Tuesday, June 28, 2011

පාසලේ මිහිරි මතකයන්.. 1 කොටස


11 වසර පාස් කරලා ඔන්න 12 වසරට ආවා ඔන්න.. අපේ ඉස්කෝලේ කලා/ බයෝ / වානිජ ද කරන්නේ කියලා ඉස්සල්ලාම ඉන්ටවිව් එකක් තියලා තමා ගන්නේ.. ඔන්න දෑන් මම ඉන්නවා ඉන්ටවිව් එකේ පෝලිමේ .. මගේ ඉස්සරහා ඉන්නවා පත මීටරක්..

ආ මචන් .. බයෝ එකට චාටර් පොරවල්ලා වෑටෙයි ද දන්නෙ නෑ නෙ... උබ මොනවද ආට්ස් ද කරන්නේ... ??

එකනේ... මචන් .ආට්ස් නෑ මචන් පොයින්ට් අනුව තමා මචන්
 ( මමත් බයෝ කරන්න තමා හිටියෙ,, මූ මම චාටර් කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නෑ නෙ )
 මම ඉතින් එහෙම කිව්වා..  එවගෙම හෙන අවුලෙන් හිටියෙ,, මගෙ යාලුවො එකෙක් වත් නෑ බයෝ කරන්න...  බයෝ එකෙ ඔක්කොම හිටියේ මීටර් සහ ඈමීටර් ( වෙන්න මීටර් )....

ඔන්න හරි ඉටවිව් පාස් ගියා බයෝ එකට.. අන්න අර පත මීටරෙ ඉන්නවා ඉස්සරහම පේලියෙ... මම ගියා පස්සෙම පේලියට... 
ඔන්න එහා පෑත්තේ හිටියා පචයා (එල කොල්ලා ) එත් එකාලේ එච්චර ෆිට් නෑ.. පචයා : ආමචන් *ජී එල මචන් උබ වත් ඉන්නවා මට බලපන් බන් මෙකෙ මොකෙක් වත් නෑ බන් ආතල් එකක් ගන්න ... ඔක්කොම පතරන් මීටර් බන්...  එල එල යමු ට්‍රිප් එකක්......මූට ට්‍රිප් උන
හරි මචන්  යන් යන් ( දුකෙන් කිව්වා .. යාලුවො ඔක්කොම මෑත්ස් /කොමස් ක්ලාස් එකේ හින්දා )...

