Monday, January 17, 2011

7 වසරේ ගුරුතුමාගේ කතාව

සින්ඩියෙන් එක එක බ්ලොග් වල තියන කතා කියවද්දි තමා මටත් මෙවා මතක් වෙලා පොස්ට් කරන්නේ !! මේවා ඇත්ත කතා හන්දා සමහර වෙලාවට ඉතින් මෙලෝ රහක් නෑ ඉතින්!!
ඔන්න මම පොඩිකාලේ 7 සී පන්තියේ තමා හිටියේ ඔය පන්තිය බාර වෙලා හිටියේ සුගතදාස කියලා සර් කෙනෙක්!! එයා හරි කෙට්ටුයි ඉක්මනින් මල පනිනවා!! ඔන්න දැන් අපි 7 ඉදන් 8 සී පන්තියට ගියා!! දැන් අපි අටේ ඉන්නේ
මට හිටියා පිස්සු යාලුවෙක් ඔන්න දැන් අපිට පීරියඩ් එකක ට වෙන පන්තියකට යන්න උනා
ඔන්න දැන් මායි යාලුවයි 7 සී පන්තිය ලගින් යද්දි මගේ යාලුවා කිව්වා අඩෝ මේ වැලයාගේ පන්තිය නේ කියලා!! ( මු නිකන් එක කිව්වේ අපි මීට අවුරුදු 20 කලින් 7 හිටියා වගෙ ) මට එක තම මතකයි!
ඔක අහගෙන හිටියා කලු මල්ලි කියලා පන්ඩිතයෙක් 7 හිටපු පොඩි එකෙක්
ඔන්න දැන් අපි පන්තියකට ගියා
පාඩමත් කරගෙන යද්දි . කලු මල්ලි අපේ පන්තියට ඇවිල්ලා මගෙ යාලුවා ව අඩගහගෙන ගියා!!
ඔන්න අපිටත් ඉතින් ගානක් නෑ පීරියඩ් එක ඉවරවෙලා මෙන්න මු එනවා මූන අබුල් කරගෙන!!
අර කලු මල්ලි ගිහිල්ලා සර් ට කියලා සර් මෙන්නෙ මු සර් ට වැලයා කිව්වා කියලා!
සුගතදාස සර් මුට හොදටම ගුටිදීලා අහලා
තෝ මගේ අප්පද යකෝ මට නම් දාන්න කියලා!!
කලු මල්ලි ඊලග දවසෙ ඉස්කෝලේ ආවේ නෑ මගෙ හිතෙ!!!

7 comments:

  1. කලු මල්ලිටත් වෙන්නේ සිරාම සිද්ධි තමයි. එල එල. කලු මල්ලිත් ලොවෙත් නෑ.

    ReplyDelete
  2. හික්.......වැලයා........

    ReplyDelete
  3. ඒ 7 සී එකේ මාත් හිටියලු..... මටත් ඔහොම සීන් එකක්ම වුනා, පොඩි පොයියක් දාල ෂේප් වුනා.... මම ඉතින් වැඩ්ඩානේ... :පී කලු මල්ලි කවුද කියන්ඩකෝ මත් දන්නවද බලන්ඩ.... මම එහෙම කිව්ව කියල කීවෙත් පොරද දන්නෙ නෑනෙ....

    ReplyDelete
  4. සිද්දි ලෙබ්බේJanuary 27, 2011 at 1:13 PM

    ඈයි එයාට වැලයා කියන්නේ

    ReplyDelete
  5. අපි සුගතදාස සර්ට කිව්වේ මලදාන කියල... ඇයි ඉතින් ඉන්නවද මැරිලද කියල තේරෙන්නෙත් නැහැ..මෙලෝ රහකුත් නැහැනේ.. පොර මට උගන්වලා නැහැ..අපි ලොකු පංතිවල හිටපු නිසා ෆ්‍රී පීරියඩ් වලට ඇවිත් බයිට් වෙලා ගිහින් තියෙනවා.. ;) .. මේ මල්ලිලා උසස් පෙළ කලේ කොයි කාලෙද ? ..මම 2001 ඉස්කෝලෙන් අයින් උනේ ..02 ත් කාලයක් ආවා ප්‍රිෆෙක්ට් වැඩ වලට..ඒ කාලේ අපර් ස්කූල් හිටියනම් මගෙන් සමහර විට ටොකු එහෙම කාලත් ඇති... :) ... මාරම හැපි මේ වගේ කතා කියවන කොට... ඉස්කෝලේ ඇවිල්ලා මාරම ස්පොට් එකක් මල්ලිලා..

    ReplyDelete
  6. මම 2010, සරදියෙල් 2009
    සරා ගුටි කාල ඇති මයෙ හිතේ.. අයිය සුදර්ශන අඉයගෙ බැච් එකේද?

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්