Sunday, November 28, 2010

මධ්‍යසාර ඒ මොනවද ? අරක්කු ද? එහෙනම් කියවලා බලමු

කට්ටිය කරටි කැඩෙන්න ගැහුවාට සරදියෙල් දන්නවා ගොඩක් අය ඇල්කොහොල හා එහි කායික බලපෑම ගැන වැඩිය අවධානයක් යොමු කරන්නේ නෑ කියලා...
ඉතින් සරදියෙල් පොර වගේ කියන්න යන්නේ  කෙමිස්ට්‍රි පන්තියේ ඉගෙනගත්ත එවා ටිකක්

ඔක හදන විදිය කියනවා නම්..
saccharomyces cerevisiae (යීස්ට්)  කිසියම් සීනිමය උපස්තරයක් මත ඒ කිව්වේ පැනිරස දියරයක් කියමු කෝ මේ උපස්තරය මත ක්‍රියා කිරීම තුලින් මධ්‍යසාර  (එතනොල්) නිපදවේ
පොඩි එකා : අඩෝ සරදියල් බොරු කියන්න එපා ඩෝ!!! 
සරදියෙල් : අඩෝ පොඩි එකා මැදට පැනලා දෙන්නෙ නැතුවා මේක අහගෙන ඉන්න බැරි නම් ගියාට කමක් නෑ

රා හදන්නේ  ඔය තල් පොල් වගේ ගස් වල ප්ලොයමීය යුශ (තෙලිජ්ජ/ මීරා)වල සුක්‍රෝස් කියන සීනි තියනවා ඔය සීනි උඩ (යීස්ට්) ක්‍රියා කරලා එතනොල් (රා) හදනවා. මෙක නිර්වායුක ක්‍රියාවලියක්

C6H12O6  -----යීස්ට්-----------> C2H5OH +CO2
ග්ලුකෝස්-----යීස්ට්-----------> එතනොල්+කාබන් ඩයොක්සයිඩ්

වයින් බියර් ඔක්කොගෙම රසායනික ක්‍රියාවලිය මේක තමා
රා ආසවනයට ලක් කිරීමේන් තමා අරක්කු හදන්නේ


පොඩි එකා : ආ සරා කියයන්න බලන්න ඇයි බියර් තිත්ත කියලා
සරදියෙල් :ආ අහගන්නවා එහෙනම් බියර් හදන්නේ මෙහෙමයි!!!!!
මේකට ගන්නේ බාර්ලි බීජ ඔය බාර්ලි බීඡ 80 පමන උෂ්නත්වයක් උදුනකික් වෙලගන්නවා මෙකට එනම් වියලි බාර්ලි බීජ වලට කියන්නේ " මෝල්ට් " කියලා ඊට පස්සේ මොල්ට් අඹරා වතුර දාලා මික්ස් කරලා " වර්ට් " හදා ගන්නවා ඊට පස්සේ ඔකට මල් වර්ගයක් දානවා එක හන්දා තමා බියර් තිත්ත ඒ මල තමා
humulus lupulus ඊට පස්සේ ඉතින් උඩ ක්‍රියාවලිය ම තමා සිද්දවෙන්නේ


දෑන් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මෙවා උගුරෙන් පල්ලහාට ගියාම නේ මේවා

  • ඔ්‍ෂධ වර්ග වගේ ආමාශයේදි වැඩි ප්‍රමාණයක් ද අනෙක් කොටස අන්ත්‍රයේදීද අවශොෂණය වේ
  • සෝඩා වගේ කාබනීකෘත බීම සමග ගත්තම අවශොෂණ සීග්‍රතාව වැඩි වේ
  • ආමාශයේ කෑම තිබොත් අවශොෂණය පමා වේ
  • ජලය වැඩි පටක වලට මධ්‍යසාර විසරණය වීම වැඩිය
  • අවශොෂණයෙන් වහාම සුළු ප්‍රමාණයක් 10 % පෙනහලු දහඩිය මූත්‍රා මගින් පිටවේ
  • ඉතිරි 90 % පරිවෘත්තියට භාජනය වේ
  • සාමාන්‍ය මිනිසෙකුට පැයක කාලයකදි පරිවෘත්තියට භාජනය කරන්න පුලුවන් උපරිම සීමාවක් ඇත ඊට වඩා වැඩි වන ඇල්කොහොල්  මගින් ස්නායු හා අනුමස්තිෂ්කයේ ක්‍රියාකාරීත්වය අඩපණ කර මත් ගතිය ඇති කරයි
ශරීරයට හානි වෙන්නේ මෙහෙමයි

  • තනුක නොකල( අමුවෙන් )  පානයෙන් ආහාර මාර්ගයේ පටක හානි වීමේන් පස්සේ කාලේකදි පිලිකා තත්ව ඇති වේ
  • මොලය හා ස්නායු පද්ධතියට හානි වීමේන් තියෙන අබාධ තත්ව ස්ථාවර වේ
  • අකල් මරණ පවා ඇති වේ
මේ අනුව සරදියෙල් ට කියන්න තියෙන්නේ ඇල්කොහොල සාමාන්‍ය පානයක් ලෙස භාවිතා කිරීම යොග්‍ය නොවන බවයි





9 comments:

  1. ඕකනෙ කියන්නෙ. මඳ පමණට.මඳ පමණට.

    ReplyDelete
  2. අපිනම් ඕන් මධ්‍යසාර පානයට නෑ.තණමල්විල පැත්තෙනම් යනවා.

    ReplyDelete
  3. joint හදන විදිය නම් අපිට කියලා දුන්නේ නෑ... හික් හික්

    ReplyDelete
  4. හුහ්....... ඔය කිව්වට... ":පී"

    ReplyDelete
  5. machan mama dan aurudu gaanaka indan bonne amuwen, me sirada ban cancer seen eka. poddak update/details/link puluwan widiyata daapanko. please machan.

    ReplyDelete
  6. ඔව් ඔව් අමුවෙන් ගසන්න එපා!! පොඩ්ඩක් තනුක කරපන්!! බොනවා නම්

    ReplyDelete
  7. සරා .. ඔකට වඩා හොදයි නේද වැටෙි සුදා...
    100% ලාංකිකයි

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්