Thursday, February 24, 2011

Cannabis sativa ජොයින්ට්!! ගංජා කියන්නේ මොනවද?

Marijuana ගංජා කියන්නේ Cannabis sativa  ශාකයේ buds මල සහ පත්‍රයටයි!! 

මේ ශාකය ප්‍රායෝගික ව සිදුවන ක්‍රියාදාමය ගෑන මම කියලා වෑඩක් නෑ මොකද!!ගොඩක් අය මෙක පාවිච්චි කරනවා මම කියන්න යන්නේ මේකේ සයන්ටිෆික් පෑත්ත ගෑන් ..


මෙම ශාකයේ රසායනික වර්ග 400 ක් පමණ තියනවා ලු.. එයින් ප්‍රදාන වන්නේ ටී.එච්.සී කියන රසායනික ඩ්‍රව්ය delta-9-tetrahydrocannabinol (THC)...thc අපේ මොලයේ තාවකාලික මතකය සමග ක්‍රියා කරයි


THC හන්දා ලු කට්ටිය පාවෙන්නේ!! වෙලාව යන්නේ නෑ වගේ තේරෙන්නේ!! හිනායන්නේ... හික්ස්.. ඔය රසායනික සීන් එක හන්දා ලු!! 


මේන්න ලොවෙත් නෑති පින්තූර ටිකක්!! මම මෙක බ්ලොග් එකකින් දෑක්කේ










උඩ තියන පින්තූර ටික ගත්තේ කඩ්ඩ බ්ලොග් එකකින් කමක් නෑ නේ


ඉස්කෝලේ කාලේ මතකයන් (7 වසරේ)

අපේ ඉස්කොලේ අපර් ස්කූල් පටන් ගන්න්නේ 7වසරෙන්!!! ඉතින් අපර් ස්කූල් එකට ගිය අලුත අපි ඉතින් ප්‍රීෆෙක්ට්ස්ලාටයි අපෙ විනය බාර වෑද්දාටයි!!! වෑද්දා කියන්නේ ඒ සර් තමා මනමේ නාට්ටියේ වෑද්දාට රගපාන්නේ.. මම නම් ඒ නාට්ටිය බලලා නෑ.. කොහොම හරි අපි හරි බයයි..ඉතින් අපි ඉන්ටවල් එකට යනවා කෑලේට සෙල්ලම් කරන්න.. ඔය කෑලේ ඉවර වෙන්නේ අපේ ඉස්කොලේම නම් තියන බාලිකා පාසලේ ගොඩනෑගිලි වලින්.. ඔන්න ඉතින් අපි යනවා ඔය කලේට කෙසෙක් පේර එක එක අබ වගේ පලතුරු කන්න!! කෙසෙක්ගස් එහෙම පෙරලලා කෑන් කපලා! පොඩි කටු මෑටි ගෙයක් තිබ්බ එකෙ තියනව
අමු කෙහෙල් කන්න බෑ නේ.. ඔය කෑලෙන් තමා අයියලා ඉස්කෝලෙන් පනින්නේ.. අපි ඉතින් ඉස්කොලෙන් එලියටම ගිහිල්ලා බෙල් එක ගහුවම අයේ එනවා!! මෑටි හරක්..කොහොම හරි අපි සෙට් එකක් ගියා කෑලේ කෑල්ලට.. කොහොමහරි අපි බාලිකා පාසල ලගටම ගියා!! ඔන්න කෙල්ලෙ සෙට් එකකුයි ටීචර් එකෙකුයි ඉන්නවා!! ඉතින් අපිට මේවා තහනම් කලාප නේ ඔක දෑකලා කලබල උනු අපෙ එකෙක් කෙල්ලො සෙට් එකට ගලක් ගෑහුවා.. පිස්සෙක් නේ ගහලා දිව්වා..ඒ වෙලාවෙම ටීචර් අපේ පිනාට කෝල් එකක් ඩීලාද කොහෙද අපි ඉස්කෝලෙට යද්දිම ඉන්නවා අපෙ විනය බාර ගුරු තුමා.. විනය බාර ගුරු තුමා.. පුක පෑලෙන්න හොන්ද ගුටි දීලා ඒ පෑත්තට යන්න එපා කිව්වා!! අයියෝ අයෙත් අපිට ගෙඩි කන්න බෑරි උනා!!  අර ගල ගහපු එකාට පිස්සු ද මන්දා!! කෙල්ලෙක් දෑක්කාම  ගල් ගහන සිරිතක් තියනවා ද?

