හම්ම්ම්ම්..... තාත්තා අද ගෙදර ආවෙ ඇස්දෙක රතු කරගෙන, එළවගෙන ඇවිත් තියෙන්නෙත් බොහොම අමාරුවෙන්. නෑ එයා අමද්‍යපයි, බීල නෙවෙයි ඇස් රතු වෙලා තියෙන්නෙ. ඇස්ලෙඩ ! උදේ හොඳට ගෙදරින් ගියා, ඒත් ඉතින් වෙලාව තමයි නේද?
හරි කතාවට බහිමුකෝ, ඔන්න එන ගමන් දොස්තරවත් මීට් වෙලා මොකක්ද බෙහෙතකුත් අරන් ආවෙ, ඇහැට දාන එකක්.
ඔන්න ඔය සමන්පිච්ච වතුර හොඳයි කියනවනෙ ඔය ඇස්ලෙඩ වලට අම්මත් ඉතින් මල්ලිටත් ඇහෙන්ඩ ඔය කතාව කියලා වතුර භාජනේකට සමන්පිච්ච මල් ටිකක් දාල කෑම මේසෙ උඩින් තිබ්බයි කියමුකෝ.
ඔන්න තාත්තා සාලෙ සෙටියෙ පොඩි ඇලට් එකක් දාගෙන මල්ලිට කතා කළා.
"චූටි පුතා, අර බෙහෙත් එකෙන් බිංදුවක් දාන්ඩකෝ.... ඔය රාක්කෙ ඇති..."
හරි ඔහොම ටික වෙලාවක් ගියා. තාත්තට ටිකක් තද වෙලා වගේ කතාකරන්ඩ පටන් ගත්තා...
"බෙහෙත් ටිකක් දාන්න කීව , එහෙම වැඩක්වත් කරන්ඩ බැයිද? මොනා වෙලාද මන්ද ! " ඔහොම මල්ලිට බනින්ඩ පටන් ගත්තා...
මල්ලි කියාපි "ඇයි මම දැම්මෙ....."
යකෝ තාත්තගෙ ඇස්දෙක තාත්ත දන්නෙ නැතිවයැ...
"කොයි වෙලාවෙද ?"
"කියපු ගමන්මයි.."
තාත්ත උඩි බිම බල බල " පිස්සුද චූටියා, දැම්මෙ නෑනෙ. කොහෙටද දැම්මෙ..? "
මල්ලි ගත් කටටම "අර සමන් පිච්ච වතුර එකට...." කියාපි.....
කාට කාටත් කට උත්තර නෑ.... තාත්තා පැය බාගයක් විතර බෙහෙත් දානකල් ඇස් දෙක බරුගහගෙන බලන් ඉඳල... මූ අර වතුර භාජනේට බෙහෙත් දාල.....
කොහෙද අයියගෙම මල්ලිනෙ.......
අද දින අමු අමුවේ වුනු සිරා සීන් එකක් අම්මප.....
Showing posts with label දොලේ ගේ පොස්ට්. Show all posts
Showing posts with label දොලේ ගේ පොස්ට්. Show all posts
Tuesday, February 8, 2011
Wednesday, February 2, 2011
ඉලංදාරියාට සවන් යුග වෙමු !
බ්ලොග් අහසේ සැරිසරද්දී තමයි මේ අනුවේදනීය කථාව මුණගැහුණේ. ඔබේ කන් දෙක මොහොතකට දෑතින් තද කරගන්න........... හැමදාටම ඔහොම උනොත්....? ඔබට දැනෙන ඒ හැඟීම හැබෑවටම විඳින ඉලංදාරියාට සරණක් වෙන්න...............
Subscribe to:
Posts (Atom)