Showing posts with label ලොවෙත් නෑ සිරාවටම. Show all posts
Showing posts with label ලොවෙත් නෑ සිරාවටම. Show all posts

Thursday, February 3, 2011

කොලඔ බදුල්ල දුවන උඩරට මැණිකේ කෝච්චියේ ගිහිල්ලා තියන අය පහල පින්තූර බලන්න

2 වසරට ගියපු අයට මේ කවිය මතක ඇති
කදු ගැට නැග නැග පල්ලම් බැස බැස
සද්දෙන් හොස හොස 
කෝච්චි එනවා...
(අමතක යි කවිය )
රඹුටන් අරගෙන
කොච්චියෙන් බැස තාත්ත එනවා





බංගලාදේශයේ පොඩි එවුන්ගේ තාත්තලා රඹුටන් අරන් එන්න බුදු දුකක් විදිනවා ඇති නේ

Saturday, January 29, 2011

සරදියෙල් ලොවෙත් නෑ

උතුවන්කන්දේ සූර සරදියෙල් පසුගිය දින දෙකක පමණ කාලයක සිට ආගිය අතක් නොමැත (ලොවෙත් නැත ලොවි ගහෙත් නැත).
ඔහුගේ සිරා මූණුපොත් ගිණුමද අක්‍රියව ඇත.
ඊ මේල් පණිවිඩයකටද කිසිඳු ප්‍රතිචාරයක් නැත.
කරදරයක්ද නැතිනම් වාසියක්ද යනවගද ආරංචියක් නැත.
දුටුතැන ලොවි ගහ යටට රැගෙන එන්න.........

Monday, January 24, 2011

මෙන්න තවත් ලොවෙත් නැති එකෙක් "දොලේ"

සරදියෙල් ට හිතුනා මේ බ්ලොග් එකේ පොස්ට් දාන්න තව ලොවෙත් නැති එකෙක් හිටියොත් හොදයි කියලා !! මෙන්න මම එක්කෙනෙක් හොයා ගත්තා !! පොර තමයි " දොලේ " මල්ලි!! එල කිරි බුවෙක්!! එයත් මෙකේ පොස්ට් දායි අද ඉදන්!! එල නේ!!

මේ තමා දොලේ ! මේ පින්තුරේ දිහා බලලා දොලේ ගැන හිතා ගන්න
(දොලේ කියන්නේ පුටුවක් ද කියලා ගොන් කමෙන්ට් එහෙම දාන්න එපා! දොලේ කියන්නේ මිනිහෙක් )

Friday, December 3, 2010

මානව පරිණාමය පිලිබද ඌරු වාදය

පරිසරයේ වෙසෙන කිසියම් ජීවී ගහනයක් සැලකූ විට එය කාලය සමග වෙනස් වී යාම පරිණාමය ලෙස හැදින්වේ..පරිණාමය සිදුවී ඇති පිලිවෙල පහදා දීම සදහා විවිධ මත ඉදිරිපත් වී ඇත. මෙවා පරිණාම වාද ලෙස හැදින්වේ.එවැනි වාද කිහිපයක් පහත දැක්වේ


ලැමාර්ක්ගේ පරිණාම වාදය

මොහුගේ මතයට අනුව පරිචිත ලක්ෂණ ඉදිරි පරම්පරාවලට ආවේණිගත වීමයි. මෙම මතය දැන් පිලිගන්නේ නැත.


ඩාවින්ගේ පරිණාම වාදය

චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදයට අනුව පරිණාමයට හේතුව වන්නේ ස්වාභාවික වරණය මගින් තේරුනු ජීවින් සතුව ඇති ප්‍රභේදන ඉදිරි පරම්පරා වෙතට ආවේණිගත වීමයි


සරදියෙල් Google හි දුටු මානව පරිණාමය පිලිබද ඌරු වාදය





මෙය පිලිබද දැනටමත් මහචාර්්‍යවරැ විසින් පරීක්ෂණ ආරම්භ කොට තිබේ