Monday, January 31, 2011

ඇඩ්‍රස් බාර් එක බලලා ෆේස්බුක් ලොගින් නොවුනොත් ලොවිගහෙත් නැතිවෙයි

හා පුරා කියලා පොස්ට් කරන බ්ලොග් සටහන කාට කාටත් වැදගත් එකක් වෙන්න එපැයි කියලා ඔන්න ෆේස්බුක් අඩවිය සම්බන්ධ වැදගත් කාරණාවක් කියන්ඩයි ලැහස්තිය. (ඒ කීවට මේක ඊ-මේල් සර්විස් වගේ ලොගින් එකක් තියන ඕනිම සයිට් එකකට අදාලයි.) 

බහිමුකො ටොපික් එකට.... 

ඔයගොල්ලො හැමෝම අනිවා හැකින් (hacking) ගැන දන්නවා ඇති. ඔය හැකින් ටොපික් එකේ කොටසක් තමයි ෆිශින් (phishing) කියලා කියන්නේ. සාමන්‍යයෙන් ෆේස්බුක් හරි මේල් අකවුන්ට් එකක් හරි හැක් කරනවා කියන්නේ සිරා ගේමක්. ඒක සුපිරි දැනුමක් නැතිව කරන්ඩ පුළුවන් වැඩක් නෙවෙයි. ඒත් ෆිශින්ග් කියන්නෙ අදාළ ෆයිල්ස් ටික හොයාගත්තානම් ඕනි කෙනෙක්ට කරන්ඩ පුළුවන් දෙයක්. 

හරි මොකක්ද ෆිශින් කියලා කීවෙ නෑනෙ. (විකියට මෙතනින්
ඉතාම සරලව කාටත් තෙරෙන විදියට කියනවානම් ඒ කියන්නෙ සිරා ලොගින් හරි පේමන්ට්ස් කරන හරි රහසිගත තොරතුරු (username, password, credit card nos.) හුවමාරු වෙන සයිට් හැටියට පෙනී ඉඳලා ඒ විස්තර උස්සන බොරු (scam, fake) වලට. 

ඔයාලටත් සමහරවිට ඊ මේල් එකකින් හරි යාළුවෙක්ගෙන් හරි ලින්ක්ස් ලැබිලා ඇති ෆේස්බුක් ලොගින් එකට යන විදියට, හැබැයි ඔයා කවදාකවත් බ්‍රව්සර් එකේ ඇඩ්‍රස් බාර් එක චෙක් කරනවද මේක www.facebook.com හරි www.gmail.com හරි කියලා ? ඇපියරන්ස් එක  හරි නම් අපි username, password ගහලා ලොගින් වෙනවා නෙද? අන්න ඒකයි අපේ වරද. දැනට ලෝකයේ වැඩියෙන්ම phishing attack වලට ලක්වෙන වෙබ් සයිට් එක ෆේස්බුක් කියලයි කියන්නෙ.

ෆේස්බුක් ලොගින් පේජ් එකේ source code ඒක ටිකක් එඩිට් කරලා username , password ෆීල්ඩ් දෙකේ තියන ටෙක්ස්ට් එක නෝට්පෑඩ් ෆයිල් එකකට රයිට් කරගන්න ඒතරම් දැනුමක් ඕනෙ නෑ. ඇරත් නෙට් එකේ ටිකක් මහන්සි වෙලා හොයලා බැලුවොත් ඒ විදියට හදාපු html ෆයිල් ඕනි තරම් හොයාගන්ඩ පුළුවන්. (අත්දැකීමෙන්.... ;) මමත් ඕව හොයලා කළා, හැබැයි ළඟම යාළුවොන්ට විතරයි. ඒ වගේම ඇන්දුනු අයට පහුවදාම සීන් එක කියලා දැම්මා. ලොගින් උනෙත් නෑ. ඒ වගේ හැකින් ඉගන ගත්තට වරදක් නෑ, හැබැයි කාටවත් කරදර නොවන විදියට. ඒ වයිට් හැට් හැකර්ස්  )

මෙහෙම මේ දේවල් බලාගෙන නෙට් එකෙන් බඩු අරන් phishing කොරනව එහෙම නෙවෙයි හරි... එහෙම කළොත් ඉතින් පස්සෙ ආත්මභාව වල හරි මේ ආත්මෙදි හරි ලොවෙත් නැති වෙයි හරි......... 

