Friday, November 12, 2010

මිහිපිට අපායේ (සිරගෙදර) අත්දැකීම්


සරදියෙල් මේ කියන්න යන්නෙ සරදියෙල් ගේ හොදම යලුවෙක් එයාට හිරේ ගැන කියපු අත්දෑකීමක් ඔයගොල්ලොන්ට කියන්න
 යාලුවගෙ නම කියනවනම් සමන් කියමු කෝ
 ගම නම් නුවර 
5වෙනි සිකුරාදා දීපවලි දවසේ සමන් මල්ලි ගියා එයාගෙ අන්ඩුරන අයියා කෙනෙක් හම්භ වෙන්න ගියා
 ඒ ගියේ සමන් මල්ලිගේ රස්සාවෙ ලියකියවිලි ටිකක් භාර දෙන්න 
ඒ වෙලාවෙ ඒ අයියා හිටියේ නුවර හොටලේ
 සමන් මල්ලිගෙ වැඩෙත් හදිස්සි හන්දා සමන් ගේ අයියා සමන් මල්ලිට නුවර හොටලේ ට එන්න කිව්වා සමන් මල්ලි ලියකියවිලි බර දුන්නා දවල් බඩගිනි වෙලාව හන්දා ඒ හොටලෙන් ම සමන් මල්ලි දවල් කෑම ගත්තා .
ඒ වෙලාවෙ ඔතනට පොලීසිය ආවා එතන හිටපු හැම එකාවම අල්ලලා පොලීසියට අරන් ගියා 
සමන් වුයි සමන් ගේ අයියි අයියාගේ ඔෆිස් එකේ 19 දෙනෙකුයි හොටෙල් එකේ මුරකාරයයි හොටෙල් එක වයරින් කරන්න අපු එක්කෙනයි ඔක්කොම අල්ලගෙන පොලිසියට ගියා
එතකොට වෙලාව 3 ට විතර අති. සමන් ලත් ඉතින් වරද්දක් කරපු නැති හන්ඩ කිසි බයකින් නෙවෙ හිටියේ.
අවුලක් නෑ නේ ලොවෙත් නැති වැඩක් කරේ නෑ නේ
 කොහොම හරි 5 වෙනකන් හිටියා. 19 දෙනා කෑගහනව කියලා දැම්ම ලොකප් එකට
ඊට පස්සේ පොලීසියෙන් කියන්න ගත්තා ඔයගොල්ලොන්ව අත්අඩන්ගුවට ගත්තෙ රාජ්‍ය දේපල අනිසිලෙස පරිහරනය කරා එක හන්දා හෙට උසාවි දානවා කියලා!
 බලද්දි වෙලා තියෙන්නෙ මෙකයි 
හොටෙල් එකේ අයිතිකරයා බද්ද ට අරගෙන තියෙන්නෙ ඔකෙ බදු කලය ඉවර වෙන්න ලගයි ලු. හැබයි තම ඉවර වෙලා නෑ ඊලන්ගට ඔක ගන්න තියෙන්නෙ වී අලවි මංඩලේ ට ලු! 
සමන් අතුලු පිරිස ලොරි ගෙනල්ලා වී හොරකන් කරා ලු!!!! 
ඔක තමා චොදනාව
සමන් ට දැන් ඇඩෙන්න වගේ .
නොකරපු වී හොරකමකට මු අහුවෙලා (හිනා යනවා තමා එත් හිනා වෙන්න එපා)...
ඔන්න ඉවසගෙන රැයක් ලොකප් එකෙ ගත කරා 
ඔන්න උසාවි ගියා පොලිසියෙන් චොදනා උසවියට කිව්වා රාජ්‍ය දේපල  පනත යටතේ කිව්ව ගමන් සෙනසුරාදා හන්දා ඇප දෙන්න නෑ කියල උසවිය කිව්වා
 මුන් 19 දෙනා ලබන සිකුරදා වෙනකන් බෝගම්බර හිර ගෙදර දැන් සමන් මල්ලිට ඇඩනවා හෝ ගාලා සමන් මල්ලි ගේ නැන්දා කෙනෙක් ඔක අහලා කලන්තේ දැම්ම
ඔන්න ඉතින් බය වෙච්ච පොඩි එකෙක් වගේ අස් උත් රතු කරගෙන  19 ‍දෙනා ගියා ..බෝගම්බර
 සමන් මල්ලි අංකයක් හම්බුනා 3435 රිමාන්ඩ් බන්ඩනාගරේ 7 කාබරේ ට සමන් මල්ලි තව 3 දෙනෙකුයි දැමමා සමන් මල්ලි ගේ මාමා හිටපු ජේලර් කෙනෙක් කෙනෙක් හන්දා එතන අඩුරන ජෙලර් ලා කීප දෙනෙක් ම හිටියා 
