Showing posts with label මගේ අත්දැකීම්. Show all posts
Showing posts with label මගේ අත්දැකීම්. Show all posts

Wednesday, May 25, 2011

කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දෑම්මේ නෑ....හෙට කෙම මිඩ් ටර්ම් උත් තියනවා.... කමක් නෑ

මාර්තු වලින් පස්සේ හරියට බ්ලොග් ලිපියක් දාන්නත් බෑරි උනා අප්පා.. මම දන්නවා මේකේ මොඩ ජොක් තියෙන්නේ ඒ ත් ඉතින් මේ ලොකේ මොක්ක් හරි බලන්න ඈති නේ මම මොකද ගොන් පොස්ට් දාන්නේ නෑත්තේ කියලා... 
දෑන් මම නෑවතිලා ඉන්න තෑන තව යාලුවෝ 3 දෙනෙක් ඉන්නවා...  ඉතින් හරි ආතල් අප්පා.. උයාගෙන නේ කන්න ඔනේ.. දෑන් තමා ඉතින් අම්මාගේ කෑම වල අගේ දෑනෙන්නේ... උයාගන්න බෑරි උන දවසට කඩෙන් කන්න ගිහිල්ලා මාසේ වියදම ඉවර වේගන යනවා වගේ තේරුනාම තමා.. ඉතින් ල 0 කාව හොදයි යකෝ.. මොන එක කහනවාටද අපි මෙහෙට අවේ කියාල ඉතින් හිතෙනවා.. කරන්න දෙයක් නෑ.... අවුරුද 6 කට්ට කන්න වෙනවා...... 
ඔන්න ඉතින් යාලුවොත් එක්ක ඉද්දි ඉතින් පට්ට අතල් .. එක එකා එකෑක වෙලාවටනේ ඉතින් පාඩම් කරන්නේ.... ...එකෙක් ඔන්න ඈනටොමි හොදට පාඩම් කරලා.. නිදි ඔන්න .. මමයි තව එකෙකුයි ඈහෑරලා... මෙන්න .. නිදාගෙන හිටපු එකා .. මොස්ට් ඈන්ටීරිය පාර්ට් ඔෆ් ද වර්ටිබල්$$$$$$%%^^^^....... කියලා අයේ නිදා ගත්තා..  බුහහාඅහහහහහහ මූ ඈනටොමි හිනයක් දෑකලා.. හිනෙන් කියවනවා.... ඈයි තව එකෙක් දවස් 2ක් 3 ක් විතර නිදා ගන්නේ නෑතිව පිස්සෙක් වගේ පාරේ යනවා.. තෝන්තු වෙලා උට.... හික්ස්.. අනේ මේ..........මම යනවා
එල කිරි ෆුල් ෆිට් එකක් ආවා.. නිදිමත ගියා.... පාඩම් කරන්න.. ඔනේ......දෑක්කා නේ බ්ලොග් ලියන එකේ වාසිය.... නිදි මත යනවා

Thursday, February 24, 2011

ඉස්කෝලේ කාලේ මතකයන් (7 වසරේ)