ඔන්න අර 7 වසරේ තියෙන්නේ ජීවන කුසලතා කියලා විශයක්!! ඒ කාලේ මගෙත් එක්ක හිටියෙ අපතයා කියලා එකෙක්!! ඔන්න එක කරන්න හිටියේ ටීචර් කෙනෙක්!! සර් කෙනෙක් හිටියානම් මම අද ලොවෙත් නෑ!!  ටීචර් කිව්වා ඔයගොල්ලොන්ටතියන ප්‍රශ්න ලියන්න කියලා!! මම ඉතින් ලිව්වා  දත ගලවනවා!!  ගල් කපනවා! පෙට්ටි කඩාගන්නවා ඔහොම එක එක කුනුහරුප ලිව්වා!! එක මම ටීචර් ට දෙන්න නේවේ ලිව්වෙ කොහොම හරි බෙල් එක ගහපුවා ම අපතයා ඒ කොලේ පෙට්ටියට දෑම්මා.. මට එක අයෙත් ගන්නත් බෑ .. අම්මේ ඊලග සතියෙ තමා ඔය ප්‍රශ්න ටික කියවන්නෙ!! මම ඉතින් අපතයා හොන්දටම අමත අමත සතියක් කන්නෙ නෑතිව හිටියා!! ටීචර් මෙක කියවලා වෑද්දාට ඩුන්නොත් වෑද්දා මට ගුටි දීලා පිනාට දෙයි ! ඊට පස්සෙ සතියක් ගෙදර ඉන්න වෙයි.. ඔහොම බය වෙලා හිටියෙ!!
ඔන්න ඊලග සතිය ආවා!! ටීචර් ගත්තාමගේ කොලේ!! පෙට්ටි කෑඩෙනවා!! ඉතින් අලුත් පෙට්ටියක් ගන්නකො!! ගල් කපනවා ඒ මොකක් ද?? සද්දේ ද ප්‍රස්නේ එක ට  කනේ ඈබයක් ගහගන්න!! දත ගලවනවා !!ඉතින් දත් නරක් උනාම ගලවන්නම වෙනවා නේ කිව්වා! එතකොට තමා මට ලේ ටිකක් ඉනුවේ!! ඔක සර් කෙනෙක් එහෙම කියෙව්වා නම් ලියපු එකාව කොහොම හරි හොයාගන්නවා!! පොත් වල අකුරු බලලා!! ලොවෙත් නෑ

Monday, February 21, 2011

මගේ HIV negative ඔබේ????????

මාගේ මෙඩිකල් ටෙස්ට් එක සදහා මා රුධිර පරීක්ශාවක් සහ පෙනහලු පරීක්ශාවක් සිදු කලේය. එය සිදු කල විදිය ඔබ සමග බෙදාගනීමට මා හට සිතුනි.
Mantoux test මාන්ටෝ පරීක්ශනය

මෙමගින් සිදුකරන්නේ ක්ශය රෝගය Tuberculosis පරීක්ශාකිරීමයි 
මා මෙම පරීක්ශාවට බෝගම්බර ලය රෝහල ට ගියා.. අම්මෝ එකට නිකන් මනුස්සයෙක් ගියොත් ක්ශය රෝගේන් බගයක් සාදාගෙන එලියට එන්න පුලුවන්.. එච්චරට එලියේ දුවිලි.. බස් රෝහල ඉඩිරියේ තමා ගාල් කරන්නේ.. මරු.. එක ඔනේ නෑ.. ටෙස්ට් එක.. ඔහොම විදලා පෑය 72 ඉන්න ඔනේ එතන 5මිලි මීටර් වලට වඩා රතු පාට වෙනන බෑ.. එහෙම උනොත් ටී.බී පොසිටීව්.. එකට එහෙම වෙනවා ඒඩ්ස් පොසිටිවී රෝගීන්ටත්.. 10 ම්ම් පමන ලොකු උනොත් ඔහු මත් ඩ්‍රවය ශරීරයට එන්නත් කරන පුද්ගලයෙක් ලෙස සලකයි..5 මීමී අඩුයි නම් .. ඔහු ටී.බී නෙගටිව්.. 




ඒඩ්ස් පරීක්ශාව. එලිශා පරීක්ශාව
Enzyme-linked immunosorbent assay (ELISA)

එය රාසායනාගාර පරීක්ශාවක් නිසා එය සිදු කරන්නෙ කෙසෙ දෑයි මම දන්නේ නෑ

VDRL පරීක්ශාව
 මෙමගින් සිපිලීස්.. පරීක්ශා කරනු ලෑබේ



Tuesday, February 8, 2011

අයියගෙම මල්ලිගෙන් ඇස්ලෙඩ ප්‍රතිකර්ම

හම්ම්ම්ම්..... තාත්තා අද ගෙදර ආවෙ ඇස්දෙක රතු කරගෙන, එළවගෙන ඇවිත් තියෙන්නෙත් බොහොම අමාරුවෙන්. නෑ එයා අමද්‍යපයි, බීල නෙවෙයි ඇස් රතු වෙලා තියෙන්නෙ. ඇස්ලෙඩ ! උදේ හොඳට ගෙදරින් ගියා, ඒත් ඉතින් වෙලාව තමයි නේද?

හරි කතාවට බහිමුකෝ, ඔන්න එන ගමන් දොස්තරවත් මීට් වෙලා මොකක්ද බෙහෙතකුත් අරන් ආවෙ, ඇහැට දාන එකක්.
ඔන්න ඔය සමන්පිච්ච වතුර හොඳයි කියනවනෙ ඔය ඇස්ලෙඩ වලට අම්මත් ඉතින් මල්ලිටත් ඇහෙන්ඩ ඔය කතාව කියලා වතුර භාජනේකට සමන්පිච්ච මල් ටිකක් දාල කෑම මේසෙ උඩින් තිබ්බයි කියමුකෝ.