ඔන්න පන්තියට අලුත් එකෙක් ඈවිල්ලා..කන්නාඩි දෙකක් දාලා.. මීටරයක් වහේ හෑබෑයි මූ හිටියෙ පිටිපස්සෙම පේලියේ....මූ (අපිත් එක්ක ෆිට් උනේ අපිට කුනිහරුප කතා කියලා ... පට්ට ආතල් එකා.. )
 හෑබෑයි කතාව යන විදියට තමා ෆිට් නෑ නෙ... මුට කියමු අපි  W.S කියලා.. තව එකෙක් ඉන්නවා ඔන්න කලුයි පොර.. අපි උට කලුවා කිව්වේ ( අහින්සක එකා ) මිනිස්සු උගෙ පෙනුමට හිතන්නේ මූ හෙන කාඩයා කියලා... 
තව එකෙක් හිටියා ගුලියා කියලා,,, උගේ අයියාට ගිලියා කියපු හන්දා අපි උටත් ගුලියා කිව්වා..
තව හිටියා ජීකෙ.. ජිරාෆ් වගේ උසයි.... 
ආ මේ බ්ලොග් එකේ ම සාමාජිකයෙක් වන සුදු වෑද්දාත් හිටියේ අපේ පන්තියේ.. පොර හිටියේ හොස්ටල් සෙට් එකත් එක්ක .. ( මම හොස්ටල් එකෙන් අයින් උනේ 6 වසරේ නේ... චූටි කාලේ මම හොස්ටල් එකේ ගණන් හදපු විදිය කියෙව්වා නේ,,, )
ඔන්න අපේ ක්ලාස් ටීචර් ආවා... 
ගුඩ් මොනින් චිල්ඩ්‍රන් ,, අයිම් ශාබ්** එනි නිව් කමර්ස්.. 
අපේ ක්ලාස් ටීචර් මුස්ලිම් ,, සින්හල එච්චර බෑ... (හුටා දෑන් කොහොමද අපි ටීචර් ට කතා කරන්නේ... කඩ්ඩ කොහෙන්ද.. හික්ස්) 
අරු නෑගිට්ටා වාක්ය ගලපගෙන ඌ කතා කරා.. ඔන්න ඉතින් ඊලගට ... යකා ( පිසික්ස් ) කරපු සර්.. අම්මේ... අපි මාර බයයි... පීරියඩ් එක වෙලාවේ සර් ගෙ මූන දිහාම බලාගෙන ඉන්න ඔනේ... අම්මෙ... ඔන්න පලවෙනිම දවසේ.. එකෙක් ඔක දන්නේ නෑ... නේ, ඔන්න ක්ලාස් එකෙන් එලියෙ යනවා ලස්සන ටීචර් කෙනෙක්... ටීචර් දිහා කට්ටියල බලන්න ගත්තා.. යකාට මල පෑන්නා,,, කට්ටියම යකාගේ මූ න දෑකපු ගමන් ඉස්සර හෑරුනා... එකෙල් විතරක් තාම ටීචර් දිහා බලාගෙන කල්පනවාක... මේ.. පුතා ඔයා අර ටීචගේ පස්සෙ වක්‍රතා අරය හොයනවා ද??? ..... එනවා ඉස්සරහට
කිව්වා විතරයි..කට්ටියම හිනා වුනා,. යකාගේ මලත් පොඩ්ඩක් අඩු උනා,,, නෑත්තම් අරු තාම සොත්ති....
ආයේ ඔන්න අපේ විනය බාර ගුරුතුමා ආවා... පන්තියට... (චිනා) අම්මේ මූ ආමි කාරයා... 11 එහෙම හෑම මාසෙම මම බාබර් ගෙන් කොන්ඩේ කපන්න කලින් චිනා මගේ කොන්ඩෙ කපනවා... මූගේ හින නීති...
ආපෝ කොටියා.. කෙමිස්ට්‍රි කරපු සර්... පොර කියපු එකත් කවදාවත් මට අමතක වෙන්න නෑ... පොර බලෙන් කාටවත් උගන්න යන්නේ නෑ... කවුරු හරි දෑන් ඔන්න සයන්ස් ඩේ science day  එකකට යන්න අවසර ගන්න ගියා කියන්නකො,,,,,මේ...ඔයි අනිත් එවුන් වත් එක්කන් යන්න බෑරිද.. කියලා අහනවා// ඉස්කෝලේ බෙල් එක ගහන්න කලින් මූ ඉස්කෝලෙන් මාරු....මම කෙමිස්ට්‍රි පෑක්ටිකල් ක්ලාස් එකෙ කරේ පිපෙට්ටුවෙන් එක එකාගේ සාක්කු වලට වතුර දාපු එකයි... ලෑසෙන් හදපු එක විතරයි ...ඒ කොටියා පොත් බලපු නෑති හන්දා... එකට ඉතින් සර් ට මුකුත් කියන්න බෑ අපෙ වෑරදි තමා.... 

අම්මේ මේ... අද ඔක්කොම කියන්න වෙන්නේ නෑ....අද හදුන්වාදීමටම හෙන වෙලාවක් ගියා නේ අප්පා....මට පාඩම් පොඩ්ඩක් කරන්නත් තියවා,,,, exam රීපීට් උනොත් චා,,, එක හන්දා පස්සෙ කියන්නම්.....