ඒ වගේම මේ දේවල් හරියට ඉගනගෙන ඉන්න අයට සෑහෙන රැකියා තියනවා කියලයි ආරංචිය.හැබැයි හැකින් නෙවෙයි එතිකල් හැකින්

ඉතින් නොදන්න අය අද ඉඳන්වත් ඇඩ්‍රස් බාර් එක බලලා ලොගින් නොවුනොත් ලොවිගහත් නැතිවෙයි. 

අහා තවදෙයක්.. දැන් ලංකාවෙත් ස්යිබර් ක්‍රයිම්ස් වලට එරෙහිව යුනිට් එකක් තියනවා.
SLCERT - මේකෙ ඔය වගේ ක්‍රයිම්ස් රිපෝර්ට් කරන්න අවශ්‍යය පහසුකම් තියනව. හැකින් කරන අයත් පරිස්සම් වුනොත් ඇඟට ගුණයි.  

Sunday, January 30, 2011

වැදි භාෂාව දන්නවාද? (දෙවන කොටස)

සරදියල් ඇත්තෝ ගේ බ්ලොග් පොජ්ජේ වැදි පොස්ට් පොජ්ජ හිත් පොජ්ජට මන්දො උනයි
පලමු කොටස  කට්ටියම කියවන්න ඇති කියලා හිතනවා' මෙන්න දෙවනි කොටස

සතුන් සදහා වැදි වහර 


  • බොටකදාලැත්තෝ - ගෝනා
  • චප්පිලැත්තෝ - කුරුල්ලා
  • මූකරයා - වදුරා
  • පන්නිලැත්තෝ - පනුවා
  • මච්චිලැත්තෝ - මැස්සා
  • කරියා - වලහා
  • ගොන් මඤ්ඤා - එළ හරකා
  • එඵ මඤ්ඤා - එලුවා
  • ගැටමන්දා - කිඹුලා
  • කටුකැච්චා - ඉත්තෑවා
  • හොමවලු මඤ්ඤා - අශ්වයා
  • ඔක්මා - කුලුමීමා
  • හොච්චදික්කා - ඌරා
  • හොටබරියා - ඌරා
  • මුන්චි - තලගොයා
  • කබරා- මුවා
  • ජීය මච්චා - මාලුවා
  • පොල්ලැච්චා - කොටියා
විවිධ ස්ථාන

  • කැලෑ පොජ්ජ - වනාන්තරය
  • රුකුල් පොජ්ජ - ගෙය
  • හේම් පොජ්ජ - හේන
  • වැව් පොජ්ජ - වැව
  • ගල් රුකුල් පොජ්ජ - ගල් ගුහාව
  • සාසන පොජ්ජ - පන්සල
  • කොලොම් පෝරුහම් පොජ්ජ - කොලඹ
  • ඉන්දියා පොරුගම් පොජ්ජ - ඉන්දියාව



විවිධ උපකරණ

  • මලාලීය - දුන්න
  • මොරියන් කැච්ච - ඊතලය
  • පෙට්ටි පොජ්ජ - පෙට්ටිය
  • පූච්චා කඩන යමකේ - තුවක්කුව
  • වේලා පොජ්ජ මන්දොවන යමකෙ - ඔරලෝසුව
  • කරුකරු ගච්චන යමකේ - පෑන
  • ගල් රක්කි - පොරව
මම අවා...
සරදියෙල් තුමනි..

Saturday, January 29, 2011

සරදියෙල් ලොවෙත් නෑ

උතුවන්කන්දේ සූර සරදියෙල් පසුගිය දින දෙකක පමණ කාලයක සිට ආගිය අතක් නොමැත (ලොවෙත් නැත ලොවි ගහෙත් නැත).
ඔහුගේ සිරා මූණුපොත් ගිණුමද අක්‍රියව ඇත.
ඊ මේල් පණිවිඩයකටද කිසිඳු ප්‍රතිචාරයක් නැත.
කරදරයක්ද නැතිනම් වාසියක්ද යනවගද ආරංචියක් නැත.
දුටුතැන ලොවි ගහ යටට රැගෙන එන්න.........