ඔන්න තාත්තා සාලෙ සෙටියෙ පොඩි ඇලට් එකක් දාගෙන මල්ලිට කතා කළා.
"චූටි පුතා, අර බෙහෙත් එකෙන් බිංදුවක් දාන්ඩකෝ.... ඔය රාක්කෙ ඇති..."

හරි ඔහොම ටික වෙලාවක් ගියා. තාත්තට ටිකක් තද වෙලා වගේ කතාකරන්ඩ පටන් ගත්තා...
"බෙහෙත් ටිකක් දාන්න කීව , එහෙම වැඩක්වත් කරන්ඩ බැයිද? මොනා වෙලාද මන්ද ! " ඔහොම මල්ලිට බනින්ඩ පටන් ගත්තා...

මල්ලි කියාපි "ඇයි මම දැම්මෙ....."
යකෝ තාත්තගෙ ඇස්දෙක තාත්ත දන්නෙ නැතිවයැ...
"කොයි වෙලාවෙද ?"
"කියපු ගමන්මයි.."
තාත්ත උඩි බිම බල බල " පිස්සුද චූටියා, දැම්මෙ නෑනෙ. කොහෙටද දැම්මෙ..? "

මල්ලි ගත් කටටම "අර සමන් පිච්ච වතුර එකට...." කියාපි.....


කාට කාටත් කට උත්තර නෑ.... තාත්තා පැය බාගයක් විතර බෙහෙත් දානකල් ඇස් දෙක බරුගහගෙන බලන් ඉඳල... මූ අර වතුර භාජනේට බෙහෙත් දාල.....

කොහෙද අයියගෙම මල්ලිනෙ.......

අද දින අමු අමුවේ වුනු සිරා සීන් එකක් අම්මප.....

Monday, February 7, 2011

සැබෑ කළුනික සොයන්නේ මෙහෙමයි!!

අටි කුකුලාගේ කූඩුපිහිටා ඇත්තේ ඝන වනාන්තරයේ පදුරු අස්සේ ය. එය සොයාගනීම මහත් දුශ්කර කාර්යයකි. අටි කුකුලු කූඩුවක් සොයා ගැනීමට ඔබ සමත් වුවහොත් එය වාසනාවකි! ඔබට අටි කුකුලු කූඩුවක් සමු වුව හොත් එය ප්‍රවේශමෙන් රැගෙන ගොස් ගලාබස්නා දියපහරකට දැමිය යුතුය ..එවිට අටි කුකුලු කූඩුවේ සගවා ඇති පුදුම බලයක් සහිත කලුනික කැබල්ල උඩු ගං බලාපාවීමට පටන් ගනී! එවිට එය රැහෙන ගොස් වලලක ඔබ්බවා  පලදින්න එවිට ඔබට වාසනාවන්ත කාලයක් උදාවනු ඇත
එය පැලද සිටින විට පාලු හුදකලා තැනකදි කිසිවෙකු ඔබට වෙඩි තැබුවහොත් ඔහුට ඉලක්කය වැරදි වෙඩි නොවදී ඒ පිලිබද ජනප්‍රවාදය එසේය

උපුටා ගනීම ඩග්ලස් රෆල් in ruhunu jungles කෘතියෙනී

Sunday, February 6, 2011

මෙහෙමයි විභාග ලියන්න ඔනේ











පිස්සෝ 3 දෙනා ගේ කතාව

ඔන්න පිස්සෝ 3 දෙනෙක් හිටියා ලු!!! දවසක් රෑ 12 විතර ඔන්න එක පිස්සෙක් හොදටම නිදිලු!! අනිත් එවුන් දෙන්න ඇහරලා!! ඇහරලා හිටපු එකෙක් කිව්වා ලු !!
අඩේ අපි මූට ෆන් වැඩක් කරමු!! මුගේ බෙල්ල කපලා අපි හංගමු ...එතකොට මූ හෙට උදේ නැගිටලා හොයයි නේ!!! හැබයි මූ හෙට උදේට හොයද්දි උඔ උට කියන්න එපා මම තමා කපලා හංගුවේ කියලා
 හික්ස්

Friday, February 4, 2011

සිමයියා හොද බේබද්දා!! එයාගේ වයිෆ් ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ ( විහිලු කතාව )