ඔන්න දැන් සමන් මල්ලි ගේ සරමයි ටීශෙර්ට් එකයි විතරයි අතේ තියෙන්නෙ තව අන්දන් හිටපු ඩෙනිම් කලිසමයි සමන් මල්ලි ට හිර ගෙදරන් පොඩි වාසියක් තිබ්බ හන්දා සමන් තව 10 දෙනෙකුයි එකම කාමරයකට දැම්මා 
කාමරේ දිග අඩි 8 පලල අඩි 5 විතර අති ලු 
පදුරක් දෙනවා ලු අන්ඩන් ඉන්න ඩෙනිම නමලා ඔලුව තියාගන්න ඔනේ ලු
 රිමාන්ඩ් බන්ඩනාගාරේට කියන්නෙ abc කියලා
අච්චු කරපු හිරකාරයෝ ඒ කියන්නේ ජම්පරේ අන්දින අයට තියනවලු කරන්න වැඩ..
  මල් පාටි .කොහු පාටි. වෙවැල් පාටි ..abc පාටි.. කියලා .
ඒ කියන්නෙ මල් පාටි නම් ඒ අයට ටියෙන්නෙ මල් වවන්න ලු 
කොහු පාටි අයට කොසු හඩන්න ලු
 ඒ වගේ abc පාටි ඒ අයට තියෙන්නේ රිමන්ඩ් බන්ධනාගාරෙ වැඩලු
 ඔය  abc පටි එකේ හිටියා මහින්ද අයියා කියලා සමන් ගෙ ගමේ එකෙක්
 ගමෙම 10 විතර ඉන්න හන්දා මහින්ද අයියාගෙනුත් හොද සප් එකක් සමන් ලට හම්බෙනවා
 එක හන්ඩා අනිත් හිරකාරයො සමන් ගෙ කට්ටියට මොනවත් කියන්න අවෙ නැල්ලු
හිරේ අතුලේ කාවවත් අන්ඩුරන්නෙ නැත්තුව අලුතින් ම හිරේ ගියොත් සම ලිංගික සේවන පාර සුවර් ලු මුන් 19 ‍දෙනා මහින්ඩ අයියා ව අන්ඩුරන හන්දා ලු බෙරුනේ
මෙන්න හිරේ කාල සටහන උදේ 6 ට සමන් අයියා අවිත් කාමරේ ඩොර අරිනවා ලු
 එටපස්සෙ පොලිම් ගැහෙන්න ඔනේ ලු ගනන් කරන්න
 ඊට පස්සේ 7'30 විතර බත් කපනවා ලු ඒ කියන්නෙ බත් බෙදනව ට ලු
 උදෙට සම්බොලයි බතුයි ලු 
හිර කාරයෙක් ම ලු බෙඩන්නේ 
අතින් ලු බෙදන්නේ අප්පිරියයි ලු 
 දවල් ට හරක්මසුයි මලුයි තම්බලා බත් එක්ක ලු
7'30 ට බත් කාලා 12 වෙනකන් 3 රූපයේ තියන මිදුලේ ඉන්න ඔනේ ලු
 කොරිඩොවේ ඇවිද ඇවිද 
ඔය වෙලාවේ තමයි නා ගන්න වැසිකිලි යන්න තියෙන්නෙ 
500 කට විතර තියෙන්නෙ වැසිකිලි 20 විතර ලු
 එක වැසිකිලියක වත් දොරවල් නැල්ලු
 හැමොටම පෙන්න ලු වැසිකිලි යන්න ඔනේ
 සමන් මල්ලි හිටිය දවස් 5 ටම වැසිකිලිය පත්තෙවත් ගියෙ නෑ ලු
 තව ටිකකින් මුට මල බද්දය වත් හදෙනවා 
ඔය වෙලාවෙ තමා නා ගන්න ඔනේ ටැන්කි 3 තියනවා ලු 
හයිය තියන එවුන් ඉක්මනට නා ගෙන ටැන්කිය ඉවර කරගන්නව ලු
පස්සේ ඉතින් ඔනේම නම් අච්චු කරපු හිරකාරයොන් ගේ නාන තැනට යන්න පුලුවන් 
එකට එන්නේ නුවර වැවේ වතුර ඒවයෙන් නානවට වඩා හොදයි නාන්නේ නැතුව ඉන්නවා 
ඊට පස්සේ 12 ට අයෙත් කාමරෙට දාලා වහනවා 2 ක වෙනකන් අයෙත් මිඩුලේ 5 වෙනකන් 
ඊටපස්සේ 5 වහනවා කමරේ දාලා අයේ උදේ 6 ට අරින්නේ 
ඔය වෙලාවේ වැසිකිලි යන්න උනොත් හිර කරගෙන ඉන්න වෙනවා
 චූ කරන්න බාල්දියක් තියනවා
 එකට චූ කරලා උදේට විසික්කරන්න ඔනේ
ආ කියන්න අමතක උනා 7'30 උදේට ප්ලෙන් ටී වුයි අතට සීනි හම්බෙනවා ලු
ගාඩ් ලා කතා කරන්නෙම අම්මා මතක් කරලා ලු
 කුනුහරුපෙන් ගාඩ් ලා අංකෙ කියද්දි ගියේ නැත්තන් ඉවර ලු

