Tuesday, December 11, 2012

අම්මෝ අද කාලේ තියන සමාජ ජාල (social networking sites) තොගය...

මේ ඔයා ෆේස්බුක් ඉන්නවා ද? ට්වීටර්, ඉන්ස්ටාග්‍රෑම් ඉන්නවාද.. අද කාලේ ලමයින්ගේ ප්‍රියතම ප්‍රශ්ණ තමා ඕවා... ඇත්තටම අපිට සෝෂල් නෙට්වර්ක් නැතිව ඉන් න  බැරිද? සමහර අය  නම් ඉතින් උදේ නැගිටින්නේ සෝෂල් නෙට්වර්ක් එකක නෝටිෆිකේෂන් එකක සද්දෙන්... එච්චරට ඒකට ඇබ්බැහි වෙලා... නැගිට්ට ගමන්ම මුලින්ම ගියා ෆේස්බුක් බැලුවා නෝටිෆිකේෂන්ස් .. ගියා ට්වීටර් බැලුවා මොනවාද ට්‍රෙන්ඩ් වෙන්නෙ කියලා... අද ඉස්කෝලේ යන්න කම්මැලි කියලා ට්වීට් එකක් දැම්මා... ඒක 10 දෙනෙක් විතර රීට්වීට් කරන කන් බලන් ඉන්නවා..ඉන්ස්ටාග්‍රෑම් එකේ ෆොටෝ එකක් දැම්මා ලයික් කීයක් තියනවාද කියලා බලනවා...... හුටා... වෙලාව 7 ඉස්කෝලේ යන්න පරක්කු වෙලා..

(පාඨකයෙක්... )
මේ අඩෝ සරා තමුසේ කරන ඒවා වෙන එවුන්ගේ එකවුන්ට් එකෙන් යවන්න එපා ඔයි... තමුසේ නේ උදේ පාන්දර නැගිට්ට ගමන් ෆේස්බුක් යන්නේ... දත් මදින්නෙත් නැතිව...

*ආහ්... ම්ම්ම් කොහෙන්ද මම නතර කරේ විකොන්තත්කේ Vkontakte කියන්නේ පවෙල් දුරෝෆ් Pavel Durov හදපු සමාජ ජාලය... රුසියානුවෙක්  (විමල් කටහඩින් ) ඔව් අපි ඇමරිකානු ෆේස්බුක් අඩවිය වර්ජනය කරන්න ඕනේ,,
(පාඨ්කයා ) අනේ පලඩෝ යන්න... කතාව කියහං
*හරි හරි.. vk ඩොට් කොම් කියන්නේ රුසියාවේ ඇලෙස්සා #2 ටෑෆික් රෑන්ක් එක තියන සෝෂල් නෙට්වක් එක.. ෆේස්බුක් ලොවෙත් නෑ... #1 රෑන්ක් එක තියෙන්නෙ යන්දෙක්ස් Yandex 

කියන ගූගල් වගේ සර්ච් එන්ජින් එක...  වීකේ ඇත්තටම ෆේස්බුක් ලේඅවුට් එකම තමා පරණ ලේ අවුට්එක

ම තමා

මේක හැදුවේ 2006 ෆේස්බුක් හැදුනේ 2004 නේ

(පාඨකයෙක් )බලනවා ඒ හැම රටකටම සෝෂල් නෙට්වර්ක් එකක් තියනවා.. අපිට තමා නැත්තේ...

*ඇයි යකෝ එළකිරි ඩොට් කොම් තියෙන්නේ...
(පාඨකයෙක් ) ට්වීටර් තේරෙන්නේ නෑ ඔයි.. ගූගල් ප්ලස් එකත් එහෙමයි...


ට්විටර් මට ෆේස්බුක් වලට වඩා හොදයි.. වැදගත් දේවල් විතරක් ෆලෝ කරාම වැදගත් දේවල් විතරයි නිවුස් ෆීඩ් එන්නේ.. අයියෝ ෆේස්බුක් එහෙමද.. ඔබ වැසිකිලියට ගියා නම් ලයික් LIKE  කරන්න තාම යන්න බැරුවුනා නම් කමෙන්ට් COMMENT කරන්න වැසිකිලි නැති අය වෙනුවෙන් මේක ශෙයා SHARE  කරන්න... අප්පෝ පට්ට චාටර්.. ට්වීටර් ගූගල් ප්ලස් එහෙම නෙවේ.. වැඩේ එළට යනවා... ජාති වාදී ආගම් වාදී පෝස්ට් නෑ.. සුපිරි යමක් ඉගෙන ගන්නත් පුලුවන්...

(පාඨකයෙක් )මේ ඔයි සිරාවට ගූගල් නැත්තම් මම ඉවරයි ඔයි.. ඩිග්‍රී එක සම්පූර්ණයෙන්ම ගූගල් සරණෙන් කරේ.. නැත්තම් මම ලොවෙත් නෑ.. පොත් තියනවා කියලා ඈ.. විකිපිඩියා සරණ වුණා මට...

ඒක තමා බං කියන්නේ සෝෂල් නෙට්වර්ක් තිබ්බ පලියට පාවිච්චි කරන්නේ නැතිව.. වැදගත් විදියට පාවිච්චි කරන්න කියලා... යමක් ඉගෙන ගන්න පාවිච්චි කරන්න කියලා..මම ගියා.. සුභරාත්‍රියක්

සෝෂල් නෙට්වර්ක් නෙවේ දින 90කින් බ්ලොග්පොස්ට් එකක් දැම්මේ නැති හන්දා මාව සිංහල බ්ලොග් කියවනයෙන් මාව ඉවත් කරලා... අයියෝ..

5 comments:

  1. සමාජ ජාල කියන්නේ ඉතින් පිහියක් වගේ තමයි. අත කපාගන්නෙ නැතුව වැඩේ කරගන්න අපි දැනගන්න ඕන. බුකියට වඩා ට්විටරේට මාත් මනාපයි. @sabithl

    ReplyDelete
  2. හපො තව ඩිංගෙන් අපිත් එලියට දානවා

    ReplyDelete
  3. (පාඨකයෙක්) කොහෙද ඕයි තමුසේ මෙච්චර කල් ගිහින් හිටියේ..

    ReplyDelete
  4. Sabith ඔව් ඔව් දැලිපිහියෙන් කිරි කනවා වගේ තමා :)
    Loku John අම්මේ ලොක්කා එහෙම කරන්න එපා... :)
    මධුරංග අයියා.. වැඩ පොඩ්ඩක් වැටුනා.. එකයි එන්න බැරි වුනේ :)

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්