Thursday, January 27, 2011

කියවපල්ලා හිනාවෙයල්ලා :ඩී

කූබි සෙට් එකේ කතාව 

ඔන්න හැකරැල්ලෝ කැරපොත්තෝ ඉන්න භයානක කැලයක් තිබ්බා ලු!! ඒ කැලේ වෙච්ච සිද්ධියක් තමා මෙක !
ඔය කැලේ ගැන්සි බැහැපු කූබි 4 දෙනෙක් හිටියා ලු!! දවසක් ඔය කූබි සෙට් එක ගමනක් යද්දි දැක්කා ලු තමන්ගේ පාඩුවේ අතු කකා ඉන්න අලියෙක්
1 කූබියා.අඩෝ අරූ බලපන් කෝ! මට හිතෙනවා බං අරුව හොඩෙන් අල්ලලා කැලෙන් එලියට විසිකරන්න
2 කූබියා අඩෝ මටත් හිතෙනවා මූව නට්ටෙන් අල්ලලා පොලොවෙ ගහාන්න
3 කූබියා මොනවා කියනවා ද මම නම් ඔකාගේ කකුල් හතර උඩට හිටින්න හරවලා දෙනවා පයින්
4.කූබියා අඩෝ පව් බං අපි 4ක් ඒ පොර තනියම පාඩුවේ උට යන්න දීපන් බන්

උසාවියේදි

උසාවියේදි නඩුකාර තුමා පියදාස ගෙන් මෙසේ ඇසීය
යුශ්මතා මේ එන්නේ 4 වෙනී පාර නේ  ලජ්ජා නැද්ද

ලජ්ජාවෙන්නේ මොකටද ඔබතුමා හැමදාම එන්නේ

හැංගිමුත්තන් සෙල්ලම
ඔන්න අලියයි කූබියයි හැංගිමුත්තන් සෙල්ලම් කර කර හිටියා ලු! අලියා තමා හොයන්නේ ඔන්න අලියා තත්පරෙන් දැනගත්තා ලු කූබියා හැන්හිලා ඉන්නේ පන්සල ඇතුලේ කියාලා !! කොහොමද දැනගත්තේ?? කූබියා සෙරප්පු ගලවලා නේ ගිහිල්ලා තියෙන්නේ හික්ස්

Wednesday, January 26, 2011

ඔබ පිරිමියෙක් නම්


  1. තමන් පිලිබදව ආත්ම විශ්වාසය ඇති කරගන්න
  2. තමන් ගේ දුර්වලතා හදුනාගන්න
  3. කවදාවත් කාන්තාවට ලෙල්ලටම මල පැන්නත් කුනුහරුපෙන් බනින්න එපා
  4. කාන්තාවකට ප්‍රහාර එල්ල කරන්න එපා (ගහන්න යන වචනය මෙතනට නොගලපේ )
  5. කාන්තා හින්සනයට විරුද්ධ වන්න
  6. සෑම විටම අහුන්කන් දෙන්න පුරුදු වන්න
  7. උතුම් මිනිසුන් ගෙන් උතුම් ගතිගුන කොපි කරගන්න
  8. තමන් ගේ දේට මුල් තැන දෙන්න (රට ජාතිය ආගම පාසල පවුල )
  9. අන් ජාතීන් ආගම් විවේචන නොකරන්න
  10. පිලිවෙලකට ඇදුම් අදින්න (මට නැති එක )
  11. මත් පැන් පිලිබදව තමන් තීරනය කරන්න!!  පිරිමියෙක් නේ!! වෙන එවුන් ගේ උවමනාවට බීම නවත්තන්නවත් බීමට පුරුදු වන්නවත් එපා (කවුහරි බොන්න එපා කිව්වෝත් එගැන පොඩ්ඩක් සිතන්න
  12. තමාගේ සමාජ වගකීම තෙරුම් ගන්න
  13. සදාචාරය පිලිබද උපාධියක් ලබා ගන්න
  14. ජීවිතය විදින්න
  15. සැමවිටම තත්වික ලෙස සිතන්න
  16. කාන්තාවන් ට කරුණාව දක් වන්න 
  17. මම තරම් පොරක් තවත් නෑ යැයි සිතන්න (එහෙම කියලා නපුංසක වැඩ එහෙම කරන්න එපා )
  18. වැඩිහිටියන්ට ගරු කරන්න 
  19. මව පියා කිසිදිනක අමතක නොකරන්න
  20. සමාව දීමට පුරුදුවන්න (හැදෙන්නෙ නැති එකෙක් ට දෙන්න එපා )
  21. භාෂා දෙක තුනක් ඉගෙනගන්න
  22. තමාගේ රැකියා ස්ථානයට ආදරය කරන්න
  23. කරන දේ සතුටින් කරන්න (නැත්තන් කරන්න එපා )
  24. බස් එකේ එහෙම ගමන් කරන විට පොඩ්ඩක් අන් අය ගැන සිතන්න
  25. කෙල්ලෙක් හන්දා තමන් ගේ යාලුවන් අමතක නොකරන්න
  26. ආත්මාර්ථකාමී නොවන්න (මිනිහෙක් ට කෙලෙම වෙලා තියන කොට පොඩ්ඩක් උදව් කරන්න )
  27.   
  28.   
  29.   
  30.  
ඔන්න මම 4 ඉතුරු කරා කාන්තාවන් ට ඔවුන් පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙන දේ ලියන්න!!!
සහෝදරයිනී ලිස්ට් එක සම්පූර්ණ කරන්න