අපේ ඉස්කොලේ අපර් ස්කූල් පටන් ගන්න්නේ 7වසරෙන්!!! ඉතින් අපර් ස්කූල් එකට ගිය අලුත අපි ඉතින් ප්‍රීෆෙක්ට්ස්ලාටයි අපෙ විනය බාර වෑද්දාටයි!!! වෑද්දා කියන්නේ ඒ සර් තමා මනමේ නාට්ටියේ වෑද්දාට රගපාන්නේ.. මම නම් ඒ නාට්ටිය බලලා නෑ.. කොහොම හරි අපි හරි බයයි..ඉතින් අපි ඉන්ටවල් එකට යනවා කෑලේට සෙල්ලම් කරන්න.. ඔය කෑලේ ඉවර වෙන්නේ අපේ ඉස්කොලේම නම් තියන බාලිකා පාසලේ ගොඩනෑගිලි වලින්.. ඔන්න ඉතින් අපි යනවා ඔය කලේට කෙසෙක් පේර එක එක අබ වගේ පලතුරු කන්න!! කෙසෙක්ගස් එහෙම පෙරලලා කෑන් කපලා! පොඩි කටු මෑටි ගෙයක් තිබ්බ එකෙ තියනව
අමු කෙහෙල් කන්න බෑ නේ.. ඔය කෑලෙන් තමා අයියලා ඉස්කෝලෙන් පනින්නේ.. අපි ඉතින් ඉස්කොලෙන් එලියටම ගිහිල්ලා බෙල් එක ගහුවම අයේ එනවා!! මෑටි හරක්..කොහොම හරි අපි සෙට් එකක් ගියා කෑලේ කෑල්ලට.. කොහොමහරි අපි බාලිකා පාසල ලගටම ගියා!! ඔන්න කෙල්ලෙ සෙට් එකකුයි ටීචර් එකෙකුයි ඉන්නවා!! ඉතින් අපිට මේවා තහනම් කලාප නේ ඔක දෑකලා කලබල උනු අපෙ එකෙක් කෙල්ලො සෙට් එකට ගලක් ගෑහුවා.. පිස්සෙක් නේ ගහලා දිව්වා..ඒ වෙලාවෙම ටීචර් අපේ පිනාට කෝල් එකක් ඩීලාද කොහෙද අපි ඉස්කෝලෙට යද්දිම ඉන්නවා අපෙ විනය බාර ගුරු තුමා.. විනය බාර ගුරු තුමා.. පුක පෑලෙන්න හොන්ද ගුටි දීලා ඒ පෑත්තට යන්න එපා කිව්වා!! අයියෝ අයෙත් අපිට ගෙඩි කන්න බෑරි උනා!!  අර ගල ගහපු එකාට පිස්සු ද මන්දා!! කෙල්ලෙක් දෑක්කාම  ගල් ගහන සිරිතක් තියනවා ද?

ඔන්න අර 7 වසරේ තියෙන්නේ ජීවන කුසලතා කියලා විශයක්!! ඒ කාලේ මගෙත් එක්ක හිටියෙ අපතයා කියලා එකෙක්!! ඔන්න එක කරන්න හිටියේ ටීචර් කෙනෙක්!! සර් කෙනෙක් හිටියානම් මම අද ලොවෙත් නෑ!!  ටීචර් කිව්වා ඔයගොල්ලොන්ටතියන ප්‍රශ්න ලියන්න කියලා!! මම ඉතින් ලිව්වා  දත ගලවනවා!!  ගල් කපනවා! පෙට්ටි කඩාගන්නවා ඔහොම එක එක කුනුහරුප ලිව්වා!! එක මම ටීචර් ට දෙන්න නේවේ ලිව්වෙ කොහොම හරි බෙල් එක ගහපුවා ම අපතයා ඒ කොලේ පෙට්ටියට දෑම්මා.. මට එක අයෙත් ගන්නත් බෑ .. අම්මේ ඊලග සතියෙ තමා ඔය ප්‍රශ්න ටික කියවන්නෙ!! මම ඉතින් අපතයා හොන්දටම අමත අමත සතියක් කන්නෙ නෑතිව හිටියා!! ටීචර් මෙක කියවලා වෑද්දාට ඩුන්නොත් වෑද්දා මට ගුටි දීලා පිනාට දෙයි ! ඊට පස්සෙ සතියක් ගෙදර ඉන්න වෙයි.. ඔහොම බය වෙලා හිටියෙ!!
ඔන්න ඊලග සතිය ආවා!! ටීචර් ගත්තාමගේ කොලේ!! පෙට්ටි කෑඩෙනවා!! ඉතින් අලුත් පෙට්ටියක් ගන්නකො!! ගල් කපනවා ඒ මොකක් ද?? සද්දේ ද ප්‍රස්නේ එක ට  කනේ ඈබයක් ගහගන්න!! දත ගලවනවා !!ඉතින් දත් නරක් උනාම ගලවන්නම වෙනවා නේ කිව්වා! එතකොට තමා මට ලේ ටිකක් ඉනුවේ!! ඔක සර් කෙනෙක් එහෙම කියෙව්වා නම් ලියපු එකාව කොහොම හරි හොයාගන්නවා!! පොත් වල අකුරු බලලා!! ලොවෙත් නෑ

