Thursday, January 13, 2011

මට සෙට් වෙච්ච සාත්තරකාරයා

ඔන්න දවසක් මම ගමනක් යන්න යද්දි කෝච්චි ස්ටේශන් එක ලග සාත්තර කියයන මිනිහෙකුයි ගෑනු 2නෙකුයි හිටියා .
මටත් ඉතින් කුතුහලෙටත් එක්ක සාත්තරකාරයාට අත දික් කරා .
මෑන්ස් අත දිහා බලලා කිව්වා
මල්ලි ට ගමෙන් පිට තමා අධ්‍යාපනය හරි යන්නේ තව මල්ලි ට ඇස් වහා තියනවා
 මල්ලි දෑන් ඉගිලෙන කුරුල්ලෝ 3 හිතා ගන්න කියලා. මම ඉතින් හිතා ගත්තා
මු මම හිතපු කුරුල්ලො 2 හරියට කිව්වා.. දැන් මෙක කියවන එක පොඩ්ඩකට නවත්තලා ඔයගොල්ලොත් කුරුල්ලො තුන්දෙනෙක් හිතා ගන්න කෝ..


 ගොඩක් අය හිතන්නේ
ගිරවා කපුටා මයිනා .. ඉතින් මු මට ඔක කියලා දෙවියෙක් ගේ රූපයක් උඩ රුපියල් දෙසීයක් කියලා ලියලා තිබ්බා මමත් ඉතින් හරකා වගේ එක දම්මා.. මු ඉතින් කුරුල්ලො  හරියට කිව්වා නේ.. ඉට පස්සේ මු කියනවා මල්ලි ගේ අස් වහා යන්න දෙහි ගෙඩි යක් කපලා නියපොත්තක අරගේන තුමන් හන්දියක දාන්න ලු.. මත් ඉතින් බූරුවා වගේ ඔවා අහගෙන හිටියා
ආ තව කිව්වා මට ස්වීප් එකක් ගන්න ලු පෙබරවාරි 15 පස්සේ මට එක සුබ වේයි ලු..
පොර හරි ඉන්ටරෙස්ටින් දෙවල් ටිකක කියාගෙන කියගෙන ගියා
පස්සේ මු තව දෙවියෙක් ගෙ රූපයක් පෙන්නලා මේ කව්ද කියලා අහුවා මම දන්නේ නෑ කිව්වා මම අත්තටම ඔව දන්නේ නෑ.. පස්සේ මු මට කියනවා ඒ පෙන්නපු දෙවියාට මොනවදො පූජා කරන්න ඔනේ ලු මම වෙනුවෙන් එක ට 350 ගානේ 3 පපුවට තද කරලා දෙව රූපේ උඩ තියන්න ලු..
මට තේරුනා මට කෙසේ වෙතත් මු හදන්නේ මගේන් ස්වීප් එකක් මුට දිනා ගන්න කියලා.. මම කිව්වා මගේ ලග නෑ කිව්වා ඉට පස්සේ මු කියනවා හදිස්සියකට තියා ගන්න සල්ලි දෙවියන් ට පූජා කරන්න ලු..
මම කිව්වා ඇයි මම දෙවියන් ට 200 ක් දුන්නේ කියලා එතනින් මාරු උනා.. අපරාදේ ඩෝ 200...
මුන් ගේ ලගට යන අපිට ගහන්න ඔනේ.. නොදකින්

ධර්මානුකූලව ජීවත්වෙමු

6 comments:

  1. උඹනෙ පිස්ස, ඕකුන්ට අහු වෙන්නෙ මොටද.
    දවසක් ගල්කිස්සෙදි මටයි මගෙ සහෝදරියටයිත් දෙතුන් දෙනෙක් ලස්සන සාත්තර කියාගෙන ආවනෙ. මගෙ යාළුවන්ටත් මැරෙන්ඩ හිනා. :D :D :D

    ReplyDelete
  2. ඒක නෙමෙයි, මේකෙ තියෙන widgets ටික ටිකක් පිළිවෙලට හදපන්කො.

    http://madhawaweblog.blogspot.com

    ReplyDelete
  3. පස්සේ මු මට කියනවා ඒ පෙන්නපු දෙවියාට මොනවදො පූජා කරන්න ඔනේ ලු මම වෙනුවෙන් එක ට 350 ගානේ 3 පපුවට තද කරලා දෙව රූපේ උඩ තියන්න ලු.

    යකෝ 3 කොහොමද බං පපුවට තියන්නේ. ඔන්න වෙන කාගෙ හරි පපුවකට නං තියන්න පුලුවන්. හික් හික්. උඹට තිබ්බෙ උබේ 3 එතන හිටපු අනිත් ගෑනු දෙන්නගෙන් කෙනෙක්ගේ පපුවේ තියන්න. එතකොට ලොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ.. ගහත් නb

    ReplyDelete
  4. mama hitagatta kurullo 3ma uba hariyata kiwwne

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්