පලමු කොටස කට්ටියම කියවන්න ඇති කියලා හිතනවා' මෙන්න දෙවනි කොටස
සතුන් සදහා වැදි වහර
- බොටකදාලැත්තෝ - ගෝනා
- චප්පිලැත්තෝ - කුරුල්ලා
- මූකරයා - වදුරා
- පන්නිලැත්තෝ - පනුවා
- මච්චිලැත්තෝ - මැස්සා
- කරියා - වලහා
- ගොන් මඤ්ඤා - එළ හරකා
- එඵ මඤ්ඤා - එලුවා
- ගැටමන්දා - කිඹුලා
- කටුකැච්චා - ඉත්තෑවා
- හොමවලු මඤ්ඤා - අශ්වයා
- ඔක්මා - කුලුමීමා
- හොච්චදික්කා - ඌරා
- හොටබරියා - ඌරා
- මුන්චි - තලගොයා
- කබරා- මුවා
- ජීය මච්චා - මාලුවා
- පොල්ලැච්චා - කොටියා
- කැලෑ පොජ්ජ - වනාන්තරය
- රුකුල් පොජ්ජ - ගෙය
- හේම් පොජ්ජ - හේන
- වැව් පොජ්ජ - වැව
- ගල් රුකුල් පොජ්ජ - ගල් ගුහාව
- සාසන පොජ්ජ - පන්සල
- කොලොම් පෝරුහම් පොජ්ජ - කොලඹ
- ඉන්දියා පොරුගම් පොජ්ජ - ඉන්දියාව
විවිධ උපකරණ
- මලාලීය - දුන්න
- මොරියන් කැච්ච - ඊතලය
- පෙට්ටි පොජ්ජ - පෙට්ටිය
- පූච්චා කඩන යමකේ - තුවක්කුව
- වේලා පොජ්ජ මන්දොවන යමකෙ - ඔරලෝසුව
- කරුකරු ගච්චන යමකේ - පෑන
- ගල් රක්කි - පොරව
රුකුල් පොජ්ජ මන්දු කරපු දොහේ සරා ගොබිලා පෝස්ට් පොජ්ජ මන්දු කරලා. මේ හූරා වන්ගියක් දකින්න නූනේ කොයි වන්ගියක් දකින්න නූනේ කොයි පොජ්ජේ මක්බෑ උන හින්දද ?
ReplyDeleteමගේ කසින් ඇත්තෝ කසාද බැන්දා නොවෑ! ඒ වෙඩින් පොජ්ජට හෙලිප් කොරන්න මකබෑ උනා නොවෑයි!
ReplyDeleteඕනැම වචනෙ නෑ නොවැ.
ReplyDeleteමොකක් ද? ටොම්බෝයි ද? :D
ReplyDeleteOhh!!!
ReplyDeleteදැනුම් පොජ්ජට අලුත් කරුනු කාරණා මන්දඋනා....
ReplyDelete