Thursday, January 20, 2011

චූටි කාලේ මම හොස්ටල් එකේ ගණන් හදපු විදිය

සරදියෙල් චූටි කාලේ උතුවන්කන්දේ ඉදන් ඉස්කෝලේ එන්න බැරි හන්දා පොඩිකාලේ මම හිටියේ ඉස්කෝලේ හොස්ටල් එකේ!!
ඒ කාලේ නම් එක පෙන්නන්න බෑ දැන් නම් ඉතින් ආසයි අයේ යන්න!!
ඔන්න ඉතින් හොස්ටල් එකේ ඉතින් කාලසටහනකට අනුව තමා වැඩ ඉතින්!!
කොහොම හරි හැන්දැවට හැමෝම ස්ටඩිහෝල් එකට ගිහිල්ලා පාඩම් කරන්න ඔනේ!!
 සිකුරාදායි සෙනසුරාදයි විතරයි ටීවී බලන්න දෙන්නේ (ඉස්කෝලේ ගියාම යාලුවෝ ටීවී එකේ කාටුන් ගැන කියද්දි පපුව පැලෙන්න එනවා ) අයියෝ ගණන් හදපු විදිය නේ කිව්වේ
මම එතකොට 2 හරි 3 ඇති!! ස්ටඩි ටයිම් එකට අපේ ඩෝම් එකේ හිටියේ පීරිස් මේට්‍රන් (පව් අප්පා එයා ලගදි මරුනා ) ඒ කාලේ නම් එයා තමා අපේ මෝහිනී අපි මාර බයයි!!
ඔන්න එයා අපිට එක එක වැඩ දෙනවා කරන්න කියලා ඒ කියන්නේ ගනන් එහෙම දෙනවා හදන්න ! අයියෝ කොම් පිට්ටු හදන කොල්ලොන්ට මොන ගනන් ද!!  (ඒ හුචු හුචු නෑ දෙන ගනන් හදන්න ඔනේ නැත්තම් ගුටි )
පොතේ ගනන් ටිකක් මේට්‍රන් මාක් කරලා දෙනවා අපි හදන්න ඔනේ
මට ඉස්සර අඩු කරන්න දන්නේ නෑ
උදා 1072 න් 26 ක් අඩු කරන්න තිබ්බා කියලා හිතන්න කෝ
ඔකේ 2 න් 6 අඩු කරන්න බෑ නේ එතකොට එහා පැතෙන් එකක් ගන්න ඔනේ නෙ! ඔය සීන් එක ඒ දවස් වල මට බෑ !! බෑ කියලා හදන්නේ නැතුව ඉන්න ද!! හදන්න එපැයි කොහොම හරි!! මම හැදුවා කොහොමද!! අච්චු පොතේ ගාන තියෙන්නේ 1072 න් 26 අඩු කරන්න කියලා මම ගනන් හදන පොතේ එක ලියන්නේ 1079 න් 26 අඩු කරන්න කියලා දැන් ඉතින් 9 න් 6 ක් අඩු කරන්න පුලුවන් නේ ඉතින් මෙහෙම හදලා මේට්‍රන් ට පෙන්නනවා

කොහොම හරි ඔන්න ඔය විදියට මම ටක් ගලා මුලු ගනන් පොතම දවස් ගානකින් හැදුවා මේට්‍රන් ට හෙන සැටිස් ඇයි අයින්ස්ටයින් හොස්ටල් එකෙන් බිහි වෙලා නේ!! හික්ස් මේට්‍රන් මාව හොස්ටල් එකේ ලොකු ෆාද ලගට එක්කගෙන ගිහිල්ල කිව්වා "දිස් බොයි ඩිඩ් ඔල් ද වර්ක් අයි ගේව්, හී ඉස් අ ජීනියස් කියලා!!  අඩේ මරු නේ!! මම නේ දන්නේ මම ගනන් හදපු විදිය
ඔක අහපු ෆාද මට පොත්කුයි පෑනකුයි දුන්නා!! ඒ මරු ලස්සනයි! ස්ටඩි වෙල් කිව්වා!  අයියෝ