Monday, January 24, 2011

මෙන්න තවත් ලොවෙත් නැති එකෙක් "දොලේ"

සරදියෙල් ට හිතුනා මේ බ්ලොග් එකේ පොස්ට් දාන්න තව ලොවෙත් නැති එකෙක් හිටියොත් හොදයි කියලා !! මෙන්න මම එක්කෙනෙක් හොයා ගත්තා !! පොර තමයි " දොලේ " මල්ලි!! එල කිරි බුවෙක්!! එයත් මෙකේ පොස්ට් දායි අද ඉදන්!! එල නේ!!

මේ තමා දොලේ ! මේ පින්තුරේ දිහා බලලා දොලේ ගැන හිතා ගන්න
(දොලේ කියන්නේ පුටුවක් ද කියලා ගොන් කමෙන්ට් එහෙම දාන්න එපා! දොලේ කියන්නේ මිනිහෙක් )

වැදි භාෂාව දන්නවාද?

  • මිනිග්ගජ්ජු - මිනිසා
  • මේ ඇත්තෝ - තමන්ව ම හදුන්වාදීම
  • හූරා - මහත්තයා
  • නෑනී - මහත්මිය
  • අකුරුපොජ්ජ උගන්නන හූරා - ගුරුවරයා
  • කලුකොනම් වටලපු හූරා - පොලිස් නිලදාරියා
  • බුද්දල ඇත්තෝ - බුදුන්වහන්සේ
  • කපුවලැත්තෝ - හාමුදුරුවෝ
  • අප්පිලැත්තෝ - පියා
  • අම්මිලැත්තෝ - මව
  • සනුහරේ - පරම්පරාව
  • මචනලැත්තෝ - මස්සිනා 
  • පයිණ්ඩකාරි හූරා - ග්‍රමසේවක
වැදි බසින් ආහාර
  • වන්නි කුඩු - කුරහන් පිටි
  • වන්නි කැට - තලප
  • දෙපමුල්ලත්තන - බත් , වී , හාල්
  • කිරි ගෙජ්ජ - පොල්
  • බිත්තරතෙන - බිත්තර
  • ගයිගැට - පුවක්
  • පැණි ඇට පොජ්ජ - සීනී
ක්‍රියා පද
  • මංගච්චනවා - යනවා
  • කතා දමනවා - කතා කරනවා
  • කැවිල්ලානවා - කනවා , බොනවා
  • ඇනඋකාලනවා - දෙනවා
  • පටාරිනවා - හාරනවා 
  • ඔබා දමනවා - නටනවා
  • කරුකරුගච්චනවා - ලියනවා
  • ඇන්න මංගච්චය - රහෙනයනවා
  • මියඹටදමදවා - මරෙනවා
  • හිත් පොජ්ජට මන්දෝ වෙනවා - හිතෙනවා

සතුන් ගේ නම්
  • මූකරයා - වදුරා
  • කරියා - වලහා
(දෙවන කොටස බලාපොරොත්තු වන්න )