ගාඩ් ලා ඉස්සරහා සරම නමා ගෙන ඉන්න බරි ලු
 එහෙම හිටියොත් කන පලෙන්න දෙනවා ලු 
රිමන්ඩ් එකේ හිරකාරයොන් ව සතියෙ දවස් 5 බලන්න පුලුවන් ලු
 විනාඩි 5 ලු
 අච්චු හිරකාරයෝ මාසේට එකපාරයි ලු
 පිට අයට බලන්න පුලුවන්
තව හිරේ අධිආරක්ෂිත කලාපයක් තියනවා ලු
 එකේ 6 ක් ඉන්නව ලු පොට්ට නවුෆර් උත් ඉන්නේ එකේ ලු
රිමාන්ඩ් එකේ හිරකාරයෝ ගහ ගන්නවා ලු එතකොට ගාඩ් ලා අවිලලා දෙන්නටම ගහනවා ලු

හිරේ කාමරේ අතුලේ හිලක් තියනවා ලු ඒ හිලෙන් උඩ තියන කාමරේ ඉන්න අයත් එක්ක කතා කරන්න පුලුවන්
 හිරේ ඉන්න එවුන් සිගරට් නෑ නේ
 ඉතින් මුන් අලුත් ලොකල් ලියලා පත්තරවල ඔතපු දුම්කොල දාලා එකක් හදනවා ලු
 තව ඉතින් ගංජා කුඩු බිස්නස් එහෙම ගජරාමෙට යන්වා ලු
 සතියට 15000 ක් විතර හොයන හිරකාරයොත් ඉන්නවා ලු
අර වැලිකඩ හිරකාරයෝ පොලීසියේ ඉන්න අයට ගහපු වෙලාවෙ සමන් මල්ලි හිටියේ බෝගම්බර ' හිරකාරයොන් ට පොලීසියෙ පේන්න බැරි ලු ගාඩ් ලා ට ගරු කරනව ලු 
සමන් මල්ලි ට නම් ගතකරපු දවස් 5 අපායේ හිටියා වගේ ලු 
කොහොම හරි නඩු දවසෙ පොලීසියට නඩුකාරයා හොදට බැන්නා ලු කරපු මැටි වැඩට අහින්සකයො 19 ක් හිරේ දවස් 5 තිබ්බට එහෙම කියලා සමන් මල්ලි ලා ව නිදහස් කලා ලු! 
සමන් මල්ලි තව දවස් ටිකක් හිරෙ හිටියනම් අනිවාරෙන් ම මැරෙනවා ලු කියාලා කිව්වා.
 සමන් මල්ලි කිව්වා එයාව එයා අදහන දෙවියන් ලු බෙිරුවෙ 
මෙතන රුපියල් 2000 ගෙවා ගන්න බැරුව අවුරැඩු ගනන් ඉන්න අහින්සක හිරකාරයොත් ඉන්නවා ලු 
මිහිපිට අපාය ලොවෙත් නෑ ලු








7 comments:

  1. අපය පෙන්නනෙ මෙතන විතරයි මෙතනට ගිය එකෙක් විතරයි මෙතන රස දන්නෙ

    ReplyDelete
  2. ඇඩෙනවා නේ බොල... අච්චු කරපු හිරකාරයො අනික් හිරකාරයොයි අතර වෙනස ???

    ReplyDelete
  3. අච්චු කරපු හිරකාරයො ජම්පරේ අදිනවා.. අනිත් එවුන් සරම.. එච්චරයි විදින්නේ එකම දුක

    ReplyDelete
  4. අච්චු කරපු සිරකරුවන් අනෙකුත් සිරකරුවන් කියල දෙජාතියක් මම දන්න අයුරින් නොමැත.. (මාතර හිරගෙදර විතරක්ද දන්නෙ නෑ හැබැයි)
    සමාන්‍යයෙන් සිර කරුවන් සෑම කෙනාම වගේ ජම්පර් හෝ සරමක් ඇඳීම අනිවාර්යයි (ඔතනත් ලොකු කතාවක් තියෙනවා).. අනෙකුත් අය සැක කරුවන්..

    ReplyDelete
  5. අපොයි දෙය්යනේ. වැරද්දක් කරපු උන්නම් දුක නෑ ඉතින්. එත් මේ මොකක්වත් කරපු නැතිඋන්. අර සමලිංගික කතාව ඇහුවායින් පස්සේ දාඩියත් දැම්ම බොල...... සිරාවට.
    අපිවත් කවද හරි ගෙනිච්චොත් මම මගදිම මැරෙනවා.......

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්