Monday, January 17, 2011

5 ශිෂ්‍යත්ව කාලේ මතකයන්

අර පොඩි කාලේ ලියන්න තිබිබේ කිරි බී වැඩෙන කිවිවම - ක්ෂීරපායින් කියලා

ඔහොම එකක අපේ පන්තියේ හිටපු ලමයෙක් මරු එකක් ලියලා තිබ්බා ප්‍රශ්නේ තිබ්බේ රාත්‍රි කාලයේ හැසිරෙන කියලා නිශාචර නේ!! මු ලියලා තිබ්බේ වනචර කියලා!! ඊට පස්සේ ගුරුතුමී හිනා වෙලා උට කිව්වා ඒ පුතා වනයේ හැසිරෙන තමා වනචර කියලා!! රාත්‍රි කාලයේ හැසිරෙන  නිශාචර   කියලා ( හැබැයි අරු කියපු කතාව හරි නේ)

තව එකක් අර පොඩි රචනා ලියන්න තියෙන්නේ 
මාතෘකාව තමා ධාරානිපාත වර්ෂාවකට හසුවුන දා කියලා!! එකෙක් ලියලා
ඒ පොර හිතලා තියෙන්නේ ධාරානිපාත කියන්නේ මිනිහෙක් ගේ නමක් කියලා!! එයා ලියලා මා දවසක් කඩේ යද්දි මගේ මිතුරා ධාරානිපාත පාසල ඉදිරිපිට බස් හොල්ට් එකේ හිටියා මම යාලුවාට කතා කරලා කඩේ ගියා !! කඩේ ගිය වෙලාවේ හොදටම වැස්සා!! එතකොට මට ධාරානිපාත මතක් උනා එයා තෙමිලා ඇති ලියලා!! ..... ඔහොම ආතල් එකේ දිගටම ලියලා

හික් හික්

7 වසරේ ගුරුතුමාගේ කතාව

සින්ඩියෙන් එක එක බ්ලොග් වල තියන කතා කියවද්දි තමා මටත් මෙවා මතක් වෙලා පොස්ට් කරන්නේ !! මේවා ඇත්ත කතා හන්දා සමහර වෙලාවට ඉතින් මෙලෝ රහක් නෑ ඉතින්!!
ඔන්න මම පොඩිකාලේ 7 සී පන්තියේ තමා හිටියේ ඔය පන්තිය බාර වෙලා හිටියේ සුගතදාස කියලා සර් කෙනෙක්!! එයා හරි කෙට්ටුයි ඉක්මනින් මල පනිනවා!! ඔන්න දැන් අපි 7 ඉදන් 8 සී පන්තියට ගියා!! දැන් අපි අටේ ඉන්නේ
මට හිටියා පිස්සු යාලුවෙක් ඔන්න දැන් අපිට පීරියඩ් එකක ට වෙන පන්තියකට යන්න උනා
ඔන්න දැන් මායි යාලුවයි 7 සී පන්තිය ලගින් යද්දි මගේ යාලුවා කිව්වා අඩෝ මේ වැලයාගේ පන්තිය නේ කියලා!! ( මු නිකන් එක කිව්වේ අපි මීට අවුරුදු 20 කලින් 7 හිටියා වගෙ ) මට එක තම මතකයි!
ඔක අහගෙන හිටියා කලු මල්ලි කියලා පන්ඩිතයෙක් 7 හිටපු පොඩි එකෙක්
ඔන්න දැන් අපි පන්තියකට ගියා
පාඩමත් කරගෙන යද්දි . කලු මල්ලි අපේ පන්තියට ඇවිල්ලා මගෙ යාලුවා ව අඩගහගෙන ගියා!!
ඔන්න අපිටත් ඉතින් ගානක් නෑ පීරියඩ් එක ඉවරවෙලා මෙන්න මු එනවා මූන අබුල් කරගෙන!!
අර කලු මල්ලි ගිහිල්ලා සර් ට කියලා සර් මෙන්නෙ මු සර් ට වැලයා කිව්වා කියලා!
සුගතදාස සර් මුට හොදටම ගුටිදීලා අහලා
තෝ මගේ අප්පද යකෝ මට නම් දාන්න කියලා!!
කලු මල්ලි ඊලග දවසෙ ඉස්කෝලේ ආවේ නෑ මගෙ හිතෙ!!!

