Monday, January 24, 2011

වැදි භාෂාව දන්නවාද?

  • මිනිග්ගජ්ජු - මිනිසා
  • මේ ඇත්තෝ - තමන්ව ම හදුන්වාදීම
  • හූරා - මහත්තයා
  • නෑනී - මහත්මිය
  • අකුරුපොජ්ජ උගන්නන හූරා - ගුරුවරයා
  • කලුකොනම් වටලපු හූරා - පොලිස් නිලදාරියා
  • බුද්දල ඇත්තෝ - බුදුන්වහන්සේ
  • කපුවලැත්තෝ - හාමුදුරුවෝ
  • අප්පිලැත්තෝ - පියා
  • අම්මිලැත්තෝ - මව
  • සනුහරේ - පරම්පරාව
  • මචනලැත්තෝ - මස්සිනා 
  • පයිණ්ඩකාරි හූරා - ග්‍රමසේවක
වැදි බසින් ආහාර
  • වන්නි කුඩු - කුරහන් පිටි
  • වන්නි කැට - තලප
  • දෙපමුල්ලත්තන - බත් , වී , හාල්
  • කිරි ගෙජ්ජ - පොල්
  • බිත්තරතෙන - බිත්තර
  • ගයිගැට - පුවක්
  • පැණි ඇට පොජ්ජ - සීනී
ක්‍රියා පද
  • මංගච්චනවා - යනවා
  • කතා දමනවා - කතා කරනවා
  • කැවිල්ලානවා - කනවා , බොනවා
  • ඇනඋකාලනවා - දෙනවා
  • පටාරිනවා - හාරනවා 
  • ඔබා දමනවා - නටනවා
  • කරුකරුගච්චනවා - ලියනවා
  • ඇන්න මංගච්චය - රහෙනයනවා
  • මියඹටදමදවා - මරෙනවා
  • හිත් පොජ්ජට මන්දෝ වෙනවා - හිතෙනවා

සතුන් ගේ නම්
  • මූකරයා - වදුරා
  • කරියා - වලහා
(දෙවන කොටස බලාපොරොත්තු වන්න )

11 comments:

  1. දෙවන කොටස බලාපොරොත්තු වන්න සෝරෝ සහෝ

    ReplyDelete
  2. me blog ekath waddek ge!

    ReplyDelete
  3. මේ ඇත්තෝ හොදා

    ReplyDelete
  4. සිද්දි ලෙබ්බේJanuary 25, 2011 at 11:30 AM

    මරුනේ අප්පා

    ReplyDelete
  5. මරු ඈ.
    ගොඩක් කල් පොජ්ජ මන්දු කොරලා බ්ලොග් පොජ්ජ ලියා දමන්ට හිත් ලෑව එකත් මාම කැච්චක් හොදමයි !!!!

    ReplyDelete
  6. ඉතුරු ටිකත් බලලම කොමෙන්ට් එකක් දෙන්නම්

    ReplyDelete
  7. මේ ඇත්තන්ට ගම් පොජ්ජ මතක් වුණා මේ ලිපි පොජ්ජ බලාලා..අපේ ගම් පොජ්ජේ බාසාව නොවැ....
    අනිත් එකත් දාහල්ලකෝ ඕං අපිටත් බලන්ට..ආසාවේ බෑ හිත් පොජ්ජ නලියනවා බාසාව ඉගෙන ගන්ට ඕං...

    ReplyDelete
  8. ඔන්න උඹගේ පස්සෙන් පන්නන්නෝ අර්ද ශතකෙ ගැහුවෙ මං

    ReplyDelete
  9. දුන්නට කියන්නේ කොහොමද?

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්