Friday, July 8, 2011

සති තුන...

ඔන්න ආවා කාලෙකින්. මමත් ගියා අපේ එස්.බී. ගෙ ලීඩර්ශිප් ට්‍රේනින් එකට.
ඔව් ඔව්, අන්තරෙන් නඩු දාපු එක තමයි...

තලාතුඔය නේවි කෑම්ප් එකේ තමා තිබ්බෙ, අනේ දෙයියනේ කියල කට්ටක් නම් තිබ්බේම නෑ... 
මෙන්න සරල රූටින් එක,
5ට නැගිට්ටා
6ට PT
8ට විතර සරඹත් කරා
ඔන්න 9ට ලෙක්චර්ස් , අනම්මනම් ඇක්ටිවිටීස් පටන් ගන්නවා
ඕක යනවා 3 පහුවෙනකල්, ඊට පස්සෙ ස්පොර්ට්ස් (cricket, volley ball, TT, badminton, basket ball....).. ඔය මැදින් තැනින් තැන පොඩි පොඩි ෆ්‍රී වෙලාවන් තියනව.
රෑ කෑමට කොල්ලො ජෙන්ට ගහන්ඩ ඔනි, ශොර්ට ගහල බාට කෑලි දාලා එහෙ මෙහෙ යන්ඩ බෑ (කැම්පස් වලත් එහෙමයිලු නේ? ) , කෙල්ලො සතියට දවස් 3ක් සාරි...
රෑට 7ට විතර කාලා 9 10 වෙනකල් පොඩි පොඩි අයිටම්ස් තිබ්බා.



මේන්න මෙව්වා තමා තිබ්බේ. 

Social Manners (cutlery crockery, DRINK LIKE A GENTLEMAN :D , dress codes, handshaking, formal dinners & lunch , cocktail party manners, interviews....)

Law (ටිකක් නින්ද ගියා.. ;))

Conflict Management ( නේවි එකේ අය වලියක් දාද්දි ඒක බේරන හැටි තම ප්‍රැක්ටිකල් එක..  )

Psychology ( සෑහෙන්ඩ වටින එකක්..  )

Sexual Education (harassments, safety, problems...)

Personal Hygiene

Leadership ( නින්ද ගියා.. ;) )

First Aid ( සෑහෙන්ඩ වටින එකක්.. )

HIKE ( කිරිමැටිය කන්දට, අපි තමා ඉව්වේ.. නේවි අයත් එව්ව තමා කෑවෙ.. අල ගලවපු ගමන් වගේ, බෝන්චි ගහෙන් කැඩුව වගේ.. :D )

හාමුදුරුවො කෙනෙක්ගේ දේශනයකුයි, මොහාන් පල්ලියගුරුගේ දේශනයකුයි අංගම්පොර ගැනයි තිබ්බ බොක්කටම වැදුනා, ඒවා මෙහෙ කට්ටිය අතින් දාපුවා ලු ministry එකෙන් කීව ඒවට අමතරව.

TRIP ( randenigala, rantambe ඇතුලටත් ගියා.. & victoria... වෙන දවසක දළඳා මාළිගාවට, කරඬුව ළඟටම යන්න අවස්ථාව අරන් දුන්නා... )

කෑමත් හොඳයි, වයසක ඔෆිසර්ස්ලා දුව පුතා කීවා, අනික් සේලර්ස්ලා මිස්ටර්, මිස් කියල තමා කතා කරේ.. එපා කීවට අහන්නේම නෑ.

මරු ආතල් එකක් ගත්තා, ආහ් තව ගායන තරඟයක් තිබ්බා, drama කළා..
ගායනා තරඟයේ මුල් වට දෙකට පිටින් බෑන්ඩ් එකක් ආවා. අන්තිම වටයට නේවි බෑන්ඩ් එක ආවා. අර රණවිරු රියල් ස්ටාර් වුණු කමාන්ඩර් ඩේමියන් ප්‍රනාන්දුත් ආවා.

සරා අයියා දන්නවද කවුද සුපිරි තරුව කියලා? ඔයාලගේ පන්තියෙ දඩ මීටරයක්, ර** පීරි.....

ආහ් තව debate කලා.. ගෲප් powerpoint presentation තිබ්බා, එහේ internet facilities තිබ්බා....
හැමෝම මොනාටහරි ස්ටේජ් එකට නැග්ගා..

තව දාලා එන්ඩ අමාරුම උනේ යාළුවන්ව, කට්ටිය එකට ගත්තු ආතල් එක... :(

අන්තිම රෑ camp fire එකක්, නේවි කැලිප්සෝ බෑන්ඩ් එකත් ආවා, ෆන් ගත්තා..