Thursday, January 20, 2011

චූටි කාලේ මම හොස්ටල් එකේ ගණන් හදපු විදිය

සරදියෙල් චූටි කාලේ උතුවන්කන්දේ ඉදන් ඉස්කෝලේ එන්න බැරි හන්දා පොඩිකාලේ මම හිටියේ ඉස්කෝලේ හොස්ටල් එකේ!!
ඒ කාලේ නම් එක පෙන්නන්න බෑ දැන් නම් ඉතින් ආසයි අයේ යන්න!!
ඔන්න ඉතින් හොස්ටල් එකේ ඉතින් කාලසටහනකට අනුව තමා වැඩ ඉතින්!!
කොහොම හරි හැන්දැවට හැමෝම ස්ටඩිහෝල් එකට ගිහිල්ලා පාඩම් කරන්න ඔනේ!!
 සිකුරාදායි සෙනසුරාදයි විතරයි ටීවී බලන්න දෙන්නේ (ඉස්කෝලේ ගියාම යාලුවෝ ටීවී එකේ කාටුන් ගැන කියද්දි පපුව පැලෙන්න එනවා ) අයියෝ ගණන් හදපු විදිය නේ කිව්වේ
මම එතකොට 2 හරි 3 ඇති!! ස්ටඩි ටයිම් එකට අපේ ඩෝම් එකේ හිටියේ පීරිස් මේට්‍රන් (පව් අප්පා එයා ලගදි මරුනා ) ඒ කාලේ නම් එයා තමා අපේ මෝහිනී අපි මාර බයයි!!
ඔන්න එයා අපිට එක එක වැඩ දෙනවා කරන්න කියලා ඒ කියන්නේ ගනන් එහෙම දෙනවා හදන්න ! අයියෝ කොම් පිට්ටු හදන කොල්ලොන්ට මොන ගනන් ද!!  (ඒ හුචු හුචු නෑ දෙන ගනන් හදන්න ඔනේ නැත්තම් ගුටි )
පොතේ ගනන් ටිකක් මේට්‍රන් මාක් කරලා දෙනවා අපි හදන්න ඔනේ
මට ඉස්සර අඩු කරන්න දන්නේ නෑ
උදා 1072 න් 26 ක් අඩු කරන්න තිබ්බා කියලා හිතන්න කෝ
ඔකේ 2 න් 6 අඩු කරන්න බෑ නේ එතකොට එහා පැතෙන් එකක් ගන්න ඔනේ නෙ! ඔය සීන් එක ඒ දවස් වල මට බෑ !! බෑ කියලා හදන්නේ නැතුව ඉන්න ද!! හදන්න එපැයි කොහොම හරි!! මම හැදුවා කොහොමද!! අච්චු පොතේ ගාන තියෙන්නේ 1072 න් 26 අඩු කරන්න කියලා මම ගනන් හදන පොතේ එක ලියන්නේ 1079 න් 26 අඩු කරන්න කියලා දැන් ඉතින් 9 න් 6 ක් අඩු කරන්න පුලුවන් නේ ඉතින් මෙහෙම හදලා මේට්‍රන් ට පෙන්නනවා

කොහොම හරි ඔන්න ඔය විදියට මම ටක් ගලා මුලු ගනන් පොතම දවස් ගානකින් හැදුවා මේට්‍රන් ට හෙන සැටිස් ඇයි අයින්ස්ටයින් හොස්ටල් එකෙන් බිහි වෙලා නේ!! හික්ස් මේට්‍රන් මාව හොස්ටල් එකේ ලොකු ෆාද ලගට එක්කගෙන ගිහිල්ල කිව්වා "දිස් බොයි ඩිඩ් ඔල් ද වර්ක් අයි ගේව්, හී ඉස් අ ජීනියස් කියලා!!  අඩේ මරු නේ!! මම නේ දන්නේ මම ගනන් හදපු විදිය
ඔක අහපු ෆාද මට පොත්කුයි පෑනකුයි දුන්නා!! ඒ මරු ලස්සනයි! ස්ටඩි වෙල් කිව්වා!  අයියෝ


ඉන්දියාවේ සහ බංගලාදේශයේ ක්‍රිකට් ලෝක කුසලාන තේමා ගීත





ක්‍රිකට් වල්ඩ් කප් කික් එකෙන් ඉන්න අයට මෙන්න.. ඉන්දියාවේ සිංදුවේ 0.25 කියන වචන ටිකට හිනා යනවා!!! (එකේ කිසිම නරක දෙයක් එහෙම නෑ හරිද ) බංගලාදේශයේ ගීතය නම් මට හිතට ඇල්ලුවා ඒක ලස්සනයි

Wednesday, January 19, 2011

අරාබි බීම ඇඩ් එක

රොහිත ගේ බිස්නස් එක

පින්තුරේ උඩ click කරලා කියවන්න

<meta name="alexaVerifyID" content="Hyq4UrFh6Yse08a-EhHWDOWRI2M" />

Tuesday, January 18, 2011

කොහොමද වල්ඩ් කප් ෆීවර් එක


කොදෙව් රටේ පොල් ගස් වල කරටි කඩන්න
නවසීලන්තේ තල් මසුන් ගේ හකු පන්නන්න
ඉන්දියාවේ කදු වල හිම දිය කරවන්න
කන්ගරුන්ට එන්න කියමු බදිරි කවන්න

එන්න රොත්ත පිටින් චට්නි හදන් එන්න!!!

