Tuesday, November 23, 2010

සරදියෙල් සහ මහආචාර්ය තුමා (විහිලු කතාව)

ඒ කාලේ ,සරදියෙල්ගේ ගෙවල් පැත්තට ආවා  ලංකාවෙ වනාන්තර ගැන පරීක්ෂන කරන  සුදු මහත්තයෙක් රැජින ගේ රටේ ඉදන්..
 ඉතින් ඔය පරීක්ෂන  කරන්න යන්න මග පෙන්නන උනේ සරදියෙල් ට
 ඔය සුදු මහත්තයා හරි බුද්ධිමත් මහත්තයෙක් එයාට උපාධි ගොඩක් තියනවලු ,ඒ මහත්තයාට හොදට සිංහලත් පුලුවන්,
 ඔන්න දවසක් සරදියෙල් සහ මහත්තයා ගියා කැලේ ට,
රෑ බෝ වෙලා හන්දා සුදුමහත්තයාට ගිමන් හරින්න ටෙන්ට් එකක් ලොකු කුඩාරමක් අටෝ ගත්තාලු
ඔය වෙලාවෙ ඉතින් සුඩු මහත්තයා ට මහන්සි හන්දා සුදු මහත්තයා ගියාලු කූඩාරම ට නිදාගන්න
 සරදියෙල් ගියා ලු දර ටිකක් හොයන්න..
සරදියෙල් දර හොයගෙන එන කොට සුදු මහත්තයා හොදටම නිදි ලු
 සරදියෙල් සුදු මහත්තයා ව ඇහරවලා ඉවර වෙලා මෙහෙම ඇහුවාලු
මහත්තයෝ ඔබ තුමා ට අහස දිහා බලුවම මොකද හිතෙන්නේ කියලා

සුදු මහත්තයා ඔනෙ කමින් අහස දිහා බලාගෙන පොඩ්ඩක් හිතුවා ලු..
සරදියෙල් තාරකා ශස්ත්‍රයට අනුව නම් ග්‍රහලොක අනන්ත සංඛ්‍යාවක් තියනවා අපේ ග්‍රහලොකය එතනින් පොඩි වැලි කැටයක් විතරයි
කාලගුණවිද්‍යාත්මකව බලනවා නම් අපිට හෙට සුන්දර දවසක් වෙනවා නිසැකයි.
සරදියෙල් ට නම් මෙවා තේරෙනව ද දන්නෙ නෑ.. කියලා සුදුමහත්තයා උත්තර දුන්නලු
එතකොට සරදියෙල් සුදු මහත්තයා දිහා උපහාසත්මක විදියට බලලා මෙහෙම කිව්වාලු..
මහත්තයෝ මට ඔය ඔබ තුමගේ කාලගුණවිද්‍යාව තරකා ශාස්ත්‍රය තෙරෙන්නේ නෑ..
මම ඔබ තුමාට අහස දිහා බලන්න කිව්වේ ... පෙන්නේ නෑද්ද ඔබ තුමා නිදි අතරේ කව්දෝ ඔබ තුමාගෙ කුඩාරම හොරකන් කරලා එකයි ඔබ තුමාට අහස පෙන්නේ කුඩාරම තිබ්බනම් ඔබ තුමාට අහස පෙන්නේ නෑ නේ කියලා පැත්තකට ගිහිල්ලා සරදියෙල් හිනා උනා ලු

4 comments:

  1. හි,හි පට්ට කතාව. ලොවෙත් නෑ...................

    ReplyDelete
  2. kuudarama loweth nathuwa athi ne....?

    nice stories eka... hiki hiki...

    ReplyDelete
  3. මම නම් අහල තියෙන්නෙ ෂර්ලොක් හෝම්සුයි වොට්සනුයි දාල..

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්