ඔය ඔකේ ඉන්න ලමයා තමා... පචයා... පොර පොඩි නිද්දක් දාන ගමන් කවුද එන්නෙ කියලා බලන්න ඉස්සෙද්දිම තමා ෆොටො එක අරගෙන තියෙන්නෙ....  මේ ක්ලාස් එකෙම එවුන් ලෑබ් එකට ගිය වෙලාවක්...
ඔකේ පොතක් තියෙන්නේ උදාර කියලා පොරකගේ පොතක් පොරගෙ බයෝ පොත.. එකෙ බයෝ නෑ.. ලෝකෙම ඉන්න ෆුට් බොල් ක්‍රීඩකයන්ගේ නම් තියන්වා,,, හික්ස්

Sunday, June 26, 2011

ඇයි ඔබ බ්ලොග් ලියන්නේ..

තමන්ගේ විනෝදය පිනිසද??? සමාජය ට යමක් දෙන්න ද???? හේතුව???


Sunday, June 12, 2011

ප්‍රසන්ටේශන් එකක් ලස්සනට හදන්නේ කොහොමද?? දෙන්න මට උපදෙසක් Membrane Physics.... cell biology.... ,Anatomy

කවුරු හරි උගත් පින්වතෙක් ඉන්නවා නම් මට ප්‍රසන්ටේසන් එකක් ලස්සනට කරුනු එකරෑස් කරගෙන එවා කලමනාකරනය කරන විඩිය කියලා දෙනවාද??? ඔබලාගේ අදහස් ගොඩාක් වටිනවා...

තව උඩින් තියන සබ්ජෙක්ට් වලට අදාලව ප්‍රොජෙක්ට් එකක් කරන්න හොද මාටෘකාවක් කියනවාද?? මේ සබ්ජෙක්ට් ගෑන දෑනීමක් තියෙන්න එක්කෙනෙක් අදහස් ටිකක් දුන්නොත් බොහෝම පින්...

Membrane Physics.... na/k pump .. muscle constriction  membrane potential
cell biology.... , Apoptosis, vesicle transport , p53, Fertilisation
Anatomy


Saturday, May 28, 2011

බස් වල හොරෙන් යාම සහ ටික්කෝ පෑනීම...


මම නෑවතිලා ඉන්න තෑන ඉදලා ඉස්කෝලෙට බස් හෝල්ට් 3 ක් හතරක දුරක් ඈති..ඈවිදගෙනත් යන්න පුලුවන් .. උදේ 9 ලෙක්චස් තියනවා නම් ඉතින් 8 30 නෑගිට්ටම 9 වෙලාවට ඉන්න බෑ නේ... වීනාඩි 7 කට වඩා පරක්කු උනොත් එදාට අව්ටෙන්ඩන්ස් නෑ... ඈටෙන්ඩන්ස් නෑත්තම් ක්ලාස් ඈක්ටිවිටි නෑ.. සෙමිස්ට් එන්ඩ් විබාගේ ආබාගේ වෙනවා.. එක හන්දා ක්ලාස් කට් නොකල යුතුයි... හරි බස් කතාව...

මෙහේ බස් වල කොන්දෝ නෑ.. ටිකට් මෑශින් තමා තියෙන්නේ...ඉතින් මෙහෙ ඉන්න උඩරට ( ඉන්දියන් ) සහ මෙ රටෙ එඋනුත්  අපෙ රටේ එවුන්ත් බස් වල යන්නෙ හොරෙන්... බස් එකේ ඔන දුරක් යන්න යන්නෙ තත්‍රි 50 (සත 50 වගේ මෙහෙ එඋන් ට ) එත් රුපියල් වලින් ගත්තාම එක රුපියල් 35 ක් ඉතින් හොඩක් එඋන් යන්නෙ හොරෙන්...