හොරකමින් කාලේ ගෙවන අර නොන්ඩි සිමයියායි එයාගේ පුතා බබයියායි, සිමයියාගේ අයියා කිච්චයියා,, ගල් පලෙන අලි බොරු කියන සිමයියාගේ සීයා ජේමිස් අයියා... මුන් සෙට් එකේ කතාවක් නෙවේ කියන්න යන්නේ..වෙන සිමයියෙක් ගැන කියන්න යන්නේ
සිමයියා ඉතින් හැමදාම හවසට පොඩි ශොට් එකක් දානවා !! ඉතින් කාන්තා පාර්ශවය ඔකට කොහොමටත් ඉතින් කැමති නෑ නේ!! ඉතින් බීලා ගිය හැම දාම සිමයියාට ගෙදර දුක් සීන්!!! කනක් අහිලා ඉන්න නෑ!! ඉතින් බීපු දවසට පොර සද්දයක් වත් නෑ!! මීයා වගේ ..බිව්වා ද කියලා ඇහුවාම
නෑ රත්තරන් පිස්සු ද?? මම බොනවා ද?
ඔන්න දවසක් ඔෆිස් එකේ පොරක් ගේ ෆෙයාවෙල් පාටියක් තිබ්බා!! බොන්න නෙවේ එක එක එක්කෙනා ට බුලිය ගානේ දීලා එකේ බැහලා නාන්න පුලුවන් තරමට බොන්න තිබ්බ ලු!!
 සිමයියා ශොට් එක දෙක දානවා !!! කන රත් වෙනවා!! හීන් ආතල් එකක් එනවා!! සින්දුවක් දෙකක් අහෙද්දි බුදු ෆන් එක!!!
දැන් සින්දුවත් එක්ක පොර ශොට් නෙවේ  හොදට කරටි කැඩෙන්න බීලා හිටියේ!! ඔන්න දැන් පොරට වයිෆ් වත් මතක් වෙනවා!!සිමයියා මොනවා උනත් වයිෆ් ට ආදරෙයි!! එයා දන්නවා වයිෆ් බනින්නේ ආදරේට කියලා!! පොර ඉතින් වයිෆ් කොච්චර බැන්නත් අහගෙන ඉන්නවා!!
සිමයියා ෆුල් (බැලැක්අවුට් ) දැන්!!!
ඔන්න පොර පාරට බැස්සා බස් එකක් ගන්න!! මුට කලින් පාර යනවා ඉස්සරහින් මු පාර අල්ලන්න දුවනවා! ගස් එහෙම මුත් එකක කතා කරන්න එනවා!! මු බය වෙලා!! අඩෝ අයේ නම් මම බොන්නේ නෑ මේ පිස්සු නේ මට වෙන්නේ!!
හුටා බස් නෑ!!! කොහොමද ගෙදර යන්නේ... ඔන්න පොර ගත්තා වයිෆ් ට කොල් එකක් (හනී!! අයි විල් බී ලේට් ටුඩේ අයි හැඩ් අ මීටින්!!!) වෙලාව කීයද 11 .30
වයිෆ් දැනගත්තා මූ හොන්දටමබීලා තමා කියලා!!
 ඔන්න ඇතින් බස් එකක් එනවා මූ එල්ලිලා ගියා ගෙදර!!  බස් එකම ගදයි!! බස් එකේ ඉන්න හැමොම බීලා සිමයියා බැන බැන බස්සා!!
ආ බස් එකේ ගිය සින්දුව කියන්න අමතක උනා නෙ!!! රටක් වටිනවා මගේ මව්පියො දෙන්නා මලක් සේම දඩි කරලා මට සැප දුන්නා මම කල පව් කියලා දෙපතුල දන වටිලා දඩි කල මව්ට වදිනවා!!
මේක අහද්දි සිමයියාට පපුව පැලෙන්න වගේ ආවා!! අම්මවටි තාත්තවයි මතක් වෙලා!!! කොහොම හරි පොර බස් එකෙන් බස්සා
ඔන්න පොර ගියා කටු කම්බියක් ඉබින්න!! හුටා මු!! තුවාල කරගත්තා පිටයි පස්සයි!!! මු ශේප් එකේ වේදනාව ඉවසගෙන ගෙදර ගියා.. වයිෆ් නිදි!! 1.30 නේ!! සිමයියා ගියා කන්නාඩිය ඉස්සරහට!!! කන්නාඩියෙන් බලාගෙන බෙහෙත් දාගත්තා!!! ටක් ගාලා ඇදට පැනලා නිදා ගත්තා!!!
සිමයියාට හෙන සැටිස් වයිෆ් දන්නේ නෑ නේ බිව්වා කියලා!!
හැබයි ඉතින් තුවාලේ තාමත් රිදෙනවා!!
ඔන්න උදේ උනා!! වයිෆ් ඇහුවා සිමා ඔයා ඊයෙත් බිව්වා නේ!!! ඔයා නම් හැඩෙන්නේ නෑ!!
 සිමයියා කිව්වා නෑ හනී මම බිව්වේ නෑ!!
බිව්වේ නෑ මම දැනගත්ත බීල තමා කියලා කන්නාඩියට බෙගෙත් දාලා තියන කොට හික්ස්!! මු ඩොප් වැඩිකමට කන්නාඩියෙන් බලාගෙන කන්නාඩියට බෙහෙත් දාලා

Thursday, February 3, 2011

කොලඔ බදුල්ල දුවන උඩරට මැණිකේ කෝච්චියේ ගිහිල්ලා තියන අය පහල පින්තූර බලන්න

2 වසරට ගියපු අයට මේ කවිය මතක ඇති
කදු ගැට නැග නැග පල්ලම් බැස බැස
සද්දෙන් හොස හොස 
කෝච්චි එනවා...
(අමතක යි කවිය )
රඹුටන් අරගෙන
කොච්චියෙන් බැස තාත්ත එනවා





බංගලාදේශයේ පොඩි එවුන්ගේ තාත්තලා රඹුටන් අරන් එන්න බුදු දුකක් විදිනවා ඇති නේ

Wednesday, February 2, 2011

ඉලංදාරියාට සවන් යුග වෙමු !

