Sunday, June 12, 2011

ප්‍රසන්ටේශන් එකක් ලස්සනට හදන්නේ කොහොමද?? දෙන්න මට උපදෙසක් Membrane Physics.... cell biology.... ,Anatomy

කවුරු හරි උගත් පින්වතෙක් ඉන්නවා නම් මට ප්‍රසන්ටේසන් එකක් ලස්සනට කරුනු එකරෑස් කරගෙන එවා කලමනාකරනය කරන විඩිය කියලා දෙනවාද??? ඔබලාගේ අදහස් ගොඩාක් වටිනවා...

තව උඩින් තියන සබ්ජෙක්ට් වලට අදාලව ප්‍රොජෙක්ට් එකක් කරන්න හොද මාටෘකාවක් කියනවාද?? මේ සබ්ජෙක්ට් ගෑන දෑනීමක් තියෙන්න එක්කෙනෙක් අදහස් ටිකක් දුන්නොත් බොහෝම පින්...

Membrane Physics.... na/k pump .. muscle constriction  membrane potential
cell biology.... , Apoptosis, vesicle transport , p53, Fertilisation
Anatomy


8 comments:

  1. 1. වැදගත්ම දේ තමයි තමන්ගේ ප්‍රේක්ෂකයා හදුනා ගැනීම. ඒ කියන්නේ මේ මාතෘකා ගැන මෙලෝ හසරක් දන්නේ නැති කෙනෙක්ට නම් ඉදිරිපත් කරන්නේ අපිට අයන්නේ ඉදන් කියන්න වෙනවා. ඒ නිසා ඔවුන්ට ගැලපෙන ලෙස මේක ගොනු කිරීම වැදගත්.
    2. Power point presentation එකට වාක්‍ය තොග පිටින් දාන්න එපා. අපි කථා කරන දේට අදාලව වැදගත් වචන, වාක්‍ය කොටස්, පින්තූර එක් කරන්න.
    3. මේගැන ටිකක් හෙව්වොත් තව විස්තර ගොඩක් හොයා ගන්න පුළුවන්.

    ReplyDelete
  2. සරදියෙල් නම මට හුරුයි.

    ප්‍රසන්ටේෂන් එකක් කරන විදිය ගැන පියවරෙන් පියවර කල පොස්ට් කිහිපයක් ගල්මල් අඩවියේ http://galmal.blogspot.com/, පවර්පොයින්ට් කියන ලේබලය යටතේ ලබාගන්න පුලුවන්.

    කොමන්ට් කරන්න බැරි ප්‍රශ්ණයක් නිසා බොහෝ විට මේ සටහන ඇනෝ හැටියට දාන්න වෙනවා.
    --ගල්මල්-Coral

    ReplyDelete
  3. අකුරු වල වර්ණය සහ පසුබිම් වර්ණය බලන පුද්ගලයාට ප්‍රිය ජනක වෙන්න හදාගන්න.. ලුමිනස් කලර් පාවිච්චි කරන්න එපා !

    ප්‍රසන්ටේෂන් එකේ මාතෘකා වලට , ඒවගේම ඒකේ ඔබ්ජෙක්ට් වලට Entrance , Emphasis , Exit යන අවස්ථා තුනේදීම ඇනිමේශන් ලබාදුන්නානම් වඩාත් හොඳයි .. සරල ඇනිමේෂන් පාවිච්චි කරන්න . ! විච්චූරන ඇනිමේෂන් ගන්න එපා !

    අකුරුවල සයිස් එක ගැන සැලකිලිමත් වෙන්න ..

    මාතෘකා ගැනනම් මම මෙලව දෙයක් කියන්න දන්නේ නෑ ! සොරි බං

    ReplyDelete
  4. මට නම් කියන්න තියෙන්නේ ප්‍රසන්ටේශන් එක ගොඩක් දිග වෙන්නත් හොද නෑ පටන් ගත්ත තැනම ඉවර වෙන්නත් හොද නෑ.

    තව එකක්. අපි යොදාගන්න පවර් පොයින්ට් ටෙම්ප්ලේට් එක ගොඩක් සරල වෙනවනම් හොදයි. මොකද ටෙම්ප්ලේට් එකට වඩා කරුණු වලට තමයි වැඩි තැනක් දෙන්න ඕනේ.

    කරුණු සරල වෙන්න ඕනේ. පොයින්ට් ෆෝම් එකෙන් තියෙනවනම් වඩාත්ම හොදයි. පින්තූර වගේ ඒවා දාලා විස්තර කරනවනම් වඩාත්ම හොදයි.

    තව දෙයක්. ස්ලයිඩ් වල තියෙන ඒවා කියවන්න එපා. ඒවා උපයෝගී කරගෙන තමන්ට ආවේනික රටාවකින් තමයි ප්‍රසන්ටේශන් එක කරන්න ඕනේ. ස්ලයිඩ් පාවිච්චි කරන්නේ අහන කෙනාට යම් කරුණක් මග ඇරුනොත් බලාගන්න විතරයි.