අපේ කොල්ලෝ මේ පාර කප් එක උස්සයි නේ!! එලම කිරි

Monday, January 17, 2011

5 ශිෂ්‍යත්ව කාලේ මතකයන්

අර පොඩි කාලේ ලියන්න තිබිබේ කිරි බී වැඩෙන කිවිවම - ක්ෂීරපායින් කියලා

ඔහොම එකක අපේ පන්තියේ හිටපු ලමයෙක් මරු එකක් ලියලා තිබ්බා ප්‍රශ්නේ තිබ්බේ රාත්‍රි කාලයේ හැසිරෙන කියලා නිශාචර නේ!! මු ලියලා තිබ්බේ වනචර කියලා!! ඊට පස්සේ ගුරුතුමී හිනා වෙලා උට කිව්වා ඒ පුතා වනයේ හැසිරෙන තමා වනචර කියලා!! රාත්‍රි කාලයේ හැසිරෙන  නිශාචර   කියලා ( හැබැයි අරු කියපු කතාව හරි නේ)

තව එකක් අර පොඩි රචනා ලියන්න තියෙන්නේ 
මාතෘකාව තමා ධාරානිපාත වර්ෂාවකට හසුවුන දා කියලා!! එකෙක් ලියලා
ඒ පොර හිතලා තියෙන්නේ ධාරානිපාත කියන්නේ මිනිහෙක් ගේ නමක් කියලා!! එයා ලියලා මා දවසක් කඩේ යද්දි මගේ මිතුරා ධාරානිපාත පාසල ඉදිරිපිට බස් හොල්ට් එකේ හිටියා මම යාලුවාට කතා කරලා කඩේ ගියා !! කඩේ ගිය වෙලාවේ හොදටම වැස්සා!! එතකොට මට ධාරානිපාත මතක් උනා එයා තෙමිලා ඇති ලියලා!! ..... ඔහොම ආතල් එකේ දිගටම ලියලා

හික් හික්

7 වසරේ ගුරුතුමාගේ කතාව

සින්ඩියෙන් එක එක බ්ලොග් වල තියන කතා කියවද්දි තමා මටත් මෙවා මතක් වෙලා පොස්ට් කරන්නේ !! මේවා ඇත්ත කතා හන්දා සමහර වෙලාවට ඉතින් මෙලෝ රහක් නෑ ඉතින්!!
ඔන්න මම පොඩිකාලේ 7 සී පන්තියේ තමා හිටියේ ඔය පන්තිය බාර වෙලා හිටියේ සුගතදාස කියලා සර් කෙනෙක්!! එයා හරි කෙට්ටුයි ඉක්මනින් මල පනිනවා!! ඔන්න දැන් අපි 7 ඉදන් 8 සී පන්තියට ගියා!! දැන් අපි අටේ ඉන්නේ
මට හිටියා පිස්සු යාලුවෙක් ඔන්න දැන් අපිට පීරියඩ් එකක ට වෙන පන්තියකට යන්න උනා
ඔන්න දැන් මායි යාලුවයි 7 සී පන්තිය ලගින් යද්දි මගේ යාලුවා කිව්වා අඩෝ මේ වැලයාගේ පන්තිය නේ කියලා!! ( මු නිකන් එක කිව්වේ අපි මීට අවුරුදු 20 කලින් 7 හිටියා වගෙ ) මට එක තම මතකයි!
ඔක අහගෙන හිටියා කලු මල්ලි කියලා පන්ඩිතයෙක් 7 හිටපු පොඩි එකෙක්
ඔන්න දැන් අපි පන්තියකට ගියා
පාඩමත් කරගෙන යද්දි . කලු මල්ලි අපේ පන්තියට ඇවිල්ලා මගෙ යාලුවා ව අඩගහගෙන ගියා!!
ඔන්න අපිටත් ඉතින් ගානක් නෑ පීරියඩ් එක ඉවරවෙලා මෙන්න මු එනවා මූන අබුල් කරගෙන!!
අර කලු මල්ලි ගිහිල්ලා සර් ට කියලා සර් මෙන්නෙ මු සර් ට වැලයා කිව්වා කියලා!
සුගතදාස සර් මුට හොදටම ගුටිදීලා අහලා
තෝ මගේ අප්පද යකෝ මට නම් දාන්න කියලා!!
කලු මල්ලි ඊලග දවසෙ ඉස්කෝලේ ආවේ නෑ මගෙ හිතෙ!!!