 බ්ලොග් අහසේ සැරිසරද්දී තමයි මේ අනුවේදනීය කථාව මුණගැහුණේ. ඔබේ කන් දෙක මොහොතකට දෑතින් තද කරගන්න........... හැමදාටම ඔහොම උනොත්....? ඔබට දැනෙන ඒ හැඟීම හැබෑවටම විඳින ඉලංදාරියාට සරණක් වෙන්න...............

Tuesday, February 1, 2011

අපායේ ජොබ් එක

සාගිනිස් පච වැඩ  තකතීරු වැඩ ඇමතින්ගේ උවමනාවට කුලියට බලුවැඩ කීරීමෙන් අපා ගත විය.එහි ඇති ඇතම් දඩුවම් සුපිරිය... ඒවා දුටු පුද්ගලයෙකු නැවත ලොවට එමට වරම් ලැබුනොත් ඔහු කිසි දිනක වැරදි කරන්නේ නැත!!
මෙවනි දඩුවම් කීහීපයක් සාගිනිස් අපායේ දොරකඩදීම දුටුවේය. ඔහුගේ බඩ දෑවේය. ඇමතිවරුන්ට අපායේ විශේෂ ආසන වෙන්කොට ඇති නිසා ඔවුන් ජීවත්ව සිටින විටදී යමපල්ලන් ඇමති වරුන් කියන දේවල් අසා ඒ අනුව ක්‍රියා කරයි
මෙය දැනගත් සාගිනිස් ඔහුගේ බලු සග ඇමතිට දුරකතන ඇමතුමක් දී මෙසේ පැවසුවේය. අනේ ලොක්කා මටනම් මෙහේ ඉන්න බෑ ! අපි මෙහේ මාධ්‍යවෙදීන්ට යුක්තිය ඉල්ලපු අයට නිහතමානි සිත් තියන අයට කරපු බලු වැඩ මෙහේ ඉන්න යමපල්ලෝ අපිට කරනවා!! අනේ මාව බේරගන්න!! යයි ලදරුවෙක් මෙන් ඇඩීය. මෙය අසා ඇමති යමපල්ලන් අමතා මේ මගේ එකෙක් මුට පොඩි රීලීස් එකක් දීපන් යයි පවසීය. යමපල්ලන් එයට අවනත විය. සාගිනිස්ට කැමති දඩුවමක් තොරා ගනීමේ වරමක් සාගිනිස්ට යමපල්ලන් ලබා දුනී
සාගිනිස්ට සතුටක් දැනුනී. ඔහු එක්තරා සිද්ධියක් දුටුවේය..
එක්තරා පුද්ගලයින් කිහිපයක් (බෙති ගොඩක් ) මලපහ ගොඩක් උඩ ඉදගෙන සිගරට් උරමින් සිටියේය. මෙය දුටු සාගිනිස් මෙසේ සිතා ඒ දඩුවම බාරගත්තේය... අඩේ සුපිරි නේ නිකන් සිගරට් හම්බෙනවා නේ.. මම යනවා බෙති ගොඩ උඩට යැයි සිතා එය බාරගත්තේය!! ඒත් සමග පාසලේ ඉන්ටවල් එක අවසාන වනවිට නාද වන සීනුවට සමාන සීනුවක් නාද විය!!! අර පුද්ගයයින් බෙති ගොඩ උඩ ඔලුවෙන් සිට ගත්තේය..

මෙය දුටු සාගනිස් යමපල්ලන්ගේන් කුමක් සිදුවන්නේ දැයි ඇසීය.. ආ සාගිනිස් යනවා යනවා මේ දඩුවම තොරගත්තා නම් යනවා .. මෙක ආයේ මාරු කරන්න බෑ!! ‍
 සාගිනිස් මෙසේ ඇසීය ! එතකොට සිගරට් !! ඒ යකෝ අවුරුදු 2 කට සැරයක් හම්බෙන ඉන්ටවල් !! පල පල දැන්!!! හික්ස්
සාගිනිස් අවුරුදු දෙකකට වරක් ලබෙන සිගරට් එක උරා සතුටින් කල් ගත කලේ ය.. නිමි

Sunday, January 30, 2011

වැදි භාෂාව දන්නවාද? (දෙවන කොටස)

සරදියල් ඇත්තෝ ගේ බ්ලොග් පොජ්ජේ වැදි පොස්ට් පොජ්ජ හිත් පොජ්ජට මන්දො උනයි
පලමු කොටස  කට්ටියම කියවන්න ඇති කියලා හිතනවා' මෙන්න දෙවනි කොටස