එන දවසේ අපේ ඩ්‍රිල් එකයි, නේවි බෑන්ඩ් ශෝ එකයි , නේවි එකේ ඩාන්ස් එහෙමත් තිබ්බ, අහ් ආයේ නේවි සුනඛ අංශයෙනුත් පොටි අයිටම් එකක් තිබ්බා.. 

අපේ පෙරඩ් එකේ අන්තිමට තිබ්බේ slow march එකෙන් සරඹ පිටියෙන් එලියට එන්ඩ, එතකොට අපිත් එක්ක හිටපු සර්ලා අප්පුඩි ගහද්දි බඩ පපුව දාලා ගියා, සිරාවටම..

කවුරුත් කිසිම විදියකට මේකට විරුද්ධ වෙන්න එපා, කැම්පස් ඇතුලේ අය විරුද්ධ වෙනවානම් ඒ වෙන මොකටවත් නෙවෙයි ඉරිසියාවට කියලයි අපිට හිතෙන්නෙ..




ඒ සති තුන මාස ගානක් කරන එකේ එකම අවුලයි තියෙන්නෙ, අපි සති තුනක් ඉඳලා එන්න මෙච්චර අමාරු වුණානම්, මාස ගානක් ඉඳලා සමුගන්ඩ කොහොමත් බැරිවෙයි...
 :C

10 comments:

  1. දොලේ මල්ලි පට්ටම ආතල් එකක් අරන් නේ. නියමයි නියමයි.

    ReplyDelete
  2. අනේ එහෙ නම් ජොලිම ජොලි වගෙ,අපිටත් කැම්පස් යන්න ලැබුනොත් ඉතින් ඔය ෆන් එක ගන්න පුලුවන් වෙයිනෙ.ඒත් අපි කැම්පස් යන කාලෙට කව්රුහරි උදැල්ලක් දාල ඕක නවත්තයිද දන්නැහැ

    ReplyDelete
  3. අඩේ පට්ට නේ.. දොලේ මල්ලි.... මෙක මාර අත්දැකීමක්වෙන්න ඇති නේ.... එල එල... පට්ට... අපෙ රටේ රජය ඉදලා ඉදලා මොලේ ඇති වැඩ කරනවා නේ....කව්ද බන් අපේ දඩ මීටරේ...

    ReplyDelete
  4. මධූ අයියා, පට්ටම ආතල් සීන් විලි ල්ජ්ජා ඇතිව දාන්ඩ බෑ මෙතන...

    කඩේ හාමිනේ, නෑ එහෙම වෙන්නෙ නෑ, එස් බී හැමදාම කිරිත් එක්ක සමහන් බොනවලුනේ... :P

    සරා අයියා, මොනා වුනත් සිරා ට්‍රේනින් එක. ප්‍රශ්නෙට උත්තරේ ලැබුනනෙ මැසේජ් එකෙන්..

    ReplyDelete
  5. කව්ද කිව්වෙ දෑන් කැම්පස් වල ඉන්න අය විරුද්ධයි කියලා? ඔය විරුද්ධයි කියල කෑ ගහන්නෙ බොහොම සුළුපිරිසක්.. අපි අලුත් බැච් එකකින් බලාපොරොත්තු වෙන්නෙ එකමුතුකම. ඒ දේ කැම්පස් එන්නත් කලින් සිද්ධ වෙනවා නම් ඇයි අපි විරුද්ධ වෙන්නෙ? සරසවි සිසුවො කවුරුත් ඔයාලට ඉරිසියා නැහැ. ඇවිත්ම බලන්නකො! සුබ පැතුම්

    ReplyDelete
  6. වැඩේ පටන් ගන්න කලින් ගොඩක් දෙනෙක් එක එක ඒවා කිවුවත් ගියපු අයගේ අදහස් වලින්නම් එක මොනවා නැතත් හොදට විනෝද වෙන්න ලැබුන අවස්ථාවක් වගේ...

    ReplyDelete
  7. hamotama kiyanawa wage api 2006 idan camp gihilla ganna fun eka gana hithanna..me mage anthima year eka cadet lyf eke..sahenna dukayi..e unata yanna puluwan lokuma rank ekata gihilla inne..eka gana sathutui...

    ReplyDelete
  8. අපිත් පට්ටම ආතල් එකක් ගත්තා. 2012 දෙසැම්බර්, ත්‍රිකුණාමලය යුද හමුදා කදවුරේ

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්