අම්මට සිරි අද 10 මෙම්බ්‍රෙන් පිසික්ස්විබාගෙ 9 30 ට විතට ලෑස්ති වෙලා මමයි යලුවෙකුයි බස් එකට ගොඩ උනා.. මම උගෙන් ඈහුවා අද හොරෙන් යන් ද කියලා... එකා කිව්වා චා බන් ටිකට් ගමු කියලා.. ඉතින් මමයි උයි ටිකට් ගත්තා.  අම්මෙ මෙන්නෙ ඊලග හොල්ට් එකේ කහ පාට ඈදගත්ත ටික්කෙක් ඉන්නවා. නෑග්ගෙ නෑඩ්ඩ ඒ වෙලාවට ටිකට් මෑසින් එක මාර බිසී... හික්ස්.. අම්මෙ කොහොමද ටිකට් නෑතුව ගියා නම්... එතකොට ( කර්තුලි ආරා ... බොදිශි ) බාශාව තෙරෙන්නෙ නෑ සමාවන්න කියලා තමා කියන්න වෙන්නෙ... මෙහෙ එඋන් අපි උඩරට ( ඉන්දියන් ) කියලා හිතාගෙන ඉන්නෙ
මෙහෙ එඋන් උඩ රට එඋන් ට පොඩ්ඩක් වත් කෑමති නෑ... ල0කාවෙ එඋන්ට කෑමති... එත් ඉතින් ල0කාවෙ කියලා බෝඩ් එල්ල ගෙන ඉන්නද?/ මුන් හිතන්නෙ අපි උඩ රට කියලා.. එක හන්දා බස් එකෙ නෙවේ කොහේ හරි බොක වෑඩක් කරොත් කේස් දානවා.. අපේ රටෙ එඋන් හොද වෑඩක් කරලා කියන්නෙ ල0කාවෙ.. කියලා බොක වෑඩ කරලා කියන්නෙ ඉන්දියාවේ කියලා.. හික්ස්.. මෙහේ ඉන්න ප්‍රොෆා ලත් උඩ රට එඋන් ට කෑමති නෑ.. පව් අප්පා

Friday, May 27, 2011

අම්මාට දෙදා සහ තාත්තාට මමා කීම

එ0ගලන්තේ කොඩියම කොටු හතරෙම රතු තරු 4 දාලා තියන රට ගෑන තමා මේ කතාව කියන්න යන්නේ.. සරාත් දෑන් ඉන්නේ ඔය කියන රටේ තමා.. ඒ රටේ ඉන්න මිනිස්සු එච්චර ඉන්ග්‍රීසි දන්නේ නෑ.. ඒ ගොල්ලොන්ගේ මව් බාශාවෙන් තමා සෑම වෑඩක්ම වගේ කරන්නේ.. ඉතාලිය වගෙ තමා.. ඒ රටේ මව් බාශාව දන්නේ නෑත්තම් ඉතින් මුකුත් කරගන්න බෑ..

මෙහෙ ටිකකාලයක් ජීවත් උනාම ඉතින් කර්තුලී බාශාව ටිකක් පුලුවන් වෙනවා ඉතින්... ඉතින් මුලින්ව මෙහෙට ගොඩ බෑස්සම ඉතින් මෙලෝ දෙයක් දන්නෙ නෑ නේ.. බෑ0කු ගුවන් තොටුපල මෙට්‍රෝකෝච්චි.. කඩ වල් වල බෝඩ් ඔක්කොම කර්තුලි බාශාවෙන්..සාමාන්යෙන් බාශාවක මුලින්ම ඉගෙන ගන්නේ ඉතින් ඒ බාශාවේ කුනුහරුප ටිකනේ..මමත් ඉතින් සුබ මොහොතෙන් බාශාව ඉගෙන ගන්න පටන් ගත්තා... මෙහේ අම්මාට කියන්නේ දෙදා.. තාත්තාට කියන්නේ මමා... ( මරු නේ).. ඉතින් දෙදා මොත්කා.. කියන්නේ මෙහේ කුනුහරුපයක් හික්ස්,,, මොකක්ද තෙරුම කියලා කියන්න ඔනේ නෑ නේ... ආ බොදිශි කියන්නෙ සමාවෙන්න කියලා,... බොදිශ්විලි කියන්නේ ***ගේපුතා කියන එක.. මම දන්න සහොදරියක් බොදිශි කියන එකට බොදිශ් විලි කියලා.. හොද වෙලාවට හොද මිනිහෙක්ට එක කියලා තියෙන්නේ.. එයා එකේ තේරුම කියලා දීලා..  මලපනින එකෙක්ට සෙට් උනා නම් කොහොමද....
ආ ඊයේ තමා මෙහේ නිදහස් දිනය.. ඉතින් ඔකේ මෙහේ ඉන්න ජනාදිපති වෑඩක් නෑ කියලා පෙල පාලි ගිහිල්ලා.. ස්වර්නවාහිනියට ඔනේ නෑති මගුලක් නෑ නේ එක ටීවී එකේ පෙන්නලා .. අපේ අම්මලා කතාකරලා අහනවා ඔහේ කලබල ද කියලා .. එතකොට තමා මම දන්නේ මෙහේ කලබල කියලා... ස්වර්නවාහිනි මහ ගොන් වාහිනියක්...