සතුන් සදහා වැදි වහර 


  • බොටකදාලැත්තෝ - ගෝනා
  • චප්පිලැත්තෝ - කුරුල්ලා
  • මූකරයා - වදුරා
  • පන්නිලැත්තෝ - පනුවා
  • මච්චිලැත්තෝ - මැස්සා
  • කරියා - වලහා
  • ගොන් මඤ්ඤා - එළ හරකා
  • එඵ මඤ්ඤා - එලුවා
  • ගැටමන්දා - කිඹුලා
  • කටුකැච්චා - ඉත්තෑවා
  • හොමවලු මඤ්ඤා - අශ්වයා
  • ඔක්මා - කුලුමීමා
  • හොච්චදික්කා - ඌරා
  • හොටබරියා - ඌරා
  • මුන්චි - තලගොයා
  • කබරා- මුවා
  • ජීය මච්චා - මාලුවා
  • පොල්ලැච්චා - කොටියා
විවිධ ස්ථාන

  • කැලෑ පොජ්ජ - වනාන්තරය
  • රුකුල් පොජ්ජ - ගෙය
  • හේම් පොජ්ජ - හේන
  • වැව් පොජ්ජ - වැව
  • ගල් රුකුල් පොජ්ජ - ගල් ගුහාව
  • සාසන පොජ්ජ - පන්සල
  • කොලොම් පෝරුහම් පොජ්ජ - කොලඹ
  • ඉන්දියා පොරුගම් පොජ්ජ - ඉන්දියාව



විවිධ උපකරණ

  • මලාලීය - දුන්න
  • මොරියන් කැච්ච - ඊතලය
  • පෙට්ටි පොජ්ජ - පෙට්ටිය
  • පූච්චා කඩන යමකේ - තුවක්කුව
  • වේලා පොජ්ජ මන්දොවන යමකෙ - ඔරලෝසුව
  • කරුකරු ගච්චන යමකේ - පෑන
  • ගල් රක්කි - පොරව
මම අවා...
සරදියෙල් තුමනි..

Saturday, January 29, 2011

සරදියෙල් ලොවෙත් නෑ

උතුවන්කන්දේ සූර සරදියෙල් පසුගිය දින දෙකක පමණ කාලයක සිට ආගිය අතක් නොමැත (ලොවෙත් නැත ලොවි ගහෙත් නැත).
ඔහුගේ සිරා මූණුපොත් ගිණුමද අක්‍රියව ඇත.
ඊ මේල් පණිවිඩයකටද කිසිඳු ප්‍රතිචාරයක් නැත.
කරදරයක්ද නැතිනම් වාසියක්ද යනවගද ආරංචියක් නැත.
දුටුතැන ලොවි ගහ යටට රැගෙන එන්න.........

Thursday, January 27, 2011

කියවපල්ලා හිනාවෙයල්ලා :ඩී

කූබි සෙට් එකේ කතාව 

ඔන්න හැකරැල්ලෝ කැරපොත්තෝ ඉන්න භයානක කැලයක් තිබ්බා ලු!! ඒ කැලේ වෙච්ච සිද්ධියක් තමා මෙක !
ඔය කැලේ ගැන්සි බැහැපු කූබි 4 දෙනෙක් හිටියා ලු!! දවසක් ඔය කූබි සෙට් එක ගමනක් යද්දි දැක්කා ලු තමන්ගේ පාඩුවේ අතු කකා ඉන්න අලියෙක්
1 කූබියා.අඩෝ අරූ බලපන් කෝ! මට හිතෙනවා බං අරුව හොඩෙන් අල්ලලා කැලෙන් එලියට විසිකරන්න
2 කූබියා අඩෝ මටත් හිතෙනවා මූව නට්ටෙන් අල්ලලා පොලොවෙ ගහාන්න
3 කූබියා මොනවා කියනවා ද මම නම් ඔකාගේ කකුල් හතර උඩට හිටින්න හරවලා දෙනවා පයින්
4.කූබියා අඩෝ පව් බං අපි 4ක් ඒ පොර තනියම පාඩුවේ උට යන්න දීපන් බන්

උසාවියේදි

උසාවියේදි නඩුකාර තුමා පියදාස ගෙන් මෙසේ ඇසීය
යුශ්මතා මේ එන්නේ 4 වෙනී පාර නේ  ලජ්ජා නැද්ද

ලජ්ජාවෙන්නේ මොකටද ඔබතුමා හැමදාම එන්නේ

හැංගිමුත්තන් සෙල්ලම
ඔන්න අලියයි කූබියයි හැංගිමුත්තන් සෙල්ලම් කර කර හිටියා ලු! අලියා තමා හොයන්නේ ඔන්න අලියා තත්පරෙන් දැනගත්තා ලු කූබියා හැන්හිලා ඉන්නේ පන්සල ඇතුලේ කියාලා !! කොහොමද දැනගත්තේ?? කූබියා සෙරප්පු ගලවලා නේ ගිහිල්ලා තියෙන්නේ හික්ස්

