Wednesday, January 26, 2011

ඔබ පිරිමියෙක් නම්


  1. තමන් පිලිබදව ආත්ම විශ්වාසය ඇති කරගන්න
  2. තමන් ගේ දුර්වලතා හදුනාගන්න
  3. කවදාවත් කාන්තාවට ලෙල්ලටම මල පැන්නත් කුනුහරුපෙන් බනින්න එපා
  4. කාන්තාවකට ප්‍රහාර එල්ල කරන්න එපා (ගහන්න යන වචනය මෙතනට නොගලපේ )
  5. කාන්තා හින්සනයට විරුද්ධ වන්න
  6. සෑම විටම අහුන්කන් දෙන්න පුරුදු වන්න
  7. උතුම් මිනිසුන් ගෙන් උතුම් ගතිගුන කොපි කරගන්න
  8. තමන් ගේ දේට මුල් තැන දෙන්න (රට ජාතිය ආගම පාසල පවුල )
  9. අන් ජාතීන් ආගම් විවේචන නොකරන්න
  10. පිලිවෙලකට ඇදුම් අදින්න (මට නැති එක )
  11. මත් පැන් පිලිබදව තමන් තීරනය කරන්න!!  පිරිමියෙක් නේ!! වෙන එවුන් ගේ උවමනාවට බීම නවත්තන්නවත් බීමට පුරුදු වන්නවත් එපා (කවුහරි බොන්න එපා කිව්වෝත් එගැන පොඩ්ඩක් සිතන්න
  12. තමාගේ සමාජ වගකීම තෙරුම් ගන්න
  13. සදාචාරය පිලිබද උපාධියක් ලබා ගන්න
  14. ජීවිතය විදින්න
  15. සැමවිටම තත්වික ලෙස සිතන්න
  16. කාන්තාවන් ට කරුණාව දක් වන්න 
  17. මම තරම් පොරක් තවත් නෑ යැයි සිතන්න (එහෙම කියලා නපුංසක වැඩ එහෙම කරන්න එපා )
  18. වැඩිහිටියන්ට ගරු කරන්න 
  19. මව පියා කිසිදිනක අමතක නොකරන්න
  20. සමාව දීමට පුරුදුවන්න (හැදෙන්නෙ නැති එකෙක් ට දෙන්න එපා )
  21. භාෂා දෙක තුනක් ඉගෙනගන්න
  22. තමාගේ රැකියා ස්ථානයට ආදරය කරන්න
  23. කරන දේ සතුටින් කරන්න (නැත්තන් කරන්න එපා )
  24. බස් එකේ එහෙම ගමන් කරන විට පොඩ්ඩක් අන් අය ගැන සිතන්න
  25. කෙල්ලෙක් හන්දා තමන් ගේ යාලුවන් අමතක නොකරන්න
  26. ආත්මාර්ථකාමී නොවන්න (මිනිහෙක් ට කෙලෙම වෙලා තියන කොට පොඩ්ඩක් උදව් කරන්න )
  27.   
  28.   
  29.   
  30.  
ඔන්න මම 4 ඉතුරු කරා කාන්තාවන් ට ඔවුන් පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙන දේ ලියන්න!!!
සහෝදරයිනී ලිස්ට් එක සම්පූර්ණ කරන්න


13 comments:

  1. 27. වැරැද්දක් කලොත් තමන් එය කලා යැයි පිළිගන්න.
    28. ඉවසීම ප්‍රගුණ කල යුත්තේ ගැහැණිය පමණක් යැයි නොසිතන්න.
    29. අම්මා තමන් රෑ වී එන තුරු ඇහැරීගෙන සිටින්නේ බනින්නට නොව පුතාට ඇති ආදරය නිසා බව සිතන්න.(මේක නම් හුඟක් පිරිමි ළමයින්ට අදාල දෙයක්)
    30. TV එකේ ඇත්තේ ක්‍රිකට් මැච් යන චැනල් එක පමණක් යැයි නොසිතන්න

    ඔන්න දැන් පිරිමි ළමයි මට විරුද්ධව අවි අමෝරා ගැනීම තහනම් හරිද

    ReplyDelete
  2. පිණිබිඳු දිය කර ගන්න ඕන වෙලා තමයි මේ... :D

    ReplyDelete
  3. 30 වෙනි එක පොඩ්ඩක් එඩිට් වෙන්න ඔනේ!!

    ReplyDelete
  4. "මත් පැන් පිලිබදව තමන් තීරනය කරන්න!!"

    අන්න මම කැමතිම එක ..මගේ බීම තීරනය කරන්න ඕන මම ..මට දැනුයි තේරුනේ

    ReplyDelete
  5. ක්‍රිකට් මැච් ගැන ගෑනු ලමයින්ට පුදුම තරහක් නෙව තියෙන්නෙ

    ReplyDelete
  6. mama Gahaniyek nam???

    ReplyDelete
  7. 30හේ තමයි ප්‍රශ්නේ.....

    ReplyDelete
  8. bashaa 2ka 3k igena ganna.habai thamange bashawata mulika thana denna.

    ReplyDelete
  9. කේල්ලෙක් බුට් 1ක් තිබ්බොත්.....

    ReplyDelete
  10. පිනි බිඳු හොද හෝටලයකින් කාලා නෑ වගේ ලගදී. ඔය හතර නම් නැතත් කමක් නෑ සරා...

    ReplyDelete
  11. දුරකථන ෙයන් කරදර කරන අයාෙල්යන බැංකු පාතාල ගෑණුන්ටත් ඒෙහම
    සලකමුද. ෙමතන තිෙයන්ෙන ගෑණිද පිරිමිද කියන ඒක ෙනෙවයි.
    තමන් හැසිෙරන්ෙන ෙකාෙහාමද කියන ඒකයි.ගැහැණිෙයක් දැනගන්න ඔ්න තමන් ගැහැණිෙයත් කියල ඒක අමතක කෙලාත් වැෙඩ් සුං..

    ReplyDelete
  12. @ ARUMAYA අරුමය :සහෝ මොකක් ද කේස් එක ! මම ඔයාගේ බ්ලොග් එක කියව්වා!! ගෑනු කෙනෙක් ද සද්දේ දැම්මේ

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්