන මහපොල ශිෂ්‍යත්ව ප්‍රතිලාභය අරගෙන ඉගෙන ගෙන ආචාර්ය උපාදියත් අරගෙන පිටරටවල් වල පදිංචි වෙන එක මහ පජාත වැඩක්. ඒ උන්ට යුතුකමක් තියෙනවා තමන්ගේ රටට සේවයක් කරන්න !!!!

    ඒ යුතුකම පැහැර හරින කාලකණ්නි !!!!! මම එවුන් ගැන වැඩිය කතා කරන්නේ නෑ.

    උපාධි ගන්න රට ගියාට කමක් නෑ. රට ගිහින් රස්සා කලාටත් කමක් නෑ.මොනවහරි හරි හම්බ කරන් තමන්ගේ රටට සේවය කරන්න එන්න ඕනේ. මේ රට දියුනු කරන්න පිටරටවල් වලින් දනුම අරන් එනවා වෙනුවට ඒ රටවල් වලට වැඩ කරන එවුන් ගැන කතා කරන්න ඕනේ නෑ !!!!

    ReplyDelete
  4. (3) මිනිස්සු හරිම ආත්මාර්ථකාමියි. තමුන් විතරක් උපාධි අරගෙන අවුට් උනාම ඇති කියලා හිතන කොට්ටාසයක් !!!!

    ReplyDelete
  5. හ්ම්ම්ම්.............

    ReplyDelete
  6. PHD karala pitaratawala nawathinna puluwankama thiyeddi mehe awith uganwana guruwaru watup wadivimak illana eka sadaranay.

    ReplyDelete
  7. මධුරංගගේ කතාවට මං එකගයි. හැමෝටම කැම්පස් යන්න බෑ තමයි. කැම්පස් නොතේරෙන ළමයින්ටත් ඉගෙන ගන්න ක්‍රමයක් තියෙන්න ඕන. ඒත් අමාරුවෙන් උසස්පෙළ කරලා කැම්පස් ගිහින් අමාරුවෙන් උපාධිය ගන්න ළමයින්ට සමාන උපාධියක් එයාලටත් දෙනවනම් ඒක අසාධාරණයි නේද...

    ReplyDelete
  8. ස්තූති සහෝදර සහෝදරියනී ඔබේ අදහස් වලට

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්