Wednesday, January 26, 2011

ඔබ පිරිමියෙක් නම්


  1. තමන් පිලිබදව ආත්ම විශ්වාසය ඇති කරගන්න
  2. තමන් ගේ දුර්වලතා හදුනාගන්න
  3. කවදාවත් කාන්තාවට ලෙල්ලටම මල පැන්නත් කුනුහරුපෙන් බනින්න එපා
  4. කාන්තාවකට ප්‍රහාර එල්ල කරන්න එපා (ගහන්න යන වචනය මෙතනට නොගලපේ )
  5. කාන්තා හින්සනයට විරුද්ධ වන්න
  6. සෑම විටම අහුන්කන් දෙන්න පුරුදු වන්න
  7. උතුම් මිනිසුන් ගෙන් උතුම් ගතිගුන කොපි කරගන්න
  8. තමන් ගේ දේට මුල් තැන දෙන්න (රට ජාතිය ආගම පාසල පවුල )
  9. අන් ජාතීන් ආගම් විවේචන නොකරන්න
  10. පිලිවෙලකට ඇදුම් අදින්න (මට නැති එක )
  11. මත් පැන් පිලිබදව තමන් තීරනය කරන්න!!  පිරිමියෙක් නේ!! වෙන එවුන් ගේ උවමනාවට බීම නවත්තන්නවත් බීමට පුරුදු වන්නවත් එපා (කවුහරි බොන්න එපා කිව්වෝත් එගැන පොඩ්ඩක් සිතන්න
  12. තමාගේ සමාජ වගකීම තෙරුම් ගන්න
  13. සදාචාරය පිලිබද උපාධියක් ලබා ගන්න
  14. ජීවිතය විදින්න
  15. සැමවිටම තත්වික ලෙස සිතන්න
  16. කාන්තාවන් ට කරුණාව දක් වන්න 
  17. මම තරම් පොරක් තවත් නෑ යැයි සිතන්න (එහෙම කියලා නපුංසක වැඩ එහෙම කරන්න එපා )
  18. වැඩිහිටියන්ට ගරු කරන්න 
  19. මව පියා කිසිදිනක අමතක නොකරන්න
  20. සමාව දීමට පුරුදුවන්න (හැදෙන්නෙ නැති එකෙක් ට දෙන්න එපා )
  21. භාෂා දෙක තුනක් ඉගෙනගන්න
  22. තමාගේ රැකියා ස්ථානයට ආදරය කරන්න
  23. කරන දේ සතුටින් කරන්න (නැත්තන් කරන්න එපා )
  24. බස් එකේ එහෙම ගමන් කරන විට පොඩ්ඩක් අන් අය ගැන සිතන්න
  25. කෙල්ලෙක් හන්දා තමන් ගේ යාලුවන් අමතක නොකරන්න
  26. ආත්මාර්ථකාමී නොවන්න (මිනිහෙක් ට කෙලෙම වෙලා තියන කොට පොඩ්ඩක් උදව් කරන්න )
  27.   
  28.   
  29.   
  30.  
ඔන්න මම 4 ඉතුරු කරා කාන්තාවන් ට ඔවුන් පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙන දේ ලියන්න!!!
සහෝදරයිනී ලිස්ට් එක සම්පූර්ණ කරන්න


Monday, January 24, 2011

මෙන්න තවත් ලොවෙත් නැති එකෙක් "දොලේ"

සරදියෙල් ට හිතුනා මේ බ්ලොග් එකේ පොස්ට් දාන්න තව ලොවෙත් නැති එකෙක් හිටියොත් හොදයි කියලා !! මෙන්න මම එක්කෙනෙක් හොයා ගත්තා !! පොර තමයි " දොලේ " මල්ලි!! එල කිරි බුවෙක්!! එයත් මෙකේ පොස්ට් දායි අද ඉදන්!! එල නේ!!

මේ තමා දොලේ ! මේ පින්තුරේ දිහා බලලා දොලේ ගැන හිතා ගන්න
(දොලේ කියන්නේ පුටුවක් ද කියලා ගොන් කමෙන්ට් එහෙම දාන්න එපා! දොලේ කියන්නේ මිනිහෙක් )

වැදි භාෂාව දන්නවාද?

  • මිනිග්ගජ්ජු - මිනිසා
  • මේ ඇත්තෝ - තමන්ව ම හදුන්වාදීම
  • හූරා - මහත්තයා
  • නෑනී - මහත්මිය
  • අකුරුපොජ්ජ උගන්නන හූරා - ගුරුවරයා
  • කලුකොනම් වටලපු හූරා - පොලිස් නිලදාරියා
  • බුද්දල ඇත්තෝ - බුදුන්වහන්සේ
  • කපුවලැත්තෝ - හාමුදුරුවෝ
  • අප්පිලැත්තෝ - පියා
  • අම්මිලැත්තෝ - මව
  • සනුහරේ - පරම්පරාව
  • මචනලැත්තෝ - මස්සිනා 
  • පයිණ්ඩකාරි හූරා - ග්‍රමසේවක
වැදි බසින් ආහාර
  • වන්නි කුඩු - කුරහන් පිටි
  • වන්නි කැට - තලප
  • දෙපමුල්ලත්තන - බත් , වී , හාල්
  • කිරි ගෙජ්ජ - පොල්
  • බිත්තරතෙන - බිත්තර
  • ගයිගැට - පුවක්
  • පැණි ඇට පොජ්ජ - සීනී
ක්‍රියා පද
  • මංගච්චනවා - යනවා
  • කතා දමනවා - කතා කරනවා
  • කැවිල්ලානවා - කනවා , බොනවා
  • ඇනඋකාලනවා - දෙනවා
  • පටාරිනවා - හාරනවා 
  • ඔබා දමනවා - නටනවා
  • කරුකරුගච්චනවා - ලියනවා
  • ඇන්න මංගච්චය - රහෙනයනවා
  • මියඹටදමදවා - මරෙනවා
  • හිත් පොජ්ජට මන්දෝ වෙනවා - හිතෙනවා