Saturday, January 15, 2011

දොස්තරගෙන් පිස්සා ඉල්ලු දේ

ඔන්න දවසක් ඔන්න පිස්සන් කොටුව බලාගන්න දොස්තර ට රට යන්න වුනා පොඩි වැඩකට ඉතින් ඔය දොස්තර මහත්තයා හරි කරුනාවන්ත මනුස්සයෙක්.
පිස්සොන්ට උනත් හරි ආදරෙයි
 ඔන්න ඉතින් එක එක පිස්සොන්ට කිව්වා ලු මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද???? කියලා
ඔන්න ඉතින් එක එක පිස්සො එක එක දෙවල් ඉල්ලුවා ලු
එක පිස්සෙක් කිව්ව ලු අනේ දොස්තර මහත්තයෝ මට (තට්ටමක්) පුතක් ගේන්න කිව්වා ලු

එතකොට දොස්තර ට ඉතින් බනින්නත් බෑ නේ ඉතින් දොස්තර පිස්සාගෙ නම කියලා අහුවාලු මොකද?????? ඔයාට (පුතක්) කියලා එතකොට පිස්සා අයියෝ මහත්තයො මට දැන් තියන එකේ හිලක් මහත්තයෝ කිව්ව ලු

හික් හික්

Friday, January 14, 2011

පිස්සෝ දෙන්නගේ විහිලු කතාව

ඔන්න දවසක් පිස්සෝ දෙන්නෙක් පාරේ ගමනක් යද්දි බල්ලෙකුගෙ මලපහ(බෙත්තක්) තිබ්බලු!
එක පිස්සෙක් කිව්වා ලු .මචන් ඔන්න බෙත්තක් කිව්ව ලු!!
 අනිත් එකා කිව්වාලු උබට පිස්සුද මෙක බෙත්තක් නෙවේ කියලා!!
 (1)පිස්සා කියනවා ලු එක බෙත්තක් මයි කියලා (2 )පිස්සා නෑ මයි ලු කියන්නේ
ඉතින් (1) පිස්සා කිව්වා ලු මේක බෙත්තක්මයි කියලා (2) පිස්සා පස්සේ කිව්වා මේ මෙක කාලා බලපන් මෙක බෙත්තක් නෙවේ කියලා
ඉතින් (1) පිස්සා බෙත්ත පොඩ්ඩක් අරගෙන කාලා බලලා කිව්වා ලු මෙක බෙත්තක් යකෝ කියලා
 (2) පිස්සත් බෙත්තෙන් කෑල්ලක් අරගෙන කාල බලලා කිව්වා ලු මේක බෙත්තක් නෙවේ මචන් කියලා !!
 (2) පිස්සා පිලිගන්නෙම නෑ ලු එක බලු බෙත්තක් කියලා
පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා ( 2) පිස්සා කිව්වා ලු ඔව් බන් උඹ හරි එක බලු බෙත්තක් තමා කියලා
 පස්සේ (1) පිස්සා සතුටින් කිව්වා ලු එකනේ යකො මම උඹට කිව්වෙ කලින් ඔක බලු බෙත්තක් කියලා හොද වෙලාවට අපි පැගුවේ නැත්තෙ කියලා
 හික් හික් ලොල්

Thursday, January 13, 2011

මට සෙට් වෙච්ච සාත්තරකාරයා

ඔන්න දවසක් මම ගමනක් යන්න යද්දි කෝච්චි ස්ටේශන් එක ලග සාත්තර කියයන මිනිහෙකුයි ගෑනු 2නෙකුයි හිටියා .
මටත් ඉතින් කුතුහලෙටත් එක්ක සාත්තරකාරයාට අත දික් කරා .
මෑන්ස් අත දිහා බලලා කිව්වා
මල්ලි ට ගමෙන් පිට තමා අධ්‍යාපනය හරි යන්නේ තව මල්ලි ට ඇස් වහා තියනවා
 මල්ලි දෑන් ඉගිලෙන කුරුල්ලෝ 3 හිතා ගන්න කියලා. මම ඉතින් හිතා ගත්තා
මු මම හිතපු කුරුල්ලො 2 හරියට කිව්වා.. දැන් මෙක කියවන එක පොඩ්ඩකට නවත්තලා ඔයගොල්ලොත් කුරුල්ලො තුන්දෙනෙක් හිතා ගන්න කෝ..