Wednesday, May 25, 2011

කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දෑම්මේ නෑ....හෙට කෙම මිඩ් ටර්ම් උත් තියනවා.... කමක් නෑ

මාර්තු වලින් පස්සේ හරියට බ්ලොග් ලිපියක් දාන්නත් බෑරි උනා අප්පා.. මම දන්නවා මේකේ මොඩ ජොක් තියෙන්නේ ඒ ත් ඉතින් මේ ලොකේ මොක්ක් හරි බලන්න ඈති නේ මම මොකද ගොන් පොස්ට් දාන්නේ නෑත්තේ කියලා... 
දෑන් මම නෑවතිලා ඉන්න තෑන තව යාලුවෝ 3 දෙනෙක් ඉන්නවා...  ඉතින් හරි ආතල් අප්පා.. උයාගෙන නේ කන්න ඔනේ.. දෑන් තමා ඉතින් අම්මාගේ කෑම වල අගේ දෑනෙන්නේ... උයාගන්න බෑරි උන දවසට කඩෙන් කන්න ගිහිල්ලා මාසේ වියදම ඉවර වේගන යනවා වගේ තේරුනාම තමා.. ඉතින් ල 0 කාව හොදයි යකෝ.. මොන එක කහනවාටද අපි මෙහෙට අවේ කියාල ඉතින් හිතෙනවා.. කරන්න දෙයක් නෑ.... අවුරුද 6 කට්ට කන්න වෙනවා...... 
ඔන්න ඉතින් යාලුවොත් එක්ක ඉද්දි ඉතින් පට්ට අතල් .. එක එකා එකෑක වෙලාවටනේ ඉතින් පාඩම් කරන්නේ.... ...එකෙක් ඔන්න ඈනටොමි හොදට පාඩම් කරලා.. නිදි ඔන්න .. මමයි තව එකෙකුයි ඈහෑරලා... මෙන්න .. නිදාගෙන හිටපු එකා .. මොස්ට් ඈන්ටීරිය පාර්ට් ඔෆ් ද වර්ටිබල්$$$$$$%%^^^^....... කියලා අයේ නිදා ගත්තා..  බුහහාඅහහහහහහ මූ ඈනටොමි හිනයක් දෑකලා.. හිනෙන් කියවනවා.... ඈයි තව එකෙක් දවස් 2ක් 3 ක් විතර නිදා ගන්නේ නෑතිව පිස්සෙක් වගේ පාරේ යනවා.. තෝන්තු වෙලා උට.... හික්ස්.. අනේ මේ..........මම යනවා
එල කිරි ෆුල් ෆිට් එකක් ආවා.. නිදිමත ගියා.... පාඩම් කරන්න.. ඔනේ......දෑක්කා නේ බ්ලොග් ලියන එකේ වාසිය.... නිදි මත යනවා