සතුන් ගේ නම්
  • මූකරයා - වදුරා
  • කරියා - වලහා
(දෙවන කොටස බලාපොරොත්තු වන්න )

Thursday, January 20, 2011

චූටි කාලේ මම හොස්ටල් එකේ ගණන් හදපු විදිය

සරදියෙල් චූටි කාලේ උතුවන්කන්දේ ඉදන් ඉස්කෝලේ එන්න බැරි හන්දා පොඩිකාලේ මම හිටියේ ඉස්කෝලේ හොස්ටල් එකේ!!
ඒ කාලේ නම් එක පෙන්නන්න බෑ දැන් නම් ඉතින් ආසයි අයේ යන්න!!
ඔන්න ඉතින් හොස්ටල් එකේ ඉතින් කාලසටහනකට අනුව තමා වැඩ ඉතින්!!
කොහොම හරි හැන්දැවට හැමෝම ස්ටඩිහෝල් එකට ගිහිල්ලා පාඩම් කරන්න ඔනේ!!
 සිකුරාදායි සෙනසුරාදයි විතරයි ටීවී බලන්න දෙන්නේ (ඉස්කෝලේ ගියාම යාලුවෝ ටීවී එකේ කාටුන් ගැන කියද්දි පපුව පැලෙන්න එනවා ) අයියෝ ගණන් හදපු විදිය නේ කිව්වේ
මම එතකොට 2 හරි 3 ඇති!! ස්ටඩි ටයිම් එකට අපේ ඩෝම් එකේ හිටියේ පීරිස් මේට්‍රන් (පව් අප්පා එයා ලගදි මරුනා ) ඒ කාලේ නම් එයා තමා අපේ මෝහිනී අපි මාර බයයි!!
ඔන්න එයා අපිට එක එක වැඩ දෙනවා කරන්න කියලා ඒ කියන්නේ ගනන් එහෙම දෙනවා හදන්න ! අයියෝ කොම් පිට්ටු හදන කොල්ලොන්ට මොන ගනන් ද!!  (ඒ හුචු හුචු නෑ දෙන ගනන් හදන්න ඔනේ නැත්තම් ගුටි )
පොතේ ගනන් ටිකක් මේට්‍රන් මාක් කරලා දෙනවා අපි හදන්න ඔනේ
මට ඉස්සර අඩු කරන්න දන්නේ නෑ
උදා 1072 න් 26 ක් අඩු කරන්න තිබ්බා කියලා හිතන්න කෝ
ඔකේ 2 න් 6 අඩු කරන්න බෑ නේ එතකොට එහා පැතෙන් එකක් ගන්න ඔනේ නෙ! ඔය සීන් එක ඒ දවස් වල මට බෑ !! බෑ කියලා හදන්නේ නැතුව ඉන්න ද!! හදන්න එපැයි කොහොම හරි!! මම හැදුවා කොහොමද!! අච්චු පොතේ ගාන තියෙන්නේ 1072 න් 26 අඩු කරන්න කියලා මම ගනන් හදන පොතේ එක ලියන්නේ 1079 න් 26 අඩු කරන්න කියලා දැන් ඉතින් 9 න් 6 ක් අඩු කරන්න පුලුවන් නේ ඉතින් මෙහෙම හදලා මේට්‍රන් ට පෙන්නනවා

කොහොම හරි ඔන්න ඔය විදියට මම ටක් ගලා මුලු ගනන් පොතම දවස් ගානකින් හැදුවා මේට්‍රන් ට හෙන සැටිස් ඇයි අයින්ස්ටයින් හොස්ටල් එකෙන් බිහි වෙලා නේ!! හික්ස් මේට්‍රන් මාව හොස්ටල් එකේ ලොකු ෆාද ලගට එක්කගෙන ගිහිල්ල කිව්වා "දිස් බොයි ඩිඩ් ඔල් ද වර්ක් අයි ගේව්, හී ඉස් අ ජීනියස් කියලා!!  අඩේ මරු නේ!! මම නේ දන්නේ මම ගනන් හදපු විදිය
ඔක අහපු ෆාද මට පොත්කුයි පෑනකුයි දුන්නා!! ඒ මරු ලස්සනයි! ස්ටඩි වෙල් කිව්වා!  අයියෝ