Wednesday, November 24, 2010

මසුරාගේ මුදල් ( විහිලු කතාව )

අද සරදියෙල් කියන්න යන්නේ පිටරට වෙචච කතාවක්, ඔන්න එකමත් එක කාලෙක හිටියාලු මිනිහෙක්, එයා මුලු ජීවිතකාලෙම කලේ මුදල් හම්භ කරපු එක ලු , මුදල් කිව්වොත් ඉතින් මිනිහා මර පෙරෙතයෙක් ලු, මිනිහට ඉතින් සල්ලි දෙයියන් ගේ මල්ලි තමා , මොකෙක් ට වත් උදව් කරන්නේත් නෑ
මිනිහා මැරෙන්න යද්දි මිනිහා එයාගේ බිරිදට කතා කරලා මෙහෙම කිව්වා ලු. "මගේ අන්තිම කැමැත්ත තමා මම මැරුනම මගෙ සල්ලි ඔක්කොම මගේ මිනීපෙට්ටියට දාන්න . මම මැරුනම එවා මගෙත් එක්කම තියන එක තමා සතුට" කියලා මේ මසුරු මිනිහා කිව්වා ලු ,ඔන්න ඉතින් බිරිදත් මෙකට කැමති උනා ලු අන්තිම කැමැත්ත නේ , ඔන්න ඉතින් මිනිහා මැරුනා ලු , අවමංගල්‍ය දවසෙ මිනියට එහාපත්තේ බිරිදයි , බිරිදගේ හොදම යාලුවයි ඉන්නවා ලු ,ඔන්න ඉතින් අවමංගල්‍ය අධ්‍යක්ෂකලා මිනිය වහන්න යද්දි බිරිද පෙට්ටියක් ගෙනල්ලා මිනී පෙට්ටියට දැම්ම ලු ,
මෙක බලාගෙන හිටපු බිරිදගේ යාලුවා ඇහුවා ලු  "මම හිතන්නේ නෑ ඔයා සල්ලි ඔක්කොම මෙකට දැම්මා කියලා" එතකොට බිරිද කිව්වා ලු "මම හොදට ආගම දහම අදහනවා මේ මනුස්සයාගේ අන්තිම කැමත්ත නේ සල්ලි ඔක්කොම එයාගේ මිනීපෙට්ටියට දාන එක  ඉතින් මම ඔක්කොම සල්ලි මගේ ගිනුමට දාගෙන මම චෙක් කොලයක් පෙට්ටියෙ දැම්මා, එයා චෙක් කොලෙන් ඔන වෙලාවට එයාට සල්ලි ගන්න පුලුවන් නේ" කියලා හිනා උනා

3 comments:

දාමු බලන්න කමෙන්ට් එකක්