Thursday, January 13, 2011

මට සෙට් වෙච්ච සාත්තරකාරයා

ඔන්න දවසක් මම ගමනක් යන්න යද්දි කෝච්චි ස්ටේශන් එක ලග සාත්තර කියයන මිනිහෙකුයි ගෑනු 2නෙකුයි හිටියා .
මටත් ඉතින් කුතුහලෙටත් එක්ක සාත්තරකාරයාට අත දික් කරා .
මෑන්ස් අත දිහා බලලා කිව්වා
මල්ලි ට ගමෙන් පිට තමා අධ්‍යාපනය හරි යන්නේ තව මල්ලි ට ඇස් වහා තියනවා
 මල්ලි දෑන් ඉගිලෙන කුරුල්ලෝ 3 හිතා ගන්න කියලා. මම ඉතින් හිතා ගත්තා
මු මම හිතපු කුරුල්ලො 2 හරියට කිව්වා.. දැන් මෙක කියවන එක පොඩ්ඩකට නවත්තලා ඔයගොල්ලොත් කුරුල්ලො තුන්දෙනෙක් හිතා ගන්න කෝ..


 ගොඩක් අය හිතන්නේ
ගිරවා කපුටා මයිනා .. ඉතින් මු මට ඔක කියලා දෙවියෙක් ගේ රූපයක් උඩ රුපියල් දෙසීයක් කියලා ලියලා තිබ්බා මමත් ඉතින් හරකා වගේ එක දම්මා.. මු ඉතින් කුරුල්ලො  හරියට කිව්වා නේ.. ඉට පස්සේ මු කියනවා මල්ලි ගේ අස් වහා යන්න දෙහි ගෙඩි යක් කපලා නියපොත්තක අරගේන තුමන් හන්දියක දාන්න ලු.. මත් ඉතින් බූරුවා වගේ ඔවා අහගෙන හිටියා
ආ තව කිව්වා මට ස්වීප් එකක් ගන්න ලු පෙබරවාරි 15 පස්සේ මට එක සුබ වේයි ලු..
පොර හරි ඉන්ටරෙස්ටින් දෙවල් ටිකක කියාගෙන කියගෙන ගියා
පස්සේ මු තව දෙවියෙක් ගෙ රූපයක් පෙන්නලා මේ කව්ද කියලා අහුවා මම දන්නේ නෑ කිව්වා මම අත්තටම ඔව දන්නේ නෑ.. පස්සේ මු මට කියනවා ඒ පෙන්නපු දෙවියාට මොනවදො පූජා කරන්න ඔනේ ලු මම වෙනුවෙන් එක ට 350 ගානේ 3 පපුවට තද කරලා දෙව රූපේ උඩ තියන්න ලු..
මට තේරුනා මට කෙසේ වෙතත් මු හදන්නේ මගේන් ස්වීප් එකක් මුට දිනා ගන්න කියලා.. මම කිව්වා මගේ ලග නෑ කිව්වා ඉට පස්සේ මු කියනවා හදිස්සියකට තියා ගන්න සල්ලි දෙවියන් ට පූජා කරන්න ලු..
මම කිව්වා ඇයි මම දෙවියන් ට 200 ක් දුන්නේ කියලා එතනින් මාරු උනා.. අපරාදේ ඩෝ 200...
මුන් ගේ ලගට යන අපිට ගහන්න ඔනේ.. නොදකින්

ධර්මානුකූලව ජීවත්වෙමු