Thursday, January 20, 2011

චූටි කාලේ මම හොස්ටල් එකේ ගණන් හදපු විදිය

සරදියෙල් චූටි කාලේ උතුවන්කන්දේ ඉදන් ඉස්කෝලේ එන්න බැරි හන්දා පොඩිකාලේ මම හිටියේ ඉස්කෝලේ හොස්ටල් එකේ!!
ඒ කාලේ නම් එක පෙන්නන්න බෑ දැන් නම් ඉතින් ආසයි අයේ යන්න!!
ඔන්න ඉතින් හොස්ටල් එකේ ඉතින් කාලසටහනකට අනුව තමා වැඩ ඉතින්!!
කොහොම හරි හැන්දැවට හැමෝම ස්ටඩිහෝල් එකට ගිහිල්ලා පාඩම් කරන්න ඔනේ!!
 සිකුරාදායි සෙනසුරාදයි විතරයි ටීවී බලන්න දෙන්නේ (ඉස්කෝලේ ගියාම යාලුවෝ ටීවී එකේ කාටුන් ගැන කියද්දි පපුව පැලෙන්න එනවා ) අයියෝ ගණන් හදපු විදිය නේ කිව්වේ
මම එතකොට 2 හරි 3 ඇති!! ස්ටඩි ටයිම් එකට අපේ ඩෝම් එකේ හිටියේ පීරිස් මේට්‍රන් (පව් අප්පා එයා ලගදි මරුනා ) ඒ කාලේ නම් එයා තමා අපේ මෝහිනී අපි මාර බයයි!!
ඔන්න එයා අපිට එක එක වැඩ දෙනවා කරන්න කියලා ඒ කියන්නේ ගනන් එහෙම දෙනවා හදන්න ! අයියෝ කොම් පිට්ටු හදන කොල්ලොන්ට මොන ගනන් ද!!  (ඒ හුචු හුචු නෑ දෙන ගනන් හදන්න ඔනේ නැත්තම් ගුටි )
පොතේ ගනන් ටිකක් මේට්‍රන් මාක් කරලා දෙනවා අපි හදන්න ඔනේ
මට ඉස්සර අඩු කරන්න දන්නේ නෑ
උදා 1072 න් 26 ක් අඩු කරන්න තිබ්බා කියලා හිතන්න කෝ
ඔකේ 2 න් 6 අඩු කරන්න බෑ නේ එතකොට එහා පැතෙන් එකක් ගන්න ඔනේ නෙ! ඔය සීන් එක ඒ දවස් වල මට බෑ !! බෑ කියලා හදන්නේ නැතුව ඉන්න ද!! හදන්න එපැයි කොහොම හරි!! මම හැදුවා කොහොමද!! අච්චු පොතේ ගාන තියෙන්නේ 1072 න් 26 අඩු කරන්න කියලා මම ගනන් හදන පොතේ එක ලියන්නේ 1079 න් 26 අඩු කරන්න කියලා දැන් ඉතින් 9 න් 6 ක් අඩු කරන්න පුලුවන් නේ ඉතින් මෙහෙම හදලා මේට්‍රන් ට පෙන්නනවා

කොහොම හරි ඔන්න ඔය විදියට මම ටක් ගලා මුලු ගනන් පොතම දවස් ගානකින් හැදුවා මේට්‍රන් ට හෙන සැටිස් ඇයි අයින්ස්ටයින් හොස්ටල් එකෙන් බිහි වෙලා නේ!! හික්ස් මේට්‍රන් මාව හොස්ටල් එකේ ලොකු ෆාද ලගට එක්කගෙන ගිහිල්ල කිව්වා "දිස් බොයි ඩිඩ් ඔල් ද වර්ක් අයි ගේව්, හී ඉස් අ ජීනියස් කියලා!!  අඩේ මරු නේ!! මම නේ දන්නේ මම ගනන් හදපු විදිය
ඔක අහපු ෆාද මට පොත්කුයි පෑනකුයි දුන්නා!! ඒ මරු ලස්සනයි! ස්ටඩි වෙල් කිව්වා!  අයියෝ


12 comments:

  1. අලේ මලු කලමේ.
    අපේ ගමේ ඇච්චො බැච්චොන්ටත් කියල දෙන්ට ඕන.

    ReplyDelete
  2. අඩේ මූව එල්ලන්න වටින්නේ. මේට්‍රන් වයි ෆා දර්වයි කඩේ ඇරලා තෑගිත් ගන්නවනේ

    ReplyDelete
  3. හි හි ...හිනාත් යනව

    ReplyDelete
  4. අනේ උඹනම්.......

    ReplyDelete
  5. සරදියෙල්ට දැන් ගණන් හදන්ට ඇහැකිද?

    ReplyDelete
  6. elaaaaa .. loweth na..
    saradiyel aiye ithin 1079 n 26 k adu karama uththare keeyada awe...
    ahmm matann awe 1050...

    ReplyDelete
  7. මරු ගනන් හැදිල්ල ඕයි ඒක, නියමයි,

    ReplyDelete
  8. අන්න ඒකනෙ අපේම මල්ලි කෙනෙක් කියන්නේ. ;)
    we're really gonna miss u moji.

    ReplyDelete
  9. ආ අක්කිත් මෙහෙමද ගනන් හැදුවේ

    ReplyDelete
  10. සරදියෙල් ඇන්තනිස් කොල්ලෙක් වගේ මට පේන්නේ... :) ..එල එල මාත් ඒකට තමයි ගියේ.... සන්තෝසයි ඉස්කෝලෙ කෙනෙක්ගේ බ්ලොග් එකක් දකින්න ලැබුණු එක ... දිගටම ලියන්න...

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්