 ගොඩක් අය හිතන්නේ
ගිරවා කපුටා මයිනා .. ඉතින් මු මට ඔක කියලා දෙවියෙක් ගේ රූපයක් උඩ රුපියල් දෙසීයක් කියලා ලියලා තිබ්බා මමත් ඉතින් හරකා වගේ එක දම්මා.. මු ඉතින් කුරුල්ලො  හරියට කිව්වා නේ.. ඉට පස්සේ මු කියනවා මල්ලි ගේ අස් වහා යන්න දෙහි ගෙඩි යක් කපලා නියපොත්තක අරගේන තුමන් හන්දියක දාන්න ලු.. මත් ඉතින් බූරුවා වගේ ඔවා අහගෙන හිටියා
ආ තව කිව්වා මට ස්වීප් එකක් ගන්න ලු පෙබරවාරි 15 පස්සේ මට එක සුබ වේයි ලු..
පොර හරි ඉන්ටරෙස්ටින් දෙවල් ටිකක කියාගෙන කියගෙන ගියා
පස්සේ මු තව දෙවියෙක් ගෙ රූපයක් පෙන්නලා මේ කව්ද කියලා අහුවා මම දන්නේ නෑ කිව්වා මම අත්තටම ඔව දන්නේ නෑ.. පස්සේ මු මට කියනවා ඒ පෙන්නපු දෙවියාට මොනවදො පූජා කරන්න ඔනේ ලු මම වෙනුවෙන් එක ට 350 ගානේ 3 පපුවට තද කරලා දෙව රූපේ උඩ තියන්න ලු..
මට තේරුනා මට කෙසේ වෙතත් මු හදන්නේ මගේන් ස්වීප් එකක් මුට දිනා ගන්න කියලා.. මම කිව්වා මගේ ලග නෑ කිව්වා ඉට පස්සේ මු කියනවා හදිස්සියකට තියා ගන්න සල්ලි දෙවියන් ට පූජා කරන්න ලු..
මම කිව්වා ඇයි මම දෙවියන් ට 200 ක් දුන්නේ කියලා එතනින් මාරු උනා.. අපරාදේ ඩෝ 200...
මුන් ගේ ලගට යන අපිට ගහන්න ඔනේ.. නොදකින්

ධර්මානුකූලව ජීවත්වෙමු

Wednesday, January 12, 2011

ඉන්දියාවේ කැම්පස් යන්න ආස අය ඇප්ලයි කරන්න

 (උසස් පෙළ) සම්පූර්ණ කල අයට ඉන්දියාවේ  උසස් අධ්‍යාපනයට පිවිසීමට ශිෂ්‍යත්ව කිහිපයක් මා උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙබි ‍්අඩවියේ දුටිමි..17 දිනට පෙර  ඇප්ලයි කරන්න
http://www.mohe.gov.lk/index.php?option=com_content&view=article&id=52&Itemid=71

Tuesday, January 11, 2011

යමන් බන්ඩෝ වල්ඩ් කප් බලන්ඩ


පෙබරවාරි 20 - ශ්‍රී ලංකාව vs කැනඩාව- හම්බන්තොට හීදි
පෙබරවාරි 23 - පාකිස්තානය vs කෙන්යාව හම්බන්තොට හීදි
පෙබරවාරි 26 - ශ්‍රී ලංකාව vs පාකිස්තානය - කොලඹ 
මාර්තු 1 - ශ්‍රී ලංකාව vs කෙන්යාව -  කොලඹ 
මාර්තු 3 - පාකිස්තානය vs කැනඩාව- කොලඹ 
මාර්තු 5-  ශ්‍රී ලංකාව vs ඔස්ට්‍රේලියාව - කොලඹ 
මාර්තු 8 - පාකිස්තානය vs  නවසීලන්තය - පල්ලේකැලේ
මාර්තු 10 - ශ්‍රී ලංකාව vs සිම්බාබ්වේ - පල්ලේකැලේ
මාර්තු  14 - පාකිස්තානය vs  සිම්බාබ්වේ -  පල්ලේකැලේ
මාර්තු  19- පාකිස්තානය vs ඔස්ට්‍රේලියාව - කොලඹ 
මාර්තු  24 -  දෙවන ක්වාටෆයිනල්-  කොලඹ
මාර්තු  29 -  පලමු සෙමිෆයිනල්-  කොලඹ