    ඇනිමේශන් නැති තරමටම හොදයි. ඒවා දැම්මට වැඩක් නෑ. ඒවා ගැන වැඩි තැකීමක් නෑ.

    කියන දේ සරලව නිරවුල් ව කියන එක වටිනවා. ඒක අහගෙන ඉන්න කෙනාට තෙරුම් ගන්න ලොකු පහසුවක්.

    සරදියෙල් මල්ලි ගේ ප්‍රසන්ටේශන් එකට ජය වේවා !!!!!!

    මාතෘකා ගැන මගේ දැනුම අල්පයි !!!!

    ReplyDelete
  5. අනෙ දෙයියා.. කරන ඒකක් පවර් පොයින්ට් වලන් කරපන්

    ReplyDelete
  6. සිගිතිJuly 3, 2011 at 8:46 AM

    සුභ පැතීමකින් පටන් අරන් ස්තූති කරල ඉවර කරන්න. ඇනිමේෂන් දාන එක නං හොද අදහසක් නෙමේ. ඒකෙන් අපිට තියන අවධානය ටිකක් විතර නැති වෙනව වගේම ඒවට ලකුණු ලැබෙන්නෙත් නෑ. කාලෙත් ටිකක් විතර නාස්ති වෙනව. පසුබිම සහ අකුරැවල පාට හොදට ගලපන්න. අකුරැ සයිස් එක හරිද කියල බලා ගන්න පොඩි ක්‍රමයක් තියනව. ප්‍රසන්ටේෂන් එක preview කරල computer screen එකෙන් මීටර් 2ක් විතර ඈතට ගිහින් බලන්න හොදට කියවන්න පැහැදිලිව පේනව ද කියල. එහෙම නං වැඩේ ගොඩ.
    ප්‍රේක්ෂකයාගේ ඇස් දිහා බලල කතා කරන්න. එතකොට එයාලට කම්මැලි හිතෙනව අඩුයි. මේ වැඩේට ජීවිතේට ප්‍රසන්ටේෂන් අහන් නැති ඈනුම් අරින එවුන් හැර හොද උනන්දුවක් තියන එවුන් ටිකක් තෝරගන්න. මේකට නියම සුදුස්සො තමයි අපිට ලකුණු දෙන අය. එයාලගෙ ඇස් දිහා බලන් අපි නිතර වැඩේ විස්තර කරන කොට එයාල හිතනව ‍මූ නං මේ මාතෘකාව ගිලල ඇවිත් තියෙන්නෙ කියල. එතකොට එයාල ප්‍රසන්ටේෂන් එක ගැන බොහොම සුබ වාදී විදිහට බලනව.
    තව දෙයක් මලයො, ප්‍රසන්ටේෂන් එකේ විස්තර වලට යන්න කලිං මේ ප්‍රසන්ටේෂන් එක බලන් හිටියොත් බලන අය මොනවද දැන ගන්නෙ කියල එකෝම එක ස්ලයිඩ් එකක් දාන්න පොයින්ට්ස් වලිං. ඒ වගේම ඉවර කරද්දි පැහැදිලිව ඉක්මණට ප්‍රසන්ටේෂන් එකේ කියපු දේවල් සාරාංශ කරන්න. ඒ වගේම ප්‍රෙක්ෂකයාට ප්‍රශ්න අහන්න විනාඩියක් දෙකක්වත් දෙන්න.(අපි මේකට අකමැති වුනාට ලකුණු දෙන අය මේ වැඩේට හරිම කැමතියි)
    දීල තියෙන කාලෙට වඩා වැඩිපුර නං ප්‍රසන්ටේෂන් එක කරන්න එපා. ලකුණු දෙන අයට යකා නගිනව.
    ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරන්න කලිං ස්ලයිඩ් ටික එක් තැන් කරගෙන තුන් හතර පාරක්වත් පෙර පුහුණුවක් කරන්න. නැත්තං එතන්ට ගිහිං වැඩේ දෙන්න හිටියට කර ගන්න බැරි වෙනව. ටයිම් මැනේජ්මන්ට් හරියට වෙන්නෙත් නෑ.
    මාතෘකා ගැන නං මෙ‍ලෝ හසරක් දන් නෑ බං.
    මේ වෙනකොට ප්‍රසන්ටේෂන් ඉවර ද දන්නෙත් නෑ. ඒත් අනිත් අයට ලියන්න බැරි වුනා කියල හිතිච්ච මේ ටික දැම්මෙ කැම්පස් ජීවිතේම ප්‍රසන්ටේෂන් එකක් වගේ හින්ද.
    ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල හිතනව.
    මලයාට ප්‍රසන්ටේෂන් භීතිකාව නැති වී ප්‍රසන්ටේෂන් හොදින් කිරීමට හැකි වේවා යි පතමි!!!

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්