Showing posts with label මම එඩිට් කරපු විහිලු කතා. Show all posts
Showing posts with label මම එඩිට් කරපු විහිලු කතා. Show all posts

Friday, February 4, 2011

සිමයියා හොද බේබද්දා!! එයාගේ වයිෆ් ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ ( විහිලු කතාව )

හොරකමින් කාලේ ගෙවන අර නොන්ඩි සිමයියායි එයාගේ පුතා බබයියායි, සිමයියාගේ අයියා කිච්චයියා,, ගල් පලෙන අලි බොරු කියන සිමයියාගේ සීයා ජේමිස් අයියා... මුන් සෙට් එකේ කතාවක් නෙවේ කියන්න යන්නේ..වෙන සිමයියෙක් ගැන කියන්න යන්නේ
සිමයියා ඉතින් හැමදාම හවසට පොඩි ශොට් එකක් දානවා !! ඉතින් කාන්තා පාර්ශවය ඔකට කොහොමටත් ඉතින් කැමති නෑ නේ!! ඉතින් බීලා ගිය හැම දාම සිමයියාට ගෙදර දුක් සීන්!!! කනක් අහිලා ඉන්න නෑ!! ඉතින් බීපු දවසට පොර සද්දයක් වත් නෑ!! මීයා වගේ ..බිව්වා ද කියලා ඇහුවාම
නෑ රත්තරන් පිස්සු ද?? මම බොනවා ද?
ඔන්න දවසක් ඔෆිස් එකේ පොරක් ගේ ෆෙයාවෙල් පාටියක් තිබ්බා!! බොන්න නෙවේ එක එක එක්කෙනා ට බුලිය ගානේ දීලා එකේ බැහලා නාන්න පුලුවන් තරමට බොන්න තිබ්බ ලු!!
 සිමයියා ශොට් එක දෙක දානවා !!! කන රත් වෙනවා!! හීන් ආතල් එකක් එනවා!! සින්දුවක් දෙකක් අහෙද්දි බුදු ෆන් එක!!!
දැන් සින්දුවත් එක්ක පොර ශොට් නෙවේ  හොදට කරටි කැඩෙන්න බීලා හිටියේ!! ඔන්න දැන් පොරට වයිෆ් වත් මතක් වෙනවා!!සිමයියා මොනවා උනත් වයිෆ් ට ආදරෙයි!! එයා දන්නවා වයිෆ් බනින්නේ ආදරේට කියලා!! පොර ඉතින් වයිෆ් කොච්චර බැන්නත් අහගෙන ඉන්නවා!!
සිමයියා ෆුල් (බැලැක්අවුට් ) දැන්!!!
ඔන්න පොර පාරට බැස්සා බස් එකක් ගන්න!! මුට කලින් පාර යනවා ඉස්සරහින් මු පාර අල්ලන්න දුවනවා! ගස් එහෙම මුත් එකක කතා කරන්න එනවා!! මු බය වෙලා!! අඩෝ අයේ නම් මම බොන්නේ නෑ මේ පිස්සු නේ මට වෙන්නේ!!
හුටා බස් නෑ!!! කොහොමද ගෙදර යන්නේ... ඔන්න පොර ගත්තා වයිෆ් ට කොල් එකක් (හනී!! අයි විල් බී ලේට් ටුඩේ අයි හැඩ් අ මීටින්!!!) වෙලාව කීයද 11 .30
වයිෆ් දැනගත්තා මූ හොන්දටමබීලා තමා කියලා!!
 ඔන්න ඇතින් බස් එකක් එනවා මූ එල්ලිලා ගියා ගෙදර!!  බස් එකම ගදයි!! බස් එකේ ඉන්න හැමොම බීලා සිමයියා බැන බැන බස්සා!!
ආ බස් එකේ ගිය සින්දුව කියන්න අමතක උනා නෙ!!! රටක් වටිනවා මගේ මව්පියො දෙන්නා මලක් සේම දඩි කරලා මට සැප දුන්නා මම කල පව් කියලා දෙපතුල දන වටිලා දඩි කල මව්ට වදිනවා!!
මේක අහද්දි සිමයියාට පපුව පැලෙන්න වගේ ආවා!! අම්මවටි තාත්තවයි මතක් වෙලා!!! කොහොම හරි පොර බස් එකෙන් බස්සා
ඔන්න පොර ගියා කටු කම්බියක් ඉබින්න!! හුටා මු!! තුවාල කරගත්තා පිටයි පස්සයි!!! මු ශේප් එකේ වේදනාව ඉවසගෙන ගෙදර ගියා.. වයිෆ් නිදි!! 1.30 නේ!! සිමයියා ගියා කන්නාඩිය ඉස්සරහට!!! කන්නාඩියෙන් බලාගෙන බෙහෙත් දාගත්තා!!! ටක් ගාලා ඇදට පැනලා නිදා ගත්තා!!!
සිමයියාට හෙන සැටිස් වයිෆ් දන්නේ නෑ නේ බිව්වා කියලා!!
හැබයි ඉතින් තුවාලේ තාමත් රිදෙනවා!!
ඔන්න උදේ උනා!! වයිෆ් ඇහුවා සිමා ඔයා ඊයෙත් බිව්වා නේ!!! ඔයා නම් හැඩෙන්නේ නෑ!!
 සිමයියා කිව්වා නෑ හනී මම බිව්වේ නෑ!!
බිව්වේ නෑ මම දැනගත්ත බීල තමා කියලා කන්නාඩියට බෙගෙත් දාලා තියන කොට හික්ස්!! මු ඩොප් වැඩිකමට කන්නාඩියෙන් බලාගෙන කන්නාඩියට බෙහෙත් දාලා

