Friday, December 3, 2010

මානව පරිණාමය පිලිබද ඌරු වාදය

පරිසරයේ වෙසෙන කිසියම් ජීවී ගහනයක් සැලකූ විට එය කාලය සමග වෙනස් වී යාම පරිණාමය ලෙස හැදින්වේ..පරිණාමය සිදුවී ඇති පිලිවෙල පහදා දීම සදහා විවිධ මත ඉදිරිපත් වී ඇත. මෙවා පරිණාම වාද ලෙස හැදින්වේ.එවැනි වාද කිහිපයක් පහත දැක්වේ


ලැමාර්ක්ගේ පරිණාම වාදය

මොහුගේ මතයට අනුව පරිචිත ලක්ෂණ ඉදිරි පරම්පරාවලට ආවේණිගත වීමයි. මෙම මතය දැන් පිලිගන්නේ නැත.


ඩාවින්ගේ පරිණාම වාදය

චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදයට අනුව පරිණාමයට හේතුව වන්නේ ස්වාභාවික වරණය මගින් තේරුනු ජීවින් සතුව ඇති ප්‍රභේදන ඉදිරි පරම්පරා වෙතට ආවේණිගත වීමයි


සරදියෙල් Google හි දුටු මානව පරිණාමය පිලිබද ඌරු වාදය





මෙය පිලිබද දැනටමත් මහචාර්්‍යවරැ විසින් පරීක්ෂණ ආරම්භ කොට තිබේ

Thursday, December 2, 2010

මිහිපිට අපායේ (සිරගෙදර) අත්දැකීම් 2 වන ලිපිය

මුලින් ම මම කියන්න ඔනේ මම මේ ලිපිය ලියන්නේ කිසිදු දේශපාලනික අරමුණක් ඉටු කරගනීම ට නොවේ

 කට්ටියට මතකද මම ලියපු මිහිපිට අපායේ (සිරගෙදර) අත්දැකීම් ලිපිය... 

මට අද උදේ youtube පැත්තේ කැරකි කැරකි ඉද්දි.. අපේ නන්දා මාලනී මහත්මිය සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ගායනා කරපු ගීතයක් මගේ කනට වැටුනා... මම ලියපු ලිපිය ඇත්ත කියලා කට්ටියට තේරෙයි මේ ගීතය අහුවාට පස්සේ....


සීතල පොලොවම සිරි යහනක් වේවා
ගෝනි පඩංගුව මුදු පලසක් වේවා
ජේලර් මහතුන් නෑදැයෝ වේවා 
තැටියේ බත් පත දිවබොජුනක් වේවා....

මේ පේලි ටික ඇති හිරේ කොච්චර ජරා තැනක් ද කියලා කියන්න....
ජීවිතේටවත් ඔය අපායට යන්න හිතන්න එපා...