Wednesday, November 24, 2010

සිරිසේන සහ අඩි 6 කැරපොත්තා

සරදියෙල් අද ඔයගොල්ලොන්ට කියන්න යන ලොවෙත් නැති කතාව තමා සිරිසේන නගේ කතාව. ඔය සිරිසෙනයත් රත්නේ වගේම තමා කරටිකැඩෙන්න බොනවා .. හැමදාම බොතලයක් හරි බගයක් හරි ගහනවා මයි. ඔන්න දවසක් මිනිහා බොතලේම වගේ ගහලා ,තව අඩියක් විතර ඉතුරුවෙලා තියෙද්දි මිනිහගේ ඉස්සරහට ලොකු අඩි 6 ක විතර කැරපොත්තෙක් ඇවිල්ලා මිනිහාගෙ කනට ගැහුවාලු. ගහපු ගමන් කැරපොත්තා අතුරුදහන් වෙනවා ලු
ඊලග දවසේ මිනිහා බාගයක් ගහද්දි ,අයෙත් අර අඩි 6 කැරපොත්තා ආවලු , ඇවිල්ලා බඩට ගැහුවාලු
, මිනිහාට මෙක මර ප්‍රශ්නයක් ලු ,දැන් ඊලග දවසේ කෝප්පයක් විතරක් ගැහුවාලු, එතකොටත් ඊයේ සිද්ධියම ලු. මිනිහා ගේ එහාගෙදර ඉන්නේ මානසික වෛද්‍යවරයෙක්, ඉතින් මෙකට විසදුමක් ගන්න කියලා මිනිහා වෛද්‍යවරයගේ ගෙදරට ගියාලු,  ගිය ගමන් ම ඉතින් විස්තරේ කියන්නත් බෑ නේ, ඉතින් ආගිය තොරතුරු කතා කරාලු.. ඔය අතරේ සිරිසෙන වෛද්‍යවරයට කිව්වා ලු," මට මාර ප්‍රශ්නයක් තියනවා "කියලා අඩි 6 කරපොත්තා ගැන කිව්ව ලු,

එතකොට වෛද්‍යවරයා කිව්වා ලු.. ඔව් ඔව් මේ පැත්තේ ලොකු සතෙක් කැරකෙනවා තමයි, මමත් දැකලා තියනවා ,එක නේමේ සිරිසෙන මොකක් ද ඔයාට තියනවා කිව්ව ප්‍රශ්නේ කියන්න බලන්න කිව්වා ලු

ලොවෙහික් හික් ත් නෑ

මසුරාගේ මුදල් ( විහිලු කතාව )

අද සරදියෙල් කියන්න යන්නේ පිටරට වෙචච කතාවක්, ඔන්න එකමත් එක කාලෙක හිටියාලු මිනිහෙක්, එයා මුලු ජීවිතකාලෙම කලේ මුදල් හම්භ කරපු එක ලු , මුදල් කිව්වොත් ඉතින් මිනිහා මර පෙරෙතයෙක් ලු, මිනිහට ඉතින් සල්ලි දෙයියන් ගේ මල්ලි තමා , මොකෙක් ට වත් උදව් කරන්නේත් නෑ
මිනිහා මැරෙන්න යද්දි මිනිහා එයාගේ බිරිදට කතා කරලා මෙහෙම කිව්වා ලු. "මගේ අන්තිම කැමැත්ත තමා මම මැරුනම මගෙ සල්ලි ඔක්කොම මගේ මිනීපෙට්ටියට දාන්න . මම මැරුනම එවා මගෙත් එක්කම තියන එක තමා සතුට" කියලා මේ මසුරු මිනිහා කිව්වා ලු ,ඔන්න ඉතින් බිරිදත් මෙකට කැමති උනා ලු අන්තිම කැමැත්ත නේ , ඔන්න ඉතින් මිනිහා මැරුනා ලු , අවමංගල්‍ය දවසෙ මිනියට එහාපත්තේ බිරිදයි , බිරිදගේ හොදම යාලුවයි ඉන්නවා ලු ,ඔන්න ඉතින් අවමංගල්‍ය අධ්‍යක්ෂකලා මිනිය වහන්න යද්දි බිරිද පෙට්ටියක් ගෙනල්ලා මිනී පෙට්ටියට දැම්ම ලු ,
මෙක බලාගෙන හිටපු බිරිදගේ යාලුවා ඇහුවා ලු  "මම හිතන්නේ නෑ ඔයා සල්ලි ඔක්කොම මෙකට දැම්මා කියලා" එතකොට බිරිද කිව්වා ලු "මම හොදට ආගම දහම අදහනවා මේ මනුස්සයාගේ අන්තිම කැමත්ත නේ සල්ලි ඔක්කොම එයාගේ මිනීපෙට්ටියට දාන එක  ඉතින් මම ඔක්කොම සල්ලි මගේ ගිනුමට දාගෙන මම චෙක් කොලයක් පෙට්ටියෙ දැම්මා, එයා චෙක් කොලෙන් ඔන වෙලාවට එයාට සල්ලි ගන්න පුලුවන් නේ" කියලා හිනා උනා

Tuesday, November 23, 2010

රත්නේ සහ ( ABSOLUT VODKA) වොඩ්කා බොතලේ

ඔන්න ඒ කාලේ සරදියෙල් ගෙ ගමේ හිටියලු රත්නේ කියලා කිසිම දෙයක් ගැන හෙවිල්ලක්  බැලිල්ලක් නැතිව වැඩ කරන මනුස්සයෙක්
මිනිහට ඉතින් පිටරටින් කිව්වොත් ඔන දෙයක් රත්තරන්..
 හිස් මුදුනෙන් ම භාර ගන්නවා
රත්නේ මතට පොඩ්ඩක් විතර ලොල් වෙලා හිටියේ
 ගමේ පෙරන කසිප්පුත් හිටු කියලා ගසනවා ...
සමහර දවස් වල ඉතින් රත්නේ ගෙ කරටිත් නෑ ඉතින් බීලා..
 රුසියාවේ ඉදන් ලංකාවේ පරවල් හදන්න මහත්තයෙක් ආව   ඉතින් ඔය මහත්තයා නැවතිලා හිටියේ ඔය රත්නේ කියන මනුස්සයගෙ ගෙදර..
රුසියන් කාරයෝ හොද බේබද්දෝ කියලා රත්නේ අහලා තිබ්බා . ඒ වගේම මේ රුසියන් මහත්තයා ගේ අතෙත් වොඩ්කා බොතලයක් තිබ්බ
 හැම විනාඩි 5 කට සැරයක් ම මහත්තයා වොඩ්කා බොතලෙන් ටිකක් මහත ස්ට්‍රො එකකින් බොනවා.. ඔන්න දවසක් සරද්යෙල් ආව රත්නේවයි රුසියන් මහත්තයාවයි හම්බෙන්න
 ඉතින් තුන්දෙනා එලියේ මිදුලේ ඇවිදමින් කතා කරකර හිටියා
ඔය වෙලාවේ රුසියන් මහත්තයාට වොඩ්කා බොතලේ ඔනේ උනා.. රුසියන් මහත්තයා රත්නෙට කිව්ව අනේ රත්නේ මගෙ කාමරේ ඇති වොඩ්කා බොතලයක් ස්ට්‍රෝ එකක් දාපු ,එක අරගෙන එනව ද ?කියලා ඉතින් රත්නේ ගියා කාමරේට වොඩ්කා බොතලේ අරගෙන එන්න
 මිනිහාට වොඩ්කා පෙරෙතකමක් ඇවිල්ලා ස්ට්‍රෝ එක අයින් කරලා බොතලේ කටෙ තියගෙන ම උගුරක් දෙකක් බිව්වා
බීපු ගමන් ඉක්මනට රුසියන් මහත්තයා ලගට ගියා
. සරදියෙල් මෙක දැකලා අහුවා ඇයි මහත්තයෝ වොඩ්කා ස්ටෝ එකෙන් බොන්නේ කියලා
රුසියන් මහත්තයා මෙක අහලා මෙහෙම කිව්වා සරදියෙල් මේ වොඩ්කා නෙමේ මට සෙම අමාරුව තියනවා අපේ රටෙ හැමතැනම කෙල ගහන්න බැරි හන්දා මම සෙම ස්ටෝකෙන් බොතලෙට දනවා  එක මට ඉතින් පුරුද්දකට ගිහිල්ලා තියෙන්නේ.. එකයි මම යන යන තැන වොඩ්කා බොතලය අරගෙන යන්නේ කියලා.. මෙක අහපු රත්නේ ලොවෙත් නැති උනා .. එතනම වමනේ කරා.

පිට රට හැම දේම රත්තරන් නෙවේ හොදේ

සරදියෙල් සහ මහආචාර්ය තුමා (විහිලු කතාව)

ඒ කාලේ ,සරදියෙල්ගේ ගෙවල් පැත්තට ආවා  ලංකාවෙ වනාන්තර ගැන පරීක්ෂන කරන  සුදු මහත්තයෙක් රැජින ගේ රටේ ඉදන්..
 ඉතින් ඔය පරීක්ෂන  කරන්න යන්න මග පෙන්නන උනේ සරදියෙල් ට
 ඔය සුදු මහත්තයා හරි බුද්ධිමත් මහත්තයෙක් එයාට උපාධි ගොඩක් තියනවලු ,ඒ මහත්තයාට හොදට සිංහලත් පුලුවන්,
 ඔන්න දවසක් සරදියෙල් සහ මහත්තයා ගියා කැලේ ට,
රෑ බෝ වෙලා හන්දා සුදුමහත්තයාට ගිමන් හරින්න ටෙන්ට් එකක් ලොකු කුඩාරමක් අටෝ ගත්තාලු
ඔය වෙලාවෙ ඉතින් සුඩු මහත්තයා ට මහන්සි හන්දා සුදු මහත්තයා ගියාලු කූඩාරම ට නිදාගන්න
 සරදියෙල් ගියා ලු දර ටිකක් හොයන්න..
සරදියෙල් දර හොයගෙන එන කොට සුදු මහත්තයා හොදටම නිදි ලු
 සරදියෙල් සුදු මහත්තයා ව ඇහරවලා ඉවර වෙලා මෙහෙම ඇහුවාලු
මහත්තයෝ ඔබ තුමා ට අහස දිහා බලුවම මොකද හිතෙන්නේ කියලා

සුදු මහත්තයා ඔනෙ කමින් අහස දිහා බලාගෙන පොඩ්ඩක් හිතුවා ලු..
සරදියෙල් තාරකා ශස්ත්‍රයට අනුව නම් ග්‍රහලොක අනන්ත සංඛ්‍යාවක් තියනවා අපේ ග්‍රහලොකය එතනින් පොඩි වැලි කැටයක් විතරයි
කාලගුණවිද්‍යාත්මකව බලනවා නම් අපිට හෙට සුන්දර දවසක් වෙනවා නිසැකයි.
සරදියෙල් ට නම් මෙවා තේරෙනව ද දන්නෙ නෑ.. කියලා සුදුමහත්තයා උත්තර දුන්නලු
එතකොට සරදියෙල් සුදු මහත්තයා දිහා උපහාසත්මක විදියට බලලා මෙහෙම කිව්වාලු..
මහත්තයෝ මට ඔය ඔබ තුමගේ කාලගුණවිද්‍යාව තරකා ශාස්ත්‍රය තෙරෙන්නේ නෑ..
මම ඔබ තුමාට අහස දිහා බලන්න කිව්වේ ... පෙන්නේ නෑද්ද ඔබ තුමා නිදි අතරේ කව්දෝ ඔබ තුමාගෙ කුඩාරම හොරකන් කරලා එකයි ඔබ තුමාට අහස පෙන්නේ කුඩාරම තිබ්බනම් ඔබ තුමාට අහස පෙන්නේ නෑ නේ කියලා පැත්තකට ගිහිල්ලා සරදියෙල